Showing posts with label short stories. Show all posts
Showing posts with label short stories. Show all posts

Friday, March 29, 2024

රාජාලිය

 රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසාගේ පිටේ වැදී නතර විය. "ආව්, ඒ මොකද්ද?" ඔහු විමසීය.

රාජාලිය ගල් මිනිසා සමග මිතුරු වූයේ දශකයකට පමණ පෙරාතුව මිස මෑතක නම් නොවේ. එකල රාජාලිය යන්තම් ළමා විය ඉක්මවූ නවයොවුන් කිරිල්ලියක වූවාය. රාජාලියක සතු තේජාන්විත භාවය මැනවින් ප්‍රකට කලද, අත්දැකීම් මඳකම නිසා ඇතැම් විට දඩයම්කාරිය වෙනුවට දඩයම බවට පත් වීමට ඇයට සිදු විය. 

ගල් මිනිසා දැවැන්ත ජීවියෙකි. ඔහු කිසිවකින් සැලෙන බවක් පෙනෙන්නේ නැත. හේ ඉක්මන් ගමණින් කිසිවක් නොකරයි. හැමදේකම වේගය ඔහු අභිමත පරිදි සිදු කරයි. ලොව පෙරලුණත් ඔහුට කමක් නැත. සඳු ගිලුණත්, මල් හැලුණත් ඔහුට වගක් නැත. ඔහුට ඇත්තේ ඔහුටම ආවේණික ජීවිතයකි.

මීදුම් භරිත උදයෙක තම ගමනී යෙදී සිටි ගල් මිනිසා දුටුවේ ඊතලයක වේගයෙන් පියඹා එන රාජාලියකි. ඊට පසුපසින් දැවැන්ත ගිජුලිහිණියෙක් ඇය හඹා එයි. රාජාලිය ගල් මිනිසා වටා අඩ වටයක් කැරකෙන විටම තමා වෙත ලං වූ ගිජුලිහිණියාට ගල් මිනිසා තම දැවැන්ත අත්ල පෑවේය. ගල් මිනිසා වැනි සුවිශාල ජීවියකු සමග සටනට ඒමට අකැමැති වූ ගිජු ලිහිණියා, තම දඩයම සොරා ගත් ගල් මිනිසාට නොසරුප් වදනින් අමතමින් පසුබා ගියේය. 

"ඇයි පන්නගෙන ආවේ?" ගල් මිනිසා බියෙන් තැතිගෙන සිටි රාජාලියගෙන් ඇසීය. "මම පස්සෙන් ගිහින් නැට්ටට කෙටුවා"

කලාතුරකින් සිනාවෙන ගල් මිනිසාට මඳ සිනාවක් නැගිනි. "හයියෙන්ම කොටල තියෙනවා. නැත්නම් ඔහොම පන්නගෙන එයිද?"

ඒ වනාහින් අමුතුම මිතු දමෙක ඇරඹුම විය. විලක් අසල වූ ඕක් ගස් මණ්ඩියෙක ගල් මිනිසා නැවතී සිටියේය. ඔහු විලත්, ඕක් මන්ඩියේත් සොබා රසය විඳිමින් සිටියේය. රාජාලිය ඔහුගේ අමුත්තකු පමණක් විය. ගල් මිනිසා කරන්නේ කුමක්ද, ඔහු නැවතී සිටින්නේ මන්ද සහ, ඔහු ගමන් යන්නේද කියා දන්නේත් ඔහුම පමණකි. ඔහුගේ පාත්‍ර වර්ගයා ගැන කිසිවෙක් කිසිවක් නොදත්තෝය. මහලු ඕක් ගස පමණක් ඔහු නිරික්සමින් සිටියේය. 

රාජාලිය පැමිනෙන්නේ එක්වරමය. බොහෝවිට කිසිවකු ඇය හඹාගෙන එයි. මුලින්ම පැමිණියන් ගල් මිනිසා දැක ත්‍රස්ත වූවත් ඇතැම්හු කැටමුගුරෙන්, ගල්ගෙඩි වලින් හෝ හී විදිමින් ගල් මිනිසා වෙත විරුද්ධත්වය පෑවෝය. 

රාජාලිය නැවත වරක් පැමිණියේ හීයක් බඳු වේගයෙනි. ඇය කැට කැබලිති පහසුවෙන් මග හරිමින් ගල් මිනිසා වටා අඩ වටයක් ගමන් කොට සැඟවී ගත්තාය. කැට කැබලිති රාශියක් ගල් මිනිසාගේ සිරුරේ වැදී නතර විණි. "කවුද ඒ?" ගල් මිනිසා නැවතත් විමසුවේ උදාසීන ලෙසයි. දඩයම් කරුවන් ඉවත ගිය පසු රාජාලිය ගල් මිනිසාගේ ලේ ගලන පිට දුටුවේ පළමු වතාවටයි. "අයියෝ තුවාල වුණා නේද?" ඇය ඇසීය. "ඊතල වලින් විදින්න කලින් ඔය කරන වැඩ නතර කරන්න වෙයි. මේ සැරේ මොකද?"

"දඩයක්කාරයාගේ තට්ටෙට කෙටුවා". රාජාලිය ඇගේ ඉතා උල් හොටයෙන් ගල් මිනිසාගේ ඇනී ඇති ගල් පතුරු ඉවත් කලාය. එම ගල් පතුරක් වැදුණා නම් තමන් අනිවාර්යයෙන් මිය යන බව ඈ වටහා ගත්තාය. නමුත් ගල් මිනිසා හඬක් වත් නැගුවේ නැත.  

ගල් මිනිසා මෙවර සිනා වූයේ නැත. ඔහුගේ මුහුණ බැරෑරුම් විය. "දැන් තඩි රාජාලියෙක් නේද? ඇයි තවමත් ඔය වගේ තාරාවෙක් කරන වැඩ කරන්නේ?" රාජාලිය හඬ නගා සිනාසී වේගයෙන් අහස් ගැබ වෙත ඉගිලී ගියාය.

දැන් රාජාලිය ශූර දඩයක්කාරියකි. ඇය පසුපසින් දඩයම් කරුවන් හෝ ගිජිලිහිණියන් ලෙහෙසියෙන් හඹා නො එයි. කලෙකට පසුව ගල් මිනිසා දැක ගැනීමේ ආශාවක් ඇයට ඇති විය. පුරුදු පරිදි ඕක් ගස් මණ්ඩිය වෙත පියඹා ආවාය. නමුත් ගල් මිනිසා එහි නැත! මණ්ඩිය වටා නැවත වරක් ඉගිලී ගියද, අහසට නැග හාත් පස පිරික්සා බැලුවද ගල් මිනිසා නැත. දුරක සිට වුවද පෙනෙන ගල් මිනිසා ක්ෂිතිජය තෙක් පෙනෙන මානයේ හෝ නැත. අහස් ගැබේ සිට අල්පෙනෙත්තක් වුව දැකිය හැකි රාජාලියගේ පෙනෙන තෙක් මානයේ ගල් මිනිසා නොසිටියේය.

නැවත ඕක් ගස් මන්ඩිය වෙත ඕ පැමිණියාය. ඇය දුටු මහලු ඕක් ගස "ගල් මිනිහා ගියා නෙව" යයි පැවසීය. "ඇයි එයා ගියේ?" රාජාලිය ඇසුවාය. ඇයට දැනුනේ තද දුකකි. 

"අන්තිම සැරේ ආවට පස්සේ මොකුත් කරදරයක් වුනේ නෑනෙ. ගල් මිනිහා යන්න තීරණේ කලේ ඊට පස්සේ. ගල් මිනිහා මේ ඕක් ගස් මණ්ඩියේ දශකයක් විතර එයාගේ ජීවිතය නතර කරගෙන හිටියා. ඔහුගේ පාත්‍ර වර්ගයා ඇවිත් ඔහුට එන්න කීවා. ඔහුගේ ජීවිතය එතන. ඉතින් ඔහු යන්න ගියා"

නැවත වරක් පාලුවෙන් හා තනිකමෙන් මඩනා ලද රාජාලිය, වේගයෙන් සන්තෝෂ විල දෙසට ඉගිල ගියාය.

පසු වදන: සංතෝෂ විල අසල සිටින ආදරයෙන් පැරදුන රුදුරු ගිජුලිහිණයකු ගැන කව් ගී ඔබ අසා ඇතුවා නිසැකය. ඇත්තෙන්ම එහි සිටියේ රාජාලියක බවත්, කවියා ඇගේ පුද්ගලිකත්වයට ගරු කර මේ වෙනස සිදු කල බවද දත යුතුය. 

Monday, October 14, 2019

ගජමන් නෝනා

මේ මල් උයන තවමත් මට මතකයි. මේ මල් උයන මැදින් ගලා යන ආරේ ඉවුරු වෙත මා මුලින්ම පැමිණියේ කවි පන්තියක් ලිවීමටයි. නමුදු මට ලිවිය හැකි වූයේ එකම එක කවියකි. අගක් මුලක් නැති එකම එක කවියකි.

- - - - - - - - - - -  - - - - - - - -

"ඔයා මට කවියක් වෙනවද?" ගජමන් නෝනා ඇසුවාය.
"කවියක් වෙන්නේ ඇයි? කවිය ඉවර වෙනවනේ" ඇළපාත මුදලි පිළිවදන් දිනි.
"හැමදාමත් මතක හිටින කවියක්, තොල් මතුර මතුර ඉන්න, කවියක්. පාළුවෙන් ඉන්න කොට පාළු කැපෙන්න කවියක්, වැස්ස වැටෙනකොට වැහි බින්දු වල තාලෙට ගයන්න පුළුවන් කවියක්"
"එහෙම කවියක් මා ඉස්සරහ තියෙනවා"
"ඇත්තද?"

ඇළපාතගේ අත ගෙන ගජමන් නෝනා හිඳගෙන සිටියේ වෙනදා හිඳ ගන්නා බංකුවේමය. වසරක පමණ සිට ඔවුන් හිඳ ගන්නේ මෙතැනමය. ගජමන් නෝනාගේ පැලෙනුත්, ඇළපාතගේ සඳැල්ලෙනුත් මිදී, ඔවුන් පලා එන්නේ මේ උයනටය, උයන් පල්ලා ඔවුන් දනී. ඔවුන්ට මේ අසුනේ ඉඩ හසර සදා දෙන්නේ උයන් පල්ලා විසිනි. 
විටෙක හිමිදිරියේ තුෂාර යටිනුත්, විටෙක දිවා කල සැඩ හිරු කිරණ මැදිනුත්, විටෙක සැඳෑ කළුවර කුර ගාමින් පැමිණෙන විටත් ඔවුන් හමුවන්නෝය. ඔවුන්ගේ මනෝරථය පූරණය වන්නේ මේ උයන තුලදීමයි. මේ ඔවුන්ගේ වෘන්දා වනයයි.

"මට යන්න වෙනවා" ගජමන් නෝනා හදිසියේම කීවාය. නිමේෂයක් ඇය නැගිට සිටියාය.
"ඇයි යන්නේ?"
"යන්න වෙනවා"
"ආයේ කවදාද එන්නේ?"
"දන්නේ නෑ" ගජමන් නෝනා බිම බලාගෙන සිටියාය. "මම යනවා" ගජමන් නෝනා තමන්ගෙන් ඈත්ව යනු ඇළපාත බලා සිටියේය. ඇළපාතගේ උරහිස මත තබා සිටි ගජමන් නෝනාගේ හිසෙහි උණුසුම ඔහුට තවමත් දැනේ. එහි වියැළී ගිය කඳුළක් දෙස ඇළපාත වික්ෂිප්තව බලා සිටියේය. හදිසියේම තනිකමින් වෙළනු ලැබූ ඇළපාත උයනෙහි ඇවිදීමට පටන් ගත්තේය. 


