Saturday, March 21, 2009

සරසවි සමය

හිරිපොද වැටෙනා වැස්සට 
එක සීරුව දුව ගෙන ගොස් 
මල් වැසසේ මල් පොකුරින් 
හිත සැරසූවයි


නිල් අහසේ වලා වියන 
සෙවණට අප එක් වීලා
හිත පුරාම අව් රැස්සක 
උණුසුම වින්දයි


පෝදා සඳ කිරණ පෙරෙන 
සොඳුරු සවස පියමන් කර
සල් සෙවණේ සල් පොහොට්ටු 
සුවඳ හැඳුනුවයි


කැකුළු පිපෙන සැණකෙළියේ 
මී විතකින් තරව බැඳුණු
සදාතනික සුවඳ දෙවන 
බැඳුම සිහිවුණයි
(2006)

1 comment:

  1. ඇත්තටම වසනතය තිබුනේ කැම්පස් කාලේ කියලා මටත් හිතෙනවාර ගනනම් අනන්තයි මචං.
    ලස්සන පදවැල් ටික.
    /නිශාන්ත

    ReplyDelete

රාජාලිය

 රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...