Showing posts with label lyrics. Show all posts
Showing posts with label lyrics. Show all posts

Saturday, March 21, 2009

නින්නාද ගීතය

නින්නාදය වනාහි කොළඹ වෛද්‍ය පීඨයෙහි කලා හැකියාවන් එළිදක්වන රඟ මඬලයි. රටෙහි වූ බියකරු තත්ත්වයන් හමුවෙහි වසර 1999, එනම්, නින්නාදයෙහි සතරවන දිගහැරුම අපට අහිමි විය. සියළුම කටයුතු නිමවා තිබූ, කිසි දින දිග නොහැරි, නින්නාදයේ පිළිගැනීමේ ගීතය මෙලෙසින් මා අතින් ලියැවිණි.


අඬසඳ සුදිලෙන පසුයම් වේලෙක
සරස්වතිය වැඩ හිඳිනා මේ බිම
දූ දරු කැලගෙන් ඔබහට පුද දෙන
නින්නාදය සවනට ගෙන එන්නා


එකසිය විසිවස් කල් පැවතීලා
ජීවක කුලයට උපත සදාලා
ඔද්දල් ජීවිත පණ ගැන්වූ ලෙස
ඔද්දල් සිත් යළි පණ පොවමු


සත්සර හඬවන නව නළු නාටක
ගිගිරි ගීතයෙන් සරසන්නේ
නුදුටු විරාමය දෙනෙත පාන්නට
නින්නාදය මෙලෙසින් ඇරුඹේ
(1999)

රාජාලිය

 රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...