උයන මැදින් ගලා යන නිසල ආර ඉවුරේ ඇළපාත ගමන් කරමින් සිටියේය. රතු රෝස පාත්තියක වෙහෙසෙමින් වැඩ කරන උයන් පල්ලෙක් ඔහුගේ ඇස ගැටිණ. ඔහු මල් පැල එකින් එක ඉන්දවයි. පාත්ති වල පස පෙරළයි. ඉන්ද්‍රජාලයකින් මෙන් බලා සිටියදීම මල් ගස් වැඩී රෝස කුසුමින් ගහණව යනු ඇළපාත බලා සිටියේය. ආර ඉවුරේ තව දුරටත් ඇවිද ගිය ඔහු දුටුවේ තවත් උයන් පල්ලකු පොකුණක් සාදන අන්දමයි. බිම කැන ගල් අල්ලා හැඩ කල පොකුණට වතුර පිරී ගොස්, එහි නිල් මහනෙල් මතුවීමට ගියේ ඉසුබුවක් පමණි. මහනිල් මල් පිපී රඟද්දී ඔහු තවත් ඇවිද ගියේය. උයන කෙළවරේ ඇත්තේ සතුටු උයනයි. සතුටු උයනේ නෙක පැහැ විදුලි බුබුලින් සරසා ඇත්තකි. තවත් උයන් පල්ලෙක් විදුලි බුබුලු සවි කරමින් සිටියි. සවිකරන හැම බුබුලක්ම නව පැහැයකින් දැල්වෙයි. සතුටු උයන පසු කල පසු ඇත්තේ වන රොදකි. එහි ගසක් මුල සැතැපී කුරුළු කූජනයට සවන් දීම ඇළපාතගේ පුරුද්දකි. වෙනදා නුදුටු ලොකු තාප්පයක් දැකීමෙන් ඇළපාත දුර්මුඛව නැවත හැරිණි.

සතුටු උයන වෙතින් යමක් ගසා පොඩි කරන ශබ්දයක් ඇසෙයි. පෙර කී උයන් පල්ලා පොල්ලක් ගෙන විදුලි බුබුළු එකින් එක බිඳ දමයි. බිඳින බිඳින බුබුලක් පාසා අඳුර ඇදී එයි. ඇළපාත ඉදිරියට පැන උයන් පල්ලා අල්ලා ගත්තේය. උයන් පල්ලා තම ජටාව ගලවා, කහට රැඳුණු දත් දක්වා ඇළපාත හා සිනාසුණේය. ඒ තමාම බව දුටු ඇළපාත ගල් ගැසී ගියේය. බියවී පස්සෙන් පස්සට ගිය ඇලපාත උයනේ දොරටුව වෙතට දිවයාමට පටන් ගත්තේය. ඇලපාත දැන් දුවන්නේ පොකුණ පසු කරගෙනයි. උයන්පල්ලා පොකුණේ බිම අලවංගුවක් ගෙන බිඳ දමනු ඔහු දැක්කේය. මහනෙල් මල් නටුවලින් උදුරා ගොඩට ඇද දමා ඇත. මහනෙල් මල් කඳුළු සලමින් වැලපෙයි. පොකුණේ දිය කිසිවක් නැත. ඒ වෙනුවට සුදු පැහැ ස්ඵටික තට්ටුවකින් බිම වැසී ඇත. උයන්පල්ලාගේ උරහිසින් අල්ලා හැරවූ ඇලපාත නැවතත් දුටුවේ ඒ තමාම බවයි. උයන්පල්ලා ඔහු හා සිනහ වී, අලවංගුව ඇළපාත වෙත පෑවේය. "එන්න අපට වැඩ තියෙනවා". අවුල්වී ගිය ඇළපාත නැවත පටු මාවත දිගේ ගමන් ගත්තේ, මල් පාත්තියට වූයේ කුමක්ද යන්න බැලීමටයි. ඔහු සිතූ පරිදිම උයන් පල්ලා රෝස පාත්තිය වනසමින් සිටියේය. වීසි කැත්තක් ගෙන රෝස පඳුරු අනුකම්පාවෙන් තොරව ගසා දයි. රෝස පඳුරු ඉහළින්ම ගොස් වැටේ. රෝස පඳුරු ගැලවී ගිය තන්හි උණු ලේ උල්පත් මතු වී පෙනේ. දැඩි කෝපයට පත් ඇළපාත වීසි කැත්ත උදුරාගෙන එයින් උයන් පල්ලා ගසා දැමීය. දෙකට කැපී ගිය උයන් පල්ලා තවත් රෝස මලක් වී රෝස මල් ගොන්නටම මුහු වී නොපෙනී ගියේය. ඇළපාත දිවගෙන ආවේ ගජමන් නෝනා හමුවන බංකුව වෙතයි. තුරු සිදුරෙන් රිංගා ඇතුළු උයනට වන් ඇළපාතට ගජමන් නෝනාගේ කහ පැහැති සාරියේ කොණ දිස් විණි.

වහ වහා ඇය වෙත ගිය ඇළපාත අසුන් ඉදිරියට ගියේය. ගජමන් නෝනා නිසලව සිටියි. ඇය මිය ගොස්ය! වරෙක් ඇත් දත් පැහැ ගත් සිරුර දැන් දුර්වර්නව ගොස්ය. පුවඟු මල් සුවඳ මුසු කල සිරුරින් ගත් සිරුරින් දැන් දුර්ගන්ධය පිටවේ. මැසි කැළ ඈ සිරිර වටා හක්කලන් කරයි. එහෙන් මෙහෙන් ඉහඳ පණුවෝද සිටිති. සිය බඩ බොකු එළියට ඇද දැමීමට තරම් පිළිකුළකින් ඇළපාතගේ සිත පිරී ගියේය. හදිස්සියේම ගජමන් නෝනා තිගැස්සී දෙනෙත් හැර බැලීය. භයෙන් ත්‍රස්ත වූ ඇළපාත පසු නොබලාම වැටි වැටී දුවන්නට විය. ගජමන් නෝනාගේ මුවෙහි කපටි සිනා රැල්ලක් ඇඳී තිබිණි . . . .

- - - - - - - - - - - - - - - - - - - -
මේ මල් උයනට මා පිවිසියේ ඇළපාත සහ ගජමන් නෝනා ඇසුරින් කවි පබැඳීමටයි. නමුත් මගෙ කවියේ මුලක් හෝ අගක් නොමැත. ඇළපාතත්, ගජමන් නෝනාත්, වෙන කොහේ හෝ හමු වනවා විය යුතුය.


. . . . . . . . .

. . . . . . . . .
. . . . . . . . .
. . . . . . . . .
සීත නිල් වන පෙතේ
තුරු ලතා මඩුල්ලේ
පිපී ගිය එකම එක
මදාරා මල මගේ . . .
මේ කුලෙන් වැසී ගිය
ගිරි ශිඛර වළල්ලේ
හුදෙකලා කොණක පිපි
වන මලකි නුඹ මගේ . . .
තුරු වදුළු ලිය මඬුළු
සරන තනි බමරින්දු
එක කටට ගිල දමන
බඳුරාවයි මගේ . . .
. . . . . . . .

. . . . . . . .
. . . . . . . .
. . . . . . . .

 

Tuesday, August 6, 2019

නන්නස්පොල

මේ කථාව මවිසින් දකින ලද සිහිනයක් ඇසුරින් ලියැවුණකි. මෙහි චරිත සහ සිද්ධි තනිකරම සයනාරූඪ සිහින දැහැනකදී දකින ලද ඒවා පමණකි. ජීවත්ව සිටිනා යමෙකු සමය මොනයම් හෝ සමාන කමක් ඇතොත්, ඒ අහඹුවක් ලෙසම සලකනු මැනැව. 

"ඔයාලට තේරෙන්නේ නැද්ද? උඩින් ඇවිල්ල බෝම්බ දාලා ඒ ළමයි හමුදාවෙන් මැරුවා කියල? සෙන්චෝලේ කියනෙන ඉස්කෝලයක්. අවි පුහුණු කඳවුරක්ය කියන එක මිලිටරි ප්‍රොපගැන්ඩා එකක් කියල තේරෙන්නේ නැත්ද?"

"ඉතින් ඔයා මොකද්ද කරන්න යන්නේ?"

"මගේ චිත්‍රපටියේ සම්පූර්ණ ආදායම මම ඒ ළමයින්ට දෙනවා. දැන් බලන්න, සිංහල හමුදා ප්‍රචණ්ඩත්වය නිසා ඒ ළමයින්ට දෙමාපියන් අහිමි වෙලා. ඒ අසරණ, අනාථ ළමයි බලා ගන්න එක අපේ මානවීය යුතුකමක් කියල හිතෙන්නේ
නැත්ද?"

"මරුනෙ. සුපුල්, අර ජාතික බැංකුවට කොටි ගහපු වෙලාවේ අම්මයි තාත්තයි මැරුණ ළමයි විසි ගාණකුත් ඉන්නව නේද? ඒ අයට ආධාරයක් කරන්නේ නැත්ද?"

"දකුණු සැකැස්මේ ඒ අයට උදවු කරන්න අය ඉන්නවා. උතුරු සැකැස්මේ ඒ වගේ අවස්ථාවක් නෑ. ඒ නිසා තමයි එහෙම"

"ඉතිං සුපුල් දැන් ඔය දකුණුද මොකද්ද සැකැස්මේ, අර අනාථ පවුල් විසි ගාණක ළමයින්ට තියෙන සහනය මොකද්ද?"

"මේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව යනවද? එනව මෙතන සැකැස්ම ගැන අහන්න"

සුපුල් නන්නස්පොල තමන් සමග වැඩ කරන ලිපිකරුට කඩාගෙන පැන්නේය. විවිධ ආදායම් මාර්ග වලින් ධනවතෙකු වූ සුපුල්ට බැංකුවේ රස්සාව කාලය කා දැමීමට පමණක් ඇති එකක් විය. සුපුල් ගේ දෙවන සිනමා නිර්මාණය එළි දැක තිබූ අතර, ඉන් ජනිත වන මුදල සෙන්චෝලේ අනාථ නිවාසයට බැර කිරීම ඔහුගේ අරමුණ වී තිබිණ.

"සුපුල් මහත්තයා, හෙට බණයි, දානෙයි. මහත්තයා එනවද?" කාර්යාලයට පැමිණ නවක පියුම් කොලුවා කපිල සුපුල්ගෙන් ඇසීය.

"මේ කපිල, ආගම කියන්නේ අබිං කියල මාක්ස් කියල තියෙනවනේ. මම ඔය කොහොමත් සිංහල බෞද්ධ හෙජමොණිය, පරපීඩක විදියට සමාජය මතට තල්ලු කරන වැඩ වලට කැමති නෑ. අනික ඔය කහකඩ තට්ටයෝ කියන නින්ද යන මන්තර කාටද අහන් ඉන්න පුළුවන්. ජිජැකියානු අවකාශය ඇතුලේ ඔය පරපීඩක උන්මාදය, සමාජ විපර්යාස වලින් විනිර්මුක්ත වෙලා, අපේ උප විඥ්ඥාණය තුලට ඇතුලු වෙනවා. එතකොට . . . "

"හා මහත්තයා, මම යන්නම්, බොස් කතා කරනවා". තක්බීර් වූ කපිල ලිස්සා යයි.

"හරකා, පස්චාත් නූතනවාදි සුළු ධනේශ්වරයේ කටු ලෙව කන එක විතරයි මූ දන්නේ"

බණට නොසිටියත්, දානයට වැඩම කල සුපුල් යහමින් සප්පයම් වෙමින් සිටියේය. කහබත්, බටු මෝජු, පරිප්පු, අල බැදුම්, ගොටුකොළ මැල්ලුම් සහ පපඩම් ඉතාම රසවත් විය. "මේකට හරක් මස් කරියක් තිබුණ නම් ගින්දර, නැද්ද සමදරා?" සමදරා මුවින් නොබැන සිටියාය.

"කහකඩ තට්ටයෝ පොඩි ළමේකුත් මහණ කරන්, දැක්කද?" සුපුල් නැවත ඇසීය. "මහ එකා පුක පලනව ඇති. ඔය ළමයි මහණ කරන තට්ටයන්ගේ තාර ගාන්ඩ ඕනෑ".

"හම්මේ සුපුල්, කෝමද සහෝ?" දානයට වැඩම කරමින් සිටි තිස්ස දෙහෙරගොඩ සුපුල් දැකීමෙන් අමන්දානන්දයට පත් විනි. තිස්ස අදාල බැංකුවේ නීතිඥවරයා වන අතර, සුපුල් ගේ ගජ මිතුරා මෙන්ම, පුද්ගලික නීතිඥයාද වේ.

"දෙහෙරෙ, බලපං බං කහකඩයෝ
බණ දෙසන්න පොඩි එකෙකුත් අරන් ආවනේ. උඹල හරි නම් මේවට නීති ගේන්ඩ ඕන."

"කොහේ නීති ගේන්නද බං, පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් නානලා අපිව කනවා. ඕවා මේ ආත්මේ වෙන වැඩ නෙවෙයි"

සුපුල්ගේ සිත අතීතයට දිව යයි. වසර හතරකට පෙර මෙබඳුම ප්‍රිය සම්භාෂණයකදී ඔහුට තිස්ස මුණ ගැසුණි. මාස කීපයක් ඇතුළතම මිත්‍රයන් මෙන්ම, සේවාලාභියකු වීමේ වරමද සුපුල්ට හිමි විය. ඒ ජනිතා හපුආරච්චි සිද්ධිය නිසාවෙනි.

"ෂික් බං, කවුද දන්නේ අර ජනිතා ගෑනිගේ ළමයා ඔච්චර අමාරුකාරියක් කියල. ඌ තාම ඇටෙන් පොත්තෙන් ඇවිල්ලත් නෑ, මට සිතාසි එවලා" සුපුල් තිස්ස වෙත පමිණියේ අවනඩුවක් සමගයි.

තිස්ස දෙහෙරගොඩ මේ සිද්ධිය හොඳින්ම මතකය. සුපුල් සතු දැවැන්ත මුද්‍රණාලය සහ ප්‍රකාශන සමාගම වෙත ජනිතා හපුආරච්චි පැමිනෙන්නේ ඇගේ නව කථා පොත් දෙකක් සමගය. ඇගෙන් පිටපත් දෙදහසකට අත්පිට මුදල් ලබා ගත් සුපුල් පිටපත් තුන්දහසක් මුද්‍රණය කර, ජනිතා අතට ලබා දීමටත් පෙර, අමතර පොත් දහස විකුණා ගත්තේය. අවසානයේ පොත් විකුණා ගත නොහුණු ජනිතා, ණය බරින් මිරීකී, රෝගී වී මිය ගියේ වසර හයකට පමණ පෙරය. ඇගේ පුත්‍රයා කටු අත්තක් මෙන් සුපුල් සමග පැටලි, පැටලී එයි.

"මචං සුපුල්, නඩු ගියොත් නම් මේක ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ. මේක ෂේප් කරගන්න වෙනවා. කොහොමත් උඹේ ෆිල්ම් වලින් ජජ්ලට ගැහුවට පස්සේ උනුත් ඉන්නේ උඹට අරින්න බලාන. පොඩ්ඩක් හිටපන්, අපි මේක දියවන්නාවෙන් ශේප් කරමු."

දියවන්නාව සුපුල් දැන සිටි අතර, එහි වාසය කර මහා තෙද බලති උත්තමයාණන් කෙනෙක් අතින් විවෘත වූ ජනිතා හපුආරච්චි පිළිරුව විවෘත කිරීමෙන් පසුව, ඇගේ පුත්‍රයා විසින් නඩුව ඉල්ලා අස් කර ගන්නා ලදී. දියවන්නාවේ තෙද බලැති උතුමන් ගෙ උදහසට ලක්වීම යහපත් නොවෙතැයි ඒ තරුණයා සිතන්නට ඇත.

"සුපුල් මහත්තයා . . . අර ළමා දිනය මාස දෙකකින් තියෙනවනේ. ඒකට අපි නාට්‍යයක් පෙන්නන්න යනවා ළමයින්ට. අපට බැක්ග්‍රවුන්ඩ් හදන්න තරම් නම් සල්ලි නෑ. මහත්තයා ගාව පරණ සෙටින් එකක් එහෙම තියෙනවද? අපිට පාට ටිකක් ගාලා අළුත් කරල ගන්න" විජේසිරි රියදුරු තැන, රියදුරුට අමතරව වෙදිකා නළුවෙකුද වෙයි. නාට්‍ය කීපයකම සුළු චරිත ඔහු රඟපා ඇතත්, ඔහු දක්ෂ පසුතල නිර්මාණයටය.

"ගෙදර එනවකෝ විජේසිරි වෙලාවක. ඒ කාලේ කරපු නාට්‍ය වල සෙටින් තාම ඇති. බලල තෝරන් යනව." සුපුල්ගෙන් ධනාත්මක පිළිතුරක් ලබන අතළොස්සෙන් ඔහුත් කෙනෙකි.

පසුදාම විජෙසිරි සුපුල් ගේ නිවස වෙත ගියේය. දැවන්ත තාප්පයකින් වට කල සුවිසල් නිවසේ සීනුව කීපවරක් එබීමෙන් පසුව, අවුරුදු දොළහක පමණ දැරියක් ගේට්ටුවේ කුඩා කවුළුවක් විවෘත කළාය.

"මාත්තියා ගෙදර නේ. පෂ්ෂේ එන්ඩ . . ."

Tuesday, November 28, 2017

ශෘංගාර බිත්තිය | Erotic wall (18+)

සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්‍රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය.

ස්තූතියි.

මා නින්දෙන් අවදි වූයේ කෙසේද යන්න නොදනිමි. නැවුම් වැලි වල පුසුඹ නැහැයට දැනුනු නිසා දෑස් හැර බැලීමි. තෙරක් නොපෙනෙන වැලි තලාවක් මත මම තනිව මුණින් වැතිරී සිටියෙමි. උඩුබැලි අතට හැරුණු මට දිස්වූයේ තැඹිලි පැහැයට හුරු අහසකි. "මා කොහේද?" යන පැනය ඒ මොහොතේ සිත පුරාම දිව ගියේය. මේ වනාහි මා දන්නා කියන තැනක් නොවේ. කල්පනාවෙන්ම නැගී සිටි මා ඉදිරියට ගමන් කරන්නට වීමි. සිනිදු රතු වැල්ල මත, මදක් ඔබින් වූයේ මිනිස් පාද සටහනකි. ඒ වෙතට ලංවූ මා, වෙනත් පාද සටහන් ඇත්දැයි සෙවීමට ඉදිරිය වෙත නෙත් යොමු කළෙමි. මා නෙත ගැටුනේ දැවැන්ත කුළුණකි. එය කොතරම් විශාල ද හෝ එය ඇත්තේ කොපමණ දුරින්ද යන්න මට නිසැකවම කිව නොහැකි විය. කුළුනේ වාස්තු විද්‍යාව මා කිසි විටෙක දැක් නොතිබූ විෂම වක්‍ර සහ විෂම බහු අස්‍ර වලින් සමන්විත වූවකි. එය තැඹිලි පැහැ ආකාශයේ වළාකුළු තෙක්ම ඉහළ විහිදී තිබිණි. ඉහළට යන්නට යන්නට මේ බහු අස්‍ර සුමට වූ අතර පහළ ඒවා රළු බවක් දැක්වීය. "මා සිටින්නේ කොහිද?" නැවතත් මගේ සිත තුළ හොල්මන් කරන්නට විය. මා සිටින්නේ කොතැනද යන්න දැන ගැන්මට නම් කුළුණ දිහාවට යා යුතු බව පසක් වූ හෙයින් ඒ වෙත ගමන් ඇරැඹුවෙමි. මා බොහෝ වේලා ඒ දෙසට පිය මැන්නෙමි. සමහර විට වරු කීපයක් වන්නටත් ඇත. මට කිසිදු මහන්සියක් නොදැණුනු අතර, කුළුණ තව දුරටත් මගෙන් ඈත් වන්නට විය. මිනිස් පුළුටක් නැති මේ බිම් කඩ කුමක්ද? අනියත බියකින් මා සිත වෙළී යන්නට විය. යමක් දෙසට මා ගමන් කරන විට එම වස්තුව මගෙන් ඉවත් වීමට නොහැකිය. එය භෞතික විද්‍යාවට අනනුකූලය. එතරම් විශාල කුළුණක් මා වෙතින් ඉවතට දිව යන්නේය යන මතය මා බැහැර කලේ බොහෝ වේලාවකට පෙරදීය. අවුල්වී ගිය හිසින් යුතුව කුළුණ දෙසට පා නැගූ මට අසන්නට ලැබුණේ මුහුදු රළ බිඳෙන හඬකි. මා ඉදිරිපස වූයේ මුහුදකි. රන්වන් වෙරළ, නිල් දිය රැලි සහ නිල් අහස මා ඉදිරියේ විය. පසුපස බැලූ කල පොල් රුප්පාව සහ කුරුළු කිච් බිචිය මා සවනට වැටී ගියේය. නැවත හැරී බැලූ මට දෑස් අදහාගත නොහැකි විය! මේ ඉන්නේ ඈය! මා සිත සොරා ගත් ඈමය! රන්වන් වෙරළ මත ඇතුරූ නිල් පැහැ රෙදි කඩෙක ඇය වැතිරී සිටියි.

කොළඹ නගරයේ කාර්ය බහුල පෙදෙසක පිහිටා තිබූ කාර්යාලයේ වැඩට පැමිණ ඒ වන විට මාස හයකට කිට්ටු කාලයක් ගෙවී තිබිණ. දැඩි සේ ආතතිය දනවන මේ රැකියාව නීරස එකක් විය. මිතුරන් නැති කමින් පීඩ විඳි මා හට, එහි වගකීමෙන් වැඩි කොටස මා වෙතම පවරා ගත යුතුව තිබිණ. තදින් කේන්ති යන සහ කැපී පෙනීමට කැමැති චරිතයක් වූ මා සමහ කාර්යාලයේ මිතුරන් එතරම් මිත්‍ර නොවීය. මා වෙහෙසී වැඩ කිරීම, අයිස් පප්පලා වූ ඔවුන් රිස්සුවේ නැත. "ඔය පිස්සා නිසා කවද හරි අපිත් ඉන්ටඩික් වෙනවා" යන්න ඔවුන් නිතරම කී කතාවකි. තනිවම වැඩට පැමිණෙන මා, තනිවම දිවා ආහාරය ගෙන තනිවම පිටවී ගියේ, මා අවට සිනා, කෙළි කවට, මධු බඳුන් එසවී යද්දීය. මා අගය කළ කෙනෙක් වූවා නම්, ඒ මා ප්‍රධානයා පමණකි.

ඒ කර්කෂ පොළොවට සමසකින් අනෝරා වැස්සක් ඇද හැලිණි. ඈ මිටිය, පැහැපත්ය. දිගැටි මුහුණ සහ දිග කොණ්ඩයකින් හෙබිය. සිනාව මන බඳවයි. ලා කහ පැහ සාරියකින් සැරසී පැමිණි ඇය මා ප්‍රධානයාගේ මේසයේ අනෙක් පස පුටුවේ හිඳ ගෙන සිටියාය. වාසනාවකට මෙන් ප්‍රධානයා හමුවීමට ඇමතුමක් ලැබී තිබූ හෙයින්, මා කලේ ඔහුගේ කාමරයට කෙළින්ම පිය නැගීමය. කාමරයේ වීදුරු දොර හැරගෙන ඇතුළු වූ මා දෙස බැලූ ඇගේ රූපශ්‍රීයෙන් මා වශී වීමි. "මම රංජිත් කළුපහණ. ඔබේ ආසන්නතම ප්‍රධානියා" මම ඇයට මා හඳුන්වා දුන්නේ හැඟීම් රහිතවය. "හලෝ, මම දර්ශිකා" ඈ මිහිරි හඬින් පිළිවදන් දුන්නය. "බොස් නැහැ, මම පස්සේ එන්නම්" කී මම මේ හංස රාජිනිය වෙතින් පිට වී ආවෙමි. පිටවී යන විට නැවත හැරී යළිත් වරක් ඈගේ රූප ශ්‍රීය විඳ ගැන්මට අවැසි වුවත්, හිතේ තිබූ අහංකාරය නිසා, පසු නොබලාම, නොරැඳීම පිට වී ගියෙමි. නැවත මගේ මේසය වෙත ගිය මා සිතේ හොල්මන් කරන්නට ගත්තේ ඒ රූපයමය. ලාච්චුව හැර වතුර බෝතලය එළියට ගත් මම, එයින් බාගයක්ම උගුරට හලා ගෙන නැවත වැඩ පටන් ගත්තෙමි. මා සේවය කළ කාර්යාලයේ එදා පටන් ප්‍රියතම තැනැත්තිය වූයේ දර්ශිකාය. මගේ මිතුරන් මෙන්ම, ප්‍රධානීන් බොහෝ දෙනෙකුත් ඇය හා මිත්‍ර වීමට උත්සාහ දරමින් සිටියහ. ඔවුන් උත්සාහ කළේ මිත්‍ර වීමටත් වඩා ඈ හා යහන් ගත වීමටය. දර්ශිකා කෙරෙහි කිසිදු උනන්දුවක් නොපෙන්වූ බොරු අහංකාර කාරයා වූයේ මාය. සේවයේ වන වැරදි වලට දොස්කීම මෙන්ම, නිවැරදිව කල යුතු ආකාරය මා ඇයට කියා දුනිමි. එනමුත් මා සිටියේ ඈට වශි වී බව කිව යුතු නැත.මාස කිහිපයක් එකට වැඩ කල නමුදු දර්ශිකා ජීවත් වන්නේ කොහිද, මව් පියන් කවුද, සැමියා කවරෙක්ද, දරුවන් සිටීද යන්නවත් මා අසා තිබුණේ නැත. වරක් දෙවරක් ඈ මගෙන් ඒ ප්‍රශ්ණ ඇසූ මුත් මා කලේ ඒවායින් ලිස්සා යාම බව මට හොඳ හැටි මතකය. එනමුත් යම් අදෘෂ්‍යමාන බලවේගයක් විසින් ඒ වන විටත් අප දෙදෙනා එකිනෙකා වෙත ලංකරමින් සිටියේය.

ප්‍රධානයාගේ කාර්යාලයෙන් ඇසුණු රොස් පරොස් බිණීමෙකින් මගේ දැහැන බිඳී ගියේය. මගේ ප්‍රධානයා දර්ශිකාට දෙහි කපමින් සිටියේය. ලිපි ගොණු කිහිපයක වූ බරපතල අඩුපාඩු නිවැරදි නොකළ බව ඔහුගේ චෝදනාව විය. මේ ලිපි ගොණු වල හුට පටය ඉවර කිරීමට මට ගත වන්නේ පැය භාගයක් පමණි. එසේ තිබියදීත්, මට කතා නොකොට දර්ශිකා ගෙන්වාගෙන දෙහි කපන්නේ ඇයි? "සුගතං, මොකද බං අර කෙල්ලට බොසා බණින්නේ?" මම ඇහුවේ සුගත් ගෙන්ය. මා හා යම් තරමකට හෝ මිතුරු කම් තිබුණේ ඔහු පමණය. "ආයේ දෙකක් නෑ රංජියා, ඕක අණින්න අහල බෑ කියන්න ඇති, දැන් ඒකේ ඇරියස් අල්ලනවා.", සුගත් කටේ දිවේ නොගෑවී කියා දැම්මේ ඔහුටම සුපුරුදු වාග් විලාසය දක්වමිනි.  හඬමින් එළියට පැමිණි ඈ වෙත මා පිය නැගීමි. "දර්ශිකා, ඔතන අවුල ෆයිල් එකේ නෙවේ කියල අපි දෙන්නම දන්නවනෙ. මෙතන වැඩ කරන්න ඔයිට වඩා ගණකම් හමක් ඕන" කී මම ඇගේ පිට මත අත තබා "දැන් අඬන්නේ නැතුව ඉන්න" යයි සෙනෙහසින් ඇයට පැවසීමි. කඳුළු අතරින් ඈ දෙතොලේ සිහින්ව ඇඳි ගිය සිනාව පෙනී නොපෙනී යනවා මා දැක්කේ යන්තමෙනි.

ඇය අසල වූයේ පළතුරු කූඩයකි. ඈ ගතේ නූල් පොටක් හෝ නොවීය. සුපුරුදු සරාගී සිනාවෙන් ඈ මා පිළි ගත්තේ දෑත් ඉදිරියට දිගු කරමිනි. හනි හනිකට ඒ වෙත දිව ගිය මා ඇගේ දෑතින් අල්ලා ඇය මා වෙත තුරුළු කර ගතිමි. මගේ දෙකම්මුල් මත දෑත් තබාගත් ඈ මා පපුවට තුරුළු විණි. "ආදරෙයි!". ඇගේ නළළට හාදුවක් දුන් සැණින්ම ඇය හිස ඔසොවා මා දෙස බැළුවාය. ඇගේ ගෙලත්, දෙතොලත් සිප ගන්නා විට ඈ විවර වූ මුවින් "ආහ්!" හඬ නැගුණේ මා චුම්බනයෙන් සුපුරුදු පරිදි ඈ මන්මත් වී සිටි නිසාවෙනි.  ඇගේ බඳ වටා අතක් යවා මා වෙතට ඇද ගත්තෙමි. මගේ අත ඊලඟට අල්ලා ගත්තෙ ඇගේ විශාල පුන් පියවුරකි. "ආයි!" ඈ නැවතත් හඬ නැගුවේ රාගයෙන් රත්වීගෙනය. ඇය සමහ නිල් පැහැ රෙදි කඩ මත වැතිරුණු මගේ දෙතොල් සහ අත් අගේ රත් දෙතොල්, උරහිස, පියයුරු, තන පුඩු, පිට සහ තට්ටම් මත දඟ කරන්නට ගත්තේය. දෑස පියවී, ගැඹුරින් හුස්ම ගණිමින් සිටි ඇය වරින් වර හඬ නැගුවේ සුවය දරාගත නොහුණු විටදීය. ඒ සෑම විටකදීම ඇය මා තදින් බදා ගන්නේ මාහට කිසිවිටෙක ගැලවී යමට නොදෙමැයි කියන්නාක් ලෙසය. ඇගේ දණහිස මත අතක් තැබූ මා එය කලවයේ ඉහළට රැගෙන ආවේ පුරුද්දටය. සුපුරුදු පරිදිම කලවා ඈත් කරමින් ඇය මා හට ඉඩ දුන්නාය. ඈ රස ගඟුල වෙනදාටත් වඩා පිරී උතුරායමින්, මා හට පිහිනන්නට ඇරැයුම් කරමින් තිබේ. එය මත මා දබරැඟිල්ල තබන විටම ගැස්සී ගිය ඈ "ආහායි" ගාමින්, මා තදින් බදා ගෙන ගැස්සෙමින් පැවති සිරුර වාරු කර ගත්තාය.. "අනේ රත්තරං, අද නම් ඉවසන්න බෑ, මාත් එක්කම ඉන්න" ඈ කොඳුරමින් මට කීවාය.  ඈ සිරුර මත වැතිරුණු මා ඇගේ රස ගඟුල තුලට කිමිදුනෙමි. පොතේ ඇති හා නැති හැම ආකාරයටම රති කෙළියේ යෙදුණු අපට මහන්සියක් දැනුණේ නැත. මිනිත්තුවක් පාසා සම්භෝගී සුවයට ඇති ලොල් කම එන්න එන්නම වැඩි විය. සිරුරු එකට වදින හඬ, පියයුරු එකට වහින හඬ, කෙඳිරි ගෑම්, සුසුම්, සහ සුරතාන්තයන් ලං වෙද්දී කරන කෑ ගැසීම් වලින් අමුතු ලෙස වාතලය පිරී යන්නට විය.

ප්‍රධානයාගේ දොස් පැවරුමෙන් පසු දර්ශිකා මා වෙත ලංවූයේ සිතා ගත නොහැකි තරම් වේගයෙනි. දිගින් දිගටම මා දැක්වූ උදාසීන භාවය ඈ ප්‍රිය කළාය. නමුත් මා සිත තුළ ඈ හැර වෙන කිසිවෙක් ඒ වන විට ජීවත් වූවාද යන්න සැකය. "ඔයා දන්නවද මම ඔයාට කැමති ඇයි කියල?" දිනක් දර්ශිකා මට කිවාය. "මම කොහොමද දන්නේ, මට පරචිත්ත විජානනය ලැබිල නෑනෙ", ඒ මගේ පිළිතුරයි. "මිනිස්සු ලස්සන ගෑණියෙක් දැක්කම ආයෙත් හැරිලා බලනවා. එහෙම හැරිලා බලනකොට ගෑණු දන්නවා තමන් ලස්සනයි කියල. මං දිහා එක සැරයක් බලන මිනිහෙක් ආයේ දෙසරයක් හැරිල බලනවා. හැබැයි ඔයා එක පාරක් වත් හැරිලා බැලුවේ නෑ. මට හරි ආසාවක් තිබුණ  මා දිහා හැරිලා නොබලන මිනිහෙක්ව අඳුන ගන්න. එහෙම මිනිහෙක් ඉන්නව නම් ඉතින් අනිවාර්යයෙන්ම මොනව හරි විශේෂයක් තියෙන්නම ඕන." මා ඇත්තෙන්ම එදා නැවත හැරී නොබැලුවේ ඇයි? මා අචේතනිකව මේ දැන සිටියාද? ඈ මා වෙතට ආ යුතු බව මා ඉඟි කලේ එසේද? මේ ප්‍රශ්න වලට උත්තර මා සතු නොවීය. නමුත් ඈ මා ප්‍රිය කරන බව නම් සක්සුදක් සේ පැහැදිලිය. "රංජිත්, මම ඔයාට වශී වෙලා ඉන්නේ" දිනක් ඈ මා හා පැවසීය. "අනේ නිකං ඉන්නවා, මාව අන්දවන්නේ නැතුව" මම කීවෙමි. "අනේ නැහැ, ඔයාට මං ඇත්තටම කැමතියි". "බොහොම ස්තූතියි" ලෙස මා කීවත් මේ කැමැත්ත යනු කුමක්දැයි වටහා ගැනීම මට පහසු නොවීය. එනමුත් එය ටිකින් ඒක මා වෙත ආවේ හොරකු ලෙසය. හොරකු ලෙස හොරෙන් හොරෙන්ම පැමිණ එය මට දර්ශණය වූවිට ඊට අවනත වනු විනා වෙන කළ හැකි යමක් නොවීය. විවාහකයන් වුවත්, අප දෙදෙනා එකිනෙකාට ආදරය කරන බව වටහා ගන්නා විට අප මානසික බැඳීම බීඳලිය නොහැකි තරමට ශක්තිමත් වී තිබිණ. ක්ෂේත්‍ර චාරිකාවක නිරත වීමෙන් පසු නිවාඩුවක් ලද පැය කීපයක, හෝටල් කාමරයක් තුළදී මානසිකව පමණක් තිබූ බැඳුම අඹු සැමි බැඳුමක් බවට පත් විය. දර්ශිකා ඇගේ ජීවිතයේ ගැඹුරුම රහස් මා සමගින් දිගහරින්නේ ඉන් පසුවය.
"මේක ඔයාගේ හස්බන්ඩ් දැන ගනියිද"
"නෑ, මට ඔයා විශ්වාසයි. මේක අපි දෙන්නගෙන් පිට යන්නේ නෑ"
"හස්බන්ඩ් හොඳද?"
"මනුස්සයෙක් හැටියට හොඳයි. ඒත් ඉතින් ඔයා වගේ නෑ. විනාඩි දෙකයි තුනයි."
"ඉතින් මාත් ඕක මහ වෙලාවක් කරන්නේ නෑනේ"
"ගෑණියෙක්ගේ ඇඟ කියන්නේ වස්තුවක් කියන එක එයාට තේරිලා නෑ. හැබැයි ඔයා මගේ ඇඟේ හැම අඟලකම නිධානයක් තියෙනවා වගේ තමයි මාත් එක්ක ඉන්නේ."
"මම නිධානය හොඳට බලා ගන්නවද?"
"බලල විතරක් මදි. මේ ඔක්කොම ඔයාගේ" ඇය ඇගේ නිරුවත් සිරුර මට දක්වමින් කිය සිටියාය."ඔයා මතක් වුණත් ගඟක් වගේ ගලනවා. කැමති දෙයක් කරන්න රත්තරං, මමත් ඔයා කියන ඕනම දෙයක් කරන්නම්"
දර්ශිකා සහ මා ඇත්තෙන්ම විවාහ නොවූ, එකිනෙකාට අයත් නැති අඹු සැමියන්ම විය. දර්ශිකා කන්තෝරුව තුල මා හට සැලකූයේ ස්වාමිපුරුෂයාට සලකන අන්දමේ ආදරයෙනි.  මා සිතුවේ ඈ මාගේ අඹුව බව මෙන්ම, ඈ සිතූයේ මා ඇගේ පුරුෂයා බවය. අපෙ විවාහ තනිකරම සමාජයීය කටයුත්ත වෙද්දී, ආත්මීය බැඳීම ඇතිවූයේ කිසිදා එක් නොවෙන අප අතරය. අපගේ මේ වෙනස කන්තෝරුවටම දැනෙන්නට ඇත. නමුත් මේ අළුත් සබැඳියාව නිසා දර්ශිකා සහ මම, පෙර නොවූ තරම් කාර්යක්ෂමව අපේ සේවා කටයුතු ඉටු කර ඇත. ආයතනයට වාසි වීම කරන කොටගෙන මේ ගැන කිසිම කථාවක් එළිපිට කීමට මගේ ප්‍රධානයෝ පරිස්සම් වූහ. "උන් දෙන්නා තුන් දෙනෙක් ගේ ටාගට් කවර් කරනව නම්, උන් හැමනෙනවද නැද්ද කියන එක මට වැඩක් නෑ ඕයි, මට ඕන ටාගට් විතරයි". අප ගැන කේලමක් කියන්නට ගිය එකෙකුට ප්‍රධානයාගෙන් ලැබුනේ එවන් රොස් පරොස් වදනකි. නමුත් අහුමුළු වල, දොර පලු අස්සේ, අපාන ශාලාවේ මධු විත ගනිද්දී උහු සයනයේ සතපාගත නොහැකි, මගේ දර්ශිකාව වචනයෙන් නිරුවත් කොට, දූෂණය කරන බව මම දැන සිටියෙමි.

රෙදි කඩ මත එකිනෙක වෙළී සිටි අප දෙදෙනාට දැනුණේ ලොව පෙරැළී යන බවකි. මා ඉදිරිපිට වූ දර්ශිකාගේ රුව දිය වී, කුඩු වී, වැලි කැට බවට පත් වී, රන්වන් වැල්ලට එක්වූයේ නිමේශයකිනි. මහපොළොව බිත්තියක් සේ අංශක අනූවකින් භ්‍රමණය වෙද්දී මුදුදේ වතුරත්, රන්වන් වැලිත් සමග මාද පහළට ගසාගෙන යන්නට පටන් ගැනිනි. වැලි ගොඩේ ගිලී යමින්, පිස්සුවෙන් මෙන් අල්ලා ගැනීමට යමක් සොයමින්, මරු විකල්ලෙන් දඟලන මට, තදැති යමක් අසු වූයේ එක් වරමය. සිරුරේ සියළු වැරින් එය බදාගත් මම, හෙණ හඬ නගන මූදු ජල සහ වැලි ඇවලන්චිය අවසන් වන තුරු, මර බියේ ගැහෙමින් බලා උන්නෙමි.  මා කොපමණ වෙලාවක් එහි එල්ලී සිටියාදැයි මා දන්නේ නැත. ඇස් හැර බැලූ විට මා පඩි පෙළක් මත වූ කොරවක් ගලක සිංහ හිස බදාගෙන සිටියෙමි. සිංහ හිස ඇතහැර, වට පිට බැලූ විට මා වෙසෙන්නේ නගරයක බව මට පසක් විය. අහස උසට දිවෙන අද්භූත හැඩැති කුළුණු, ගල් කැටයම්, පොකුණු සහ උද්‍යාන මා නෙතට ලක්විය. මේ කුළුණු වල ඇති හැඩතලත්, මා රතු පැහැ වැල්ල මතදී දුටු බහු අස්‍රාකාර හැඩයන්මය. පොකුණක් අද්දර ගොස් බැලූ කල අහස තෙක් දිවෙන කුලුණ සේම, තෙරක් නොපෙනෙන පාතාලය දක්වා දිවෙන කුළුණු ද මට දර්ශනය විය. කුළුණු ඉහළට යන්නට යන්නට මට සිළුටු වූ අතර පාතාලය දෙසට යන්නට යන්නට තියුණු ගතියක්ද දැක්වීය.

අපගේ වසන්තය වේගයෙන් නිමා වෙමින් පැවතිණි. අප පවුල් වලින් මේ තහනම් සබඳියාවට ද්වේශ කෙරුණු බව අමුතුවෙන් කියන්නට වුවමනා නැති යයි සිතමි. අප, අපේ කලත්‍රයන්ට දහසක් බොරු කියන්නට ඇත. නමුත් ඒ අප අතර හැම විටම සත්‍යය ඇතැයි සිතමිනි. දර්ශිකා වෙනදා අඳින අත නැති හැට්ටය වෙනුවට, අත් දිග හෑට්ටයකින් පමිණ තිබීම කිසිවෙකුට අරුමයක් නොවූ බවක් පෙණින. "ඔය මොක ඇඳන් ආවත් අරූ ගලවනවනෙ" මගේ මිතුරෙක් ඇයට කෙළින්ම කියා තිබුණේ එසේය. අත් දිග හැට්ටයෙන් තැලුම් තුවාල වසා ගත්තද, පැලී ඉදිමුණු තොල නම් සඟවා ගැනීමට ඇයට හැකි වූයේ නැත. "ලිස්සලා වැටුණා අනේ" මා විමසන්නටත් ප්‍රථම ඇය කියා සිටියාය. "ඇයි මොකද්ද කඩි කුලප්පුව?" මා ඇසීමි. ඇය පවසන්නේ බොරු බවත්, ඇගේ සැමියාගෙන් හෝ වෙනත් කෙනෙකුගෙන් ඇය පහර කා ඇති බවත් අන්ධයකුට සේ මට නොපෙනී ගිය හැටි! අප අතර වූ ආදරයේ ප්‍රාකාරය, රැවටීම නම් වල් පැලෑටියේ මුල් වලට හසුව, බිඳී, ඉරිතැලී, පුපුරා පොළොවට පස්වෙන බව මට දැනුනේ නම් මේ කතාව මීට වඩා වෙනස් අයුරෙකින් අවසන් වන්නට ඉඩ තිබිණ.

ඔප දැමූ ගල් පුවරු බරාඳයක් සහිත පටු මාවතක් දිගේ මා ගමන් කරමින් සිටිමි. මේ මර්ගය මඳ ආනත බවක් ඇති බව පෙනී ගියේ බිම වැතිරී එහි ආනතිය පරීක්ෂ කිරීමෙන් පසුවය. මා මේ මාර්ගය දිගේ පහළට ගමන් කරමින් සිටිමි. කොපමණ වෙලා මා ගමන් කළා දැයි මට මතක නැත. බරාඳයෙන් ඔබ එක් පසෙක වූයේ ගැඹුරු ජල දුර්ගයකි. ජලය කැලැඹෙන අයුරින් එහි සතුන් සිටිනා සෙයකි. අනෙක් පස වූයේ රත් පැහැ මන්දාලෝකය පැතිරී ගිය බිමෙකි. අද්භූත මෙන්ම බියකරු හැඩැති උල් සහ වස්තූන්ගෙන් ඒ බිම පිරී පැවතිණි. ජල දුර්ගයත්, මේ බියකරු බිමත් ගැන සිතමින් සිටි මා ඉදිරියේ දිස්වූයේ දැවැන්ත අර්ධ කවාකාර ආරුක්කුවකි. එහි මුදුනේ මා නොදන්නා යම් සතෙකුගේ මූර්තියක් ඇත. ඒ සිංහයෙක්ද? අලියෙක්ද? අශ්වයෙක්ද? එය මොණරෙක්දැයි සිතමින් ඒ දෙස බැලූකල්හි, ඒ මොණරකු ලෙසද මට පෙනී ගියේය.

සිය සැමියාගෙන් දිනපතා පහර කන දර්ශිකාට, මා ගැන උනන්දුව අඩුවී ගොස් ඇත. බිරිඳගෙන් දිනපතාම නෝක්කඩු අසන මටද එසේමය. කතුරක් ගෙන මේ පෙකණිවැල කපා දමන්නට සිතූ වාර ගණන කොතරම්ද? එනමුත් ඒ ගැන සිතන විටදී පවා පිහියකින් කපන සේ වේදනා දැනේ. දැන් ඉඳ හිට, හෝටල් කාමරයකට අප රිංගා ගන්නේ රති කෙළිය සඳහා පමණමය. උණුසුම් ආදර කථා, අල්ලාප සල්ලාප, විහිළු තහළු වලින් තොරව කාරිය නිම කර අප වෙන්ව යන්නෙමු.  දර්ශිකා මුදල්ට සේවය නොකරන අබිසරුලියක් වෙමින් සිටියාය.

ආරුක්කුවෙන් ඔබ්බෙහි වූයේ දැවන්ත ශාලාවෙකි. එහි භිත්තීන් කොතැනද හෝ වහළ කොහිද යන්න පවා සොයා ගත නොහැකි විය. සිංහ හිසේ එල්ලී සිටියදී පරිසරයේ තිබූ දීප්තිමත් පැහැයන් අඩුවී ගොස්, මුළු පරිසරයම කළු-අළු-සුදු පැහැයන්ගේ විවිධ අවස්ථාවන්ට පත්වී තිබිණ. ශාලාවේ තැනින් තැන විවිධ භාණ්ඩ තබා තිබිණ. තරමක් වම්පසට වෙන්නට මිනිසකු හිඳගෙන සිටි අතර ඔහුගේ අතෙහි තාරාවියක් විය. මිනිසා තාරාවියගේ පිහාටු එකින් එක සිඳ දමයි. තාරාවිය කරන්නේ සිනාසෙමින් මිනිසා දෙස බලා සිටීමය. ඒ දෙස බලා සිටින විට මිනිසාගේත් තාරාවියගේත් පුරුදු බවක් ඇති බව මට හැඟී ගියේය. ඉන් මඳ ඔබ්බෙහි වූයේ බිඳි ගිය පුන් කළසකි. ගිජු ලිහිණි හොටක් සහිත මිනිසෙකුගේ රුවක් ඈතින් දකින්නට ලැබිණි. මම මේ සංකේතයන්හි අදහස් තේරුම් ගැනීමට වෙර දරමින් සිටියෙමි. නමුත් තව දුරටත් පැටැලෙනු හැර ඉන් කිසිවක් මා හට පැහැදිලි වූයේ නැත.

මා හට එක විටම දක්නට ලැබුණේ දර්ශිකාය. නමුත්, නමුත්, මේ ඈ මද? මා දුටු රුව දර්ශිකාට වඩා සිරුරින් සිහින්ය. මුහුණෙහි ඇත්තේ රාගයෙන් උම්මත්තක වූ ස්වභාවයෙකි. හිසකේ අවුල්ව ඇත. පහර කෑ ලකුණු කිසිවෙක් නැත. පියයුරු අසාමාන්‍ය ලෙස විසල්ය. උකුළ පුළුල්ය.වචනයක් හෝ කතා නොකර මේ රුව මා වෙත පැන මා බදා ගත්තේය. පිස්සියක මෙන් මා සිපගත් දර්ශිකා ඈත පෙදෙසකට අත දිගු කලාය. ඈ සුරත තදින් බදා ගත් මා ඇය සමග එක්ව පිය නැගීමි. මොහොතකින් අප ඉදිරියේ වූ සුවිසල් බිත්තියකි. එහි විවිධ රූපයන් ඇත. ස්ත්‍රී, පුරුෂ, බාල, මහළු, කෙට්ටු, මහත ආදී නොයෙක් ආකාරයේ රූපයන් එහි විය. සියළුම රූප වලින් දික්වූයේ දැඩි රාගික පෙනුමක්මය. වඩාත් ලංව බැලූ විට, මේ සියළුම රූප කුමක් හෝ රති කෙළියක යෙදී සිටින අයුරෙක් පෙනේ. ඔව්, මේ ශෘංගාර බිත්තියයි!

බිත්තිය බලමින් සිටි මගේ මුහුණ තමන් වෙත හරවා ගත් දර්ශිකා නැවත මා හා සිනාසුනාය. නැවතත් හැරී බිත්තිය දෙස බැලූ මට බිත්තියේ යම් වෙනස්කම් තිබුණාදෝ හෝ යන සැකය පැන නැගිණි. මේ බිත්තිය සජීවීද? මේ සිටින්නේ සැබෑ මිනිසුන්ද? මේ මූර්තීන් අල්ලන විට පවා දැනෙන්නේ පිළිකුල් සහගත මෘදු බවක් සහ සීතලකි. නැවතත් මා සිපගත් දර්ශිකා බිත්තිය වෙතට මා තල්ලු කරගෙන ගියාය. නොනවාම මාද ඇය සිප ගතිමි. මොහොතින් අප සම්භෝගයට පිවිසුනෙමු. හදිසියේම, සීතල අත් රැසක් විසින් දර්ශිකා බිත්තිය තුළට ඇදගනු ලැබීය. ඇය හඬක් නොනගාම බිත්තියේ ගිලී ගොස්, මූර්තියක් බවට පත් විය. සීතල යමක් සිරුරේ ගැටෙනු මට දැනුණු අතර, අත් රාශියක් විසින් මා බිත්තිය දෙසට අදිනු ලැබිණ. තවත් අත් කිහිපයක් මා හිස මිරිකන්නට වූ අතර, ඉන් සිදු වූයේ හිස පොඩි කරන්නාක් මෙන් තද වේදනාවකින් වෙළී යාමය. බිත්තියෙන් ඉවතට පැනීමට මා දඟලද්දී, තව තවත් එහිම ගිලී යාම පමණක් ම සිදු විය. කෙමෙන්, කෙමෙන්, මා පිළිකුල් සහගත් සීතල බිත්තිය තුළ ගැඹුරටම ගිලී ගියෙමි. මගේ හිස් කට්ට පුපුරන හඬ මටම ඇසුණු අතර, සීතල අත්, මගේ හිස් කුහරය තුලට එබෙනු දැණින. තවත් සීතල අත් රැසෙක්, පපුව තුලට වැදගෙන, ඉන් එළියට ඇදගත්තේ මාගේම ගැහෙන, ලේ පෙරෙන හදවතය! සුදු පැහැ ලොඳ ලෙස උඩින් විසිවී යන්නේ මාගේම මොළ කැබැලි බව වැටහී බියෙන් ත්‍රස්ත වී ගිය මා සිහිසුන්ව යනවා මතකය. යමෙක් පැමිණ බිත්තියෙන් මා දැඩි වෑයමකින් එළියට අදිනවා මට යන්තම් මතක ඇත . . .

Thursday, September 3, 2009

රතු සඳ මඬල

“පලයන් යන්න . . උඹ අදත් ආව ද?”


‍ජ්‍යෝතිෂවේදියාගේ සහකරු කාන්තාවකට ගෝරනාඩු කරනු දැකීමි. මමත් මගේ මිත්‍රයාත් ගෙදරට හොර රහසෙන්ම මෙහි පැමිණියේ මගේ මිතුරාගේ වුවමනාවටය. කාර්යාලයේ වැඩ කරන කෙල්ලක සමග හාද වී සිටින ඔහුගේ පෙම් පුවත නිවෙස් වලට හොරා දැන් දෙවසකට වඩා කාලයක් දිව ගොස් ඇත. 21 වන සියවසට අප පා තැබුවද අප මනස් තුල මුල් බැස ගත් ඇතම් මිත්‍යාවන් බැහැර කිරීමට අප අසමත් වීමු. චතුරගේ මව්පියන්ට සිදු වී තිබුනේත් එයමය. කෙන්ද්‍ර නොගැලපෙන විවාහයකට ඔවුන් කොහොමටවත් අකැමැති බව චතුරට කියා ඇත්තේ මීට වසර කිහිපයකටම කලිනි. මා සමග චතුර මේ සිද්ධිය විස්තර කලේ සතියකට පමණ පෙරය. හොරෙන්ම පොරොන්දම් ගලපා බලා ගැන්මට මම ඔහුට යෝජනා කලේ හරි කේන්දරය නොගැලපෙන්නේ නම් හොර එකක් හෝ හදා ගැන්මට එවිට ඉඩ ප්‍රස්තාව ඇති නිසාය. ජ්‍යෝතිෂවේදියාගේ කාර්යාලය ඉදිරිපිට සිටි පුටු වල ඉඳගෙන සිටි අපේ මනෝ දැහැන බිඳ වූ සිද්ධිය කුමක්දැයි බලා ගැන්මට පුටුව රත්කරමින් සිටි අපට ඇති වුයේ බලවත් ආශාවකි. කාර්යාලයේ සහකරුවාට හෙමින්ම කිට්ටු කල අපි ඔහුව කතාවකට ඇද ගත්තේ මේ ගැන දැන ගැන්මටය.


"අයියේ මොකද මෙතන අවුල?"
"ආ මහත්තයා, ඒ පිස්සියෙක් නෙ. හැමදාම කෙන්දරයක් උස්සගෙන මෙහෙ එනවා. ඔය ගෑනි මේ කිට්ටුව තනියෙන්මයි ඉන්නේ"
අපි එකිනෙකා දෙස බැලුවෙමු. පිස්සන් ගැන අසා ඇතත් මෙබඳු පිස්සියක ගැන අප ඇසූ පළමු වතාව මෙය විය.
"අයියේ ඔය පිස්සී ඉන්නේ කොහෙද?" චතුර අසුවේ මා පුදුමයට පත් කරමිනි. හෙමින්ම රුපියල් පනහක් කාර්යාල සහකරුගේ අතේ තැබීමට ඔහු වග බලා ගත්තේය.
"ඔය ඉස්සරහ හන්දියෙන් වමට හැරෙන ගුරු පාරේ කොණේම ගේ. මහත්තුරු පත්තරෙන්ද?"


අපි එසේ බව ඔහුට හඟවා පය ඉක්මන් කලේ මගේ මිතුරාගේ වාරය ලඟා වූ බැවිණි. පොරොන්දම් 20 න් පහක් පමණක් ගැලපෙන නිසා ජෝඩුව ගැලපෙන්නේ නැතැයි ජ්‍යෝතිර්වේදියා අපට සැළ කර සිටියේය. චතුරට දහදියද දමා ඇත. පඬුරු දී අපි හෙමින්ම කාර්යාලයෙන් පල්ලම් බැස්සේ මුහුණු හොඳටම නරක් කරගෙනය.


"අනුෂ්ක, අපි මොකද කරන්නේ මචන්?" චතුර ඇසීය.
"වෙන කරන්න දෙයක් නැහැ අරහෙම කරමු"
"කවුද අපිට ඔහොම කෙන්දරයක් හදලා දෙන්නේ?"
"අපි අර පොරගෙන් අහලා බලමු" මම කීවේ ජ්‍යෝතීර්වේදියාගේ සහයකයා පෙන්වමිනි. අපගේ කතාව අස සිටි සහයකයා රැල් බුරුල් හැර කතාව පටන් ගත්තේය.
"ඔය කේන්දර වලට බොරු කරන එක මහ පාප කරුමයක් මහත්තයෝ. මම නම් ඕවට කැමති නැහැ"
"අපි නිකම් නෙමෙයිනෙ කියන්නේ" මම වොලට්ටුව හරිමින් රුපියල් 500 කොළයක් එලියට අදිනට උත්සාහ කරමින් පැවසීමි. දෙවියන්ගේ මල්ලී දුටු විගස අයියාට තිබූ භක්තිය මල්ලීට ඇතිවීම නිසාදෝ ඔහු වට පිට බැලීය. ඔහුගේ ඇස් කෑදර කමින් දිලිසෙන්නට විය.
"මම හොඳ තැනක් සෙට් කරල දෙන්නම්. හැබැයි ඉතින් ගාණ ටිකක් සැරයි" මම රුපියල් 500 ඔහු අතට දී, "එහෙනම් අපිට අඩුවට කරලා දෙන්නකෝ" යයි පැවසීමි. තවත් ජ්‍යෝතිර්වේදියකුගේ නමක් හා ලිපිනයක් දුම් ඔහු, පියසේන එවුවැයි කියා කියන ලෙස අපට උපදෙස්ද ලබා දුන්නේය. අප එතනින් පිටවූයේ මේ ක්‍රියාව කොයි අතට පෙරළේදැයි දෙගිඩියාවෙනි. මේ ක්‍රියාව ආරංචි වූ දාට මට චතුර ගේ ගෙදර පස් පාගන්නට වත් බැරි වනු ඇත.


"අනුශ්ක, අපි අර පිස්සි බලල එමුද?" චතුර ඇසුවේ හදිසියේමය. "මට ඒකෙ හරි අමුත්තක් තේරෙනවා" පත්තර රස්සාවට කවදක් කැමැත්තෙන් සිටි චතුර කුහුල දනවන සිද්ධීන් වෙත ඇදී ගියේ යකඩයක් කාන්දමකට ඇදී යන්නාක් මෙනි.


මිනිත්තු 20ක පමණ පාගමනින් පසුව අපට පෙර කී පිස්සියගේ නිවස හමු විය. පිස්සියක් යයි කීවාට ඇය පිළිවෙලට හැඳ පැලද සිටියාය. නිවෙස පිරිසිදුව තිබුණත් එය ඉතා පැරණි ගොඩනැගිල්ලක් විය. මුදුන් පලයේ 1906 ලෙස සළකුණු කර ඇත. පිස්සියකට කතා කළ යුත්තේ කෙසේදැයි අපි දෙදෙනාම දැන සිටියේ නැත. නමුත් වයස 40ක් පමණ වු හෙයින් ඇයට "අක්කා" ලෙස අමත්න්නට තීරණය කර ගතිමු.


"අක්කේ අපට වතුර එකක් දෙන්නකෝ" චතුර පැවසුවේ නිවසේ ගේට්ටුව ලඟට පමිනෙමිණි. අවිශ්වාසය දනවන් බැල්මකින් අප දෙස බලා සිටි ඈ මොහොතින් නිවස තුල නොපෙනී ගියාය. ඇය නැවත පමිණියේ වතුර වීදුරු දෙකක් රැගෙනය. පැන් කිසෙන් සප්පායම් වූ අප මුහුණු බලා ගත්තේ කතාව කෙලෙස ඇරඹිය යුතු දැයි අපි නොදන්නා බැවිණි.
"අක්කට මොකද අර පියසේන කාරයා සැර කලේ?" මම ඇසීමි. "මල්ලිලාත් කේන්දර බලන්නද? කේන්දර ගැලපෙන්නේ නැත්නම් මල්ලී පැනලා හරි යන්න. මම වගේ වෙන්නේ නැතුව" අප ඉදිරිපිට පුපුරා ගියේ කුමක්දැයි අප දුටුවේ නැත. නමුත් ඒ ප්‍රකාශයෙන් අප ගල් ගැසි ගියේ එලෙසය.


"මොකද්ද අක්කේ ඒ කතාව?" චතුර ඇසීය. "මගේ නම පද්මිණී. දැන් වයස 42 යි. මිනිස්සු නම් කියන්නේ මට පිස්සු කියල. නමුත් මමත් මීට අවුරුදු 16 කට කලින් ඔය විදියටම පොරොන්දම් බලන්න ගියා" මදක් කතාව නැවැත්වු ඇය නිවෙස තුලට ගොස් ඇල්බමයක් රැගෙන ආවාය. එහි වූයේ එකම ඡායා රූපයක් පමණි. තරමක් කඩවසම් වයස 30ක් පමණ වූ තරුණයකුගෙ රුව එහි විය.


"මේ ගිහාන්. අවුරුදු 16 කට ඉස්සර. මට ඒ දවස හොඳට මතකයි. එදා පූර්ණ ඡන්ද්‍රග්‍රහණයක් තිබුනා. අපි රතු පාට හඳ යට ඉඳගෙන අපේ අනාගතේ ගැන කතා කළා. හඳ රතුපාට උනේ ඇයි කියල මට තාම තේරෙන්නේ නැහැ. එද තමයි අපේ ගෙදරින් කිවුවේ කෙන්දර ගැලපෙන්නේ නැති හින්දා බන්දින්න දෙන්නේ නැහැ කිඅයල්. මම ගෙදරට හරිම කීකරුව හිටි කෙනෙක්. නමුත් මට ගිහාන් නැතුවම බැරි උනා. නමුත් අපේ ගෙදරින් කැමති උනෙ නැහැ" සිහින් ලෙස ඉකි ගසමින් පද්මිණි හඬන්නට පටන් ගත්තාය. වැයමෙන් කඳුලු පිස ගත් ඇය, "මම මල්ලිලාට තේ එකක් ගේන්නම්" කියා නිවෙසට වැදුණාය.


උණු තේ එකක් බොමින් අප දෙකන් අයා සිටියේ ඇගේ කතාවටය.
"ගිහාන් එක්ක පැනලා යන්න මම කැමති උනේ නැහැ. මට එතකොට රස්සවක් තිබුණා. ගිහාන්ටත් එහෙමයි. පැනලා ගිහින් අපට සතුටින් ඉන්න තිබුණා. ඒත් අම්මලා ගැන හිතලා මම එහෙම කලේ නැහැ. කවුරුහරි කේන්දර කාරයෙක් ලව්වා මේ කේන්දර දෙක ගැලපෙනව කියල කියව ගන්නයි මට වුවමනා කළේ. එද ඉඳන් අවුරුදු 16ක් තිස්සේ මම මුළු රටේම කෙන්දර කාරයෝ ගාවට අපේ කෙන්දර කොපි අරගෙන යනවා ඒවා ගැලපෙනවද බලන්න. හැම තැනින්ම කියන්නේ ගැලපෙන්නේ නැහැ කියල. සමහරු මාව එලව ගනන්වා. ඒත් මම කොහොම හරි මේක කරනවා. එදා හඳේ ගෑවිලා තිබුනේ අපේ පපුවල ඇනිච්ච කටු වලින් ආපු ලේ ද මන්ද කියලත් මට හිතෙනවා.”


"දැන් ගිහාන් කොහෙද ඉන්නෙ?" චතුර ඇසීය. "එයත් බැඳලා නැත්ද?"
"එයා කවදාවත් බඳින එකක් නැහැ. එයා එ දැන් නම රත්ගම විජිතවිමල."
"මහණ වෙලා?" මම ඇසීමි.
"හ්ම්ම්" පද්මිණි අක්කා හිස සැලීය.
“මල්ලිලා හිතන්නෙත් මට පිස්සු කියලද?"
අපි මුහුණට මුහුණ බලා ගතිමු.
"නැහැ, අපි එහෙම හිතන්නේ නැහැ. අක්කේ අපි යනවා. අපට බණ්ඩාරගමටම යන්න තියෙනවනෙ." අපි පද්මිණි අක්කාගෙන් සමු ගත්තෙමු.


"මචන් ඒක මාර කතාවක්" චතුර කතා කලේ අපි පිටකොටුවෙන් බසයට නැගි බොරලැස්ගමුවත් පසු කළ විටය."මට ඒ කතාව බොක්කට වැදුණා"
මට කළ හැකි වූයේ හිස සැලීම පමණි. මගේ හිතත් හිරි වැටී ගොස් තිබිණි.
"අපි කොහොම හරි අළුත් කේන්දරයක් හදමු". චතුර කීවේ බණ්ඩාරගමින් බැසීමෙන් පසුවය. මම ඔහුට සුබ පතා අඟුරුවාතොට බසයට නැගුනේ අන්තිම බසය ගැන වැඩි විශ්වාසයක් තැබිය නොහැකි නිසාය. නැත්නම් මට චතුරගේ ගෙදර ගොස් යන්නට ඉඩ තිබිණි. සවස් යාමයේ ගෙදර ගිය විට එදා පෝය දිනයක් බව සිහි වූයේ ගෙදර කිට්ටුව තිබු පන්සලේ බුද්ධ පූජාවට ඝන්ඨාරය ගසනු ඇසීමෙනි.


"මාමා දන්නවද? අද හඳට මොකක්ද වෙනවලු" කුඩා නිම්මි පැමින මගේ ඇඟේ එල්ලුණාය. "අපි එලියට යමු"
"අන්න බලන්න හඳේ පාට!" නිම්මි පැවසු දෙසට මම නෙත් යොමු කළෙමි.
"දෙයියෝ සාක්කි!" මට කියැවිනි. ලේ පාටින් සඳ මඬල වැසී ඇත. පුර සඳේ ආලෝකය කිසි තැනක නොවීය.
"චතුර!"

Monday, April 13, 2009

චීන ඌරා

“පෝලිම් පනින්නේ නැතුව ඉවසලා ඉන්නවා” ඇමතිතුමා ගේ ආරක්ෂකයා රැකියා බලාපොරොත්තුවෙන් පැමිණි පිරිසට කෑ ගැසීය. ”ගන්නෙ එක්කෙනානෙ”
සාලින්ද සිටියේ පෝලිමේ විසි වැනියාට ය. වේලාව එකොළහ ද පසු වී ඇත. සම්මුබ පරීක්ෂණය පටන් ගන්නා බැව් කියා තිබුණේ අටයි තිහට වුවත් ඇමැතිතුමා ඇතුළු පිරිස පැමිණයේ මොහොතකට කලිනි.
“හරි . . . පළමුවෙනියා ඇතුළට එනව” දොරටුව අසළින් විධානයක් නිකුත් කෙරිණ. පළමුවැනියා ඇතුළු විය.

සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ ඇමතිතුමා ගේ උපදේශකයකු ගේ තනතුරට පත් කරගැනීමට අයැදුම් පත් කැඳවා තිබූ දැන්වීම සාලින්ද දුටුවේ සතියකට පෙරය. කලා උපාධිධරයකු වූ සාලින්ද සිරිපුර සිට පැමිණයේ රැකියාවක් සඳහා වූ අවසාන බලාපොරොත්තුවත් සමග ය. මෙවර රැකියාවක් නොලැබුණොත් තම මිය ගිය පියා විසින් කරන ලද සිල්ලර කඩය නැවත පටන් ගැනීමට ඔහු අදහස් කරගෙන තිබිණි.

 “මේ මිනිහා විනාශ වෙන්න යනවා” ගෝර්කි කීය. “මිනිහා යන්නේ අන්තිම නරක තැනකට,  ම් . . . බලමු . . . අන්තිම නරක තැනකට”
“අපි මිනිහට අවස්ථාවක් දෙමු” මෙවර කීවේ ශේක්ස්පියර් ය. “මේ වගේ මිනිස්සු තමයි ඉතිහාසය වෙනස් කරන්නෙ”
“අනික් කට්ටිය මොකද කියන්නෙ?” ඔහු නැවත ඇසීය.
“අවස්ථාවක් දෙමු” එක් හඬින් ඔවුහු කියා සිටියහ.
“මේ මිනිහා තෝරාගත් කීප දෙනාගෙන් අයෙක්. ඔහු නරකට යොමු නොකර තියා ගැනීම වැදගත්” ගෝර්කි ලෙස හඳුන්වා ගත් මිනිසා නැවත කීය.

පස්වරු එකට පමණ සාලින්ද ගේ වාරය උදා විණ.
“ඇතුළට එනවා” නැවත විධානය ලැබිණ.
“නම” සුදු ඇඳුමක් ඇඳ සිටි ඇමති තුමා ඇසීය.
“සාලින්ද අරුක්ගොඩ . . . සර්” අවසනට ආ “සර්” කෑල්ල එක් වූයේ රැකියාව ලබා ගැන්මට තිබූ තද වුවමනාව නිසාය. 
“ආ . . . ඉඳ ගන්නව”
“වයස”
“තිස් එකයි සර්” මෙවර අපහසුවකින් තොරව “සර්“ පදය පිට විණ.
“බැඳල ද?”
“නැහැ. රස්සාවක් ලැබුණොත් බඳින්න ඉන්නෙ . . . සර් . . .”
“පුහ් . . හහ් . . හහ් . . හා . . . .” බඩ මහත ඇමතිතුමා හිනා වෙන්නට පටන් ගති. “තමුසෙ ගොනෙක් ඕයි . . . බැඳලා ඉවර වෙලා ජීවිතේ ගැන හිතනවා” සාලින්දට මතක් වූයේ හිනාවිය හැකි ලොකු චීන ඌරෙකි.
“මොනවද සුදුසුකම්” සම්පූර්ණ බටහිර ඇඳුමෙන් සැරසී සිටි වැදගත් පෙනුමැති පුද්ගලයෙක් ප්රකශ්න කළේය.
“සර්, කලා අංශයේ ගෞරව උපාධියක් තියෙනවා. ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් තියෙනවා”
“පුහ් . . හහ් . . හහ් . . හා . . . .” ඇමැතිතුමා නැවත සිනාසිණි. “වෙන රස්සාවකට නං ඔය උපාධිය තුට්ටු දෙකේ එකක්. ඒවුනාට ඉංග්‍රීසි ඩිප්ලෝමාවට සලකන්න වෙනවා”
“වල් බල්ලා . . .” සාලින්ද සිතීය. “තොපි වගේ එවුන් තමයි කලා උපාධිධාරීන් මේ තත්ත්වෙට ගෙනාවෙ”
“ගම කොහෙද, මිස්ට අරුක්ගොඩ” වැදගත් පෙනුමැති පුද්ගලයා නැවත ඇසීය.
“සිරිපුර සර්, පොළොන්නරුවයි, දෙහි අත්තකණ්ඩියයි අතර” 
“පට්ට කැලේ නෙ ඕයි . . . පුහ් . . හහ් . . හහ් . . හා . . . .” චීන ඌරා නැවතත් සිනාසිණි.
“යකෝ මුගෙ ගම ඔක්කම්පිටියෙ ඉඳලත් හැත්ප්ම විසිපහක් දුර. මූ හිතන්නෙ නිකං කුරුඳුවත්තෙන් බැස්සා කියල” සාලින්ද ගේ සිත තුළ අදහස් පුපුරයි.
“මිස්ට අරුක්ගොඩ. සුබ පැතුම්. අපි ඔයාව තෝර ගත්තා. මේ කොළය අරන් ගිහින් ගණකාධිකාරීතුමාව හම්බ වෙන්න”
සාලින්ද ගේ සතුට හිස් මුදුනින් පිට විය. රුපියල් හත් දහසක ඇඳුම් දීමනාවක් ද ලැබී තිබේ. ඇමතිතුමා ළඟ වැඩ කරන විට ජැන්ඩියට ඇඳිය යුතු බව එතුමාගේ ලේකම් විසින් පැහැදිලි කර දෙන ලදී. දැන් ලෙඩින් ඉන්න අම්මාගේ බෙහෙත් වියදමින් කොටසක් දැරිය හැක. ගාමන්ට් එකේ වැඩ කරන නංගී ට දැන් ඇයටම කියා මුදලක් ඉතිරි කරගත හැකි වනු ඇත.

“ජීවිතේ අමාරුකම් ඉදිරිපිට මිනිස්සු තම හෘදය සාක්ෂිය පාවා දෙන්න වුනත් සූදානම් වෙනවා.“ ගෝර්කි කීය. “අපේ මිනිහා වාණිජත්වය ලිස්සන පල්ලමට වැටිලා ඉවරයි. ගොඩ එන එකක් නැහැ වගේ”
“උත්සාහ කරමු, තවමත් ඔහුගේ සිතේ මේ ක්‍රමයට විරුද්ධව විරෝධාකල්පයන් දැල්වෙනව. දවසක් ඒවා පුපුරලා එළියට ඒවි” බුල්ගාකොව් කීය.
“ඔක්කකොමලා බුල්ගාකොව්ලා නෙවෙයි.“ ශෙක්ස්පියර් කීය. “මෙතැනට එන්න නම් අපේ මිනිහට ගොඩක් අමාරු වේවි”
“මම කියන්නේ අපි තව ටිකක් ඉවසමු කියල“

සාලින්ද ගේ වැඩ එතරම් අපහසු නොවිණ. ඇත්තට ම ඔහු එම තනතුරට දක්ෂ වැඩි බව ඇමතිතුමා ද පිළිගත්තේය. විවිධ සංස්කෘතික උළෙල වල කරන්නා වූ කථා සැකසීම සාලින්ද ට භාර වූ ප්‍රධාන ම වැඩ කොටස විය. ඔහුට ඇමතිතුමා හමු වූයේ ඉඳහිට ය. නමුත් සාලින්ද අතින් පිළියෙළ වූ කථා ඉස්තරම් ම තත්ත්වයේ ඒවා විය. සහෝදර ඇමතිතුමන් ලා අන්දමන්ද ව යන සුළු කථා ඔහු විසින් ඉදිරිපත් කරන ලදී. අනෙක් ඇමති වරුන්ගේ නොමද ඊර්ෂ්‍යාවට ද ඔහු ලක් විය.
“ගුණේ, මාර වැඩ කාරයෙක් උඹ අරන් තියෙනවානෙ, කලා කාරයොත් හොල්මන් අර පොත් වලින් ගත්තු සාහිත්‍ය විචාර ගැන කියන කොට.” කෘෂිකර්ම ඇමතිතුමා වරක් මෙසේ කියනු සාලින්ද අසා තිබිණ.
“එහෙම තමයි මේ ගුණයා, හොයන්නෙ හොඳම ඒවා, පුහ් . . හහ් . . හහ් . . හා . . . . ” ඇමතිතුමා එවිට සිනාසුණි.

ජාතික කලා උළෙල ළඟ ළඟ ම එයි. එහි වැඩ කටයුතු සඳහා ඇමතිතුමා මේ දින වල නිතරම ගමනේ ය. 
“අයිසෙ, සාලින්ද, මේ සැරේ කලා උළෙල ට හොඳ කථාවක් ඕන. වෙනදා වගේ කථාව විතරක් නෙවෙයි මේ පාර අංග චලන වගේ දේවලුත් ප්‍රැක්ටිස් කරන්න ඕන. තමුසෙ තද කථිකයනෙ. මේ ටික කරල දෙනවා. මෙන්න උත්සවේ ට එන තද පොරවල් ටික. උන්ට වදින විදියට කතාව එන්න ඕන. තමුසෙ දන්නවනෙ, මං කලාව, සංස්කුරුතිය ගැන අකුරක් වත් දන්නෙ නෑ කියල“

ඇමතිතුමා කථාව පුහුණු වෙයි. සාලින්ද එහි වැරදි හදයි. 
“සර්, ගැඹුරු හඬ දිගටම තියා ගන්න. කෑ ගහන්න ඕන නැහැ.”
“හරි. හරි, ඕයි, මට නිතරම අමතක වෙනව මේක ස්ටේජ් එකක් නොවන බව”
ඇමතිතුමා ගේ දුරකථනය නාද වන්නට පටන් ගත්තේ මෙවිටය.
“ආ, ඩාලිං, ඔව් . . . මම එන්නං . . . මේ දවස් වල බිසී නෙ පැටියො . . . ඔව්, ඔව් . . . මගෙ වයිෆ් වස නපුරු ගෑනි කියල දන්නවනෙ . . . හරි, හරි . . . බායි . . .”
“අරය ද සර්“ ලේකම් ඇසීය.
“නෑ, නෑ, ඒක දැන් නාකියි නෙ. අර . . . අර . . . නිළිය . . . දන්නවනෙ . . . අරක” ඔහු කාන්තා රූපයක් දෑතින් ඇඳ දක්වමින් පැවසීය.
“සර් එයාවත් ඇල්ලුව ද? මාර ගණං දාගෙන නෙ හිටියෙ”
“මල්ලී . . . ඕන බඩ්ඩක් මේ ගුණපාල ඇමතිතුමා ගාව දණින් වැටෙනවා. ඕන එකක් දෙක දෙනකොට බිම” ඇමතිතුමා ජයග්‍රාහී ලීලාවෙන් පැවසීය.
“චික් විතරක් . . . මෙහෙම කුපාඩියෙකුට ද මම වැඩ කරන්නෙ?“ සාලින්ද සිතීය. මෙතැනින් පැන දිවීමේ බලවත් වුවමනාවක් සිත තුළ නැගෙමින් පවතී. එය යට කරගෙන ලෙඩ වුනු අම්මා ගේත්, වැහැරුණු නංගී ගේත් රුව නැගී එයි. “මේක දාලා ගිහින් මොනව කරන්න ද? ජීවිතේම හිඟා කන්න වෙයි. දෙයියනේ කියල ගේ දොර හදාගෙන ලස්සනට ඉන්නෙ මේ රස්සාවේ හම්බවෙන පඩිය හින්දනෙ”

“සර් . . . සර් . . . අපි මූව අල්ල ගත්ත. හෝල් එකේ හොරගල් අහුලනව” කෙසඟ සිරුරැති මිනිසකු ඔසවාගෙන ඇමති ආරක්ෂකයින් දෙදෙනකු පැමිනියහ.
“මූ මොකෙක්ද?” ඇමතිතුමා ඇසීය.
“මාධ්‍යවේදියෙක්ලු සර්”
“මොකෙක්? මාද්දිය . . . ”
“සර්, පත්තර කාරයෙක්, පත්තර කාරයෙක්“
”පත්තර කාරයෙක් . . . ඈ! පත්තර කාරයෙක්!”
“සර් ගෙ රිහසල් වල ෆොටෝ ගනිද්දි අහුවුණා”
“අයිසෙ මැක්ස්” ඇමතිතුමා යමකුට පැවසීය. “මූට දෙනවා නොම්මර හතළිස් හතරෙන්” අඩි හයකටත් වඩා උස මැක්ස් කෙසඟ මිනිසා කුදලාගෙන ගියේය. මොහොතකින් මර ළතෝනියක් ඇසිණි.
“හතළිස් දෙකයි . . .” ඇමතිතුමා කීය.
“මූ මිනී හතළිස් දෙකක් මරලා! අපොයි, මම මේ ඉන්නෙ කොහෙ ද? පණ පිටින් අපායෙ ද?” සාලින්ද තමන්ටම කියා ගත්තේය. පලා යාමේ අවශ්යතාවය දැන් තදින්ම දැනේ.
“කොහොම ද මැක්ස්?“
“සර්, දෙක දෙනකොට බිම”
“හරි, තමුසෙ යනවා . . . සාලින්ද, කොහෙ ද තමුසෙ පාවෙන්නෙ? දන්නව ද? මම ඊළඟට කරන්න යන වැඩේ? නිදහස් කලාකරුවො කියල කාලකණ්නි ටිකක් ඉන්නවනෙ. මම සමහර එවුන්ට පගා දෙනව. සමහර එවුන් ව හොරකම් වලට අහු කරනව. සමහර එවුන් ගාවට ගෑනු යවනව. අවුරුද්දක් යන කොට ලංකාවෙ ඔක්කොම ටීටර් කාරයො මගේ අල්ලෙ”
“අපොයි දෙයියනේ . . . මේක මට තවත් ඉවසාගෙන ඉන්න බැහැ. මූ පුදුම අපරාධකාරයෙක්. මට තවත් බැහැ . . .” සාලින්ද සිතීය.
“වල් බල්ලා . . . උඹේ අපරාධ වලට මම ඉන්නෙ නෑ” සාලින්ද කෑ ගැසීය.
“පුහ් . . හහ් . . හහ් . . හා . . . . මූට අමු කැවිල. මැක්ස් ට කියන්න මූටත් හතළිස් හතරෙන් ම දෙන්න කියල. මේ තමුසෙ මොන පණුවෙක් ද? තොල්ස්තෝයි, ගෝර්කි, කවුද අර තමුසෙගෙ චිත්‍රකාරයා, ඩා වින්චි, ඌ නෙවෙයි අර දොස්තරය . . . ඔව් . . . බුලගාකොව් ආවත් මං උං ඔක්කකොම සල්ලි වලට ගන්නවා. පුහ් . . හහ් . . හහ් . . හා . . . .” චීන ඌරා නැවතත් සිනා වෙන්නට ගති. 

මැක්ස් ඈත සිට එයි. 
”තොල්ස්තෝයි . . . ගෝර්කි . . . ශේක්පියර් . . . උඹලා කොහෙ ද?. කලාව විනාසයි. උඹලා මොනව කරනව ද?” 
හදිසියේම ගිගිරුම් හඬක් සමග ශාලාව අඳුරු විය. මැක්ස් උඩින්ම විසිවී ගියේ වහළයත් කඩා ගෙනය. රත් පැහැ මන්දාලෝකයක් සමග අහස ගිගිරුමකුත් ඇස් නිලංකාර කරන විදුලියකුත් කෙටීය.
”මම තොල්ස්තෝයි . . .” රුසියානු තාලයට හැඳගත් යමෙක් මන්දාලෝකය අතරින් ඇදී ආවේය. 
“මම ගෝර්කි . . . මම ඩාවින්චි . . . ” තට්ටය සහිත ඩාවින්චි වේදිකාව මතය. 
“මම ශේක්ස්පියර්“ තව අයෙක් පැමිණයේය.
වෙද නළාවකුත් සිරිංජි කටුවකුත් ගෙන සුරුට්ටුවකුත් කටේ ගසා ගෙන පස්වැනිව තව අයෙක් පැමිණියේ ය. 
“මිත්‍රයනි, පවුකාරයා අල්ලමු” ඔහු කෑ ගෑයේය. මුලින් පැමිණි හතර දෙනා ඇමතිතුමා ගලග්‍රයෙන් ගෙන බිම හෙළුවෝය.
“බුල්ගාකොව් . . . මේ යකාගේ මොළය දිය වෙන බේත දෙන්න” ගෝර්කි නම් වූ තැනැත්තා කීය.
බුල්ගාකොව් නමැත්තා යම් දුඹුරු පැහැ දියරයක් ඇමතිතුමා එන්නත් කළේය. 
“කලාව කවදත් නොමියෙයි. අත් පිටපත් කවදාවත් නොපිළිස්සෙයි” පස්දෙනාම එකවර කීහ.
නැවත ගිගිරුමකි. නැවත විදිල්ලකි. ශූන්‍යතාවය මැද සාලින්ද හිඳ ගෙන සිටියේය. ඇමතිතුමා, මැක්ස් හෝ ශාලාව පෙනෙන්නට නොවීය.

කල්හාර

"යුෂ්මතා ට මේ සම්බන්ධයෙන් කියන්නට ඇත්තේ කුමක් ද? වැරදිකරු ද, නිවැරදිකරු ද?”
“වැරදිකරු”
“මේ වරද සඳහා මරණ දඬුවම ලබා දිය හැකි බව යුෂ්මතා දන්නවා ද?”
“දන්නවා ස්වාමීනි. නමුත් මා මරන්නට බැහැ”
මොහොතකට උසාවිය ගල් ගැසී ගියේය.
“යුෂ්මතා තම ප්‍රකාශය පැහැදිලි කළ යුතුය”
“ස්වාමීනි මිය යන්නේ මා සිරුර පමණයි. අනෙක් කොටස් දැනටම මිය ගිහින්“
මෙවර වඩාත් දිගු කලෙකට උසාවිය ගල් ගැසී ගියේය. 

කල්හාර නිමලසිංහ යන නම ඇසූවන් බියෙන් තැති ගන්වන නමක් බවට පත් වූයේ පසුගිය වසර දහය තුළය. බිය යන්නා වු වචනය නොහඳුනන, කපටි නුවණැති, එතෙක් මෙතෙක් මෙරට සිටි දරුණුතම මිනී මරුවා කල්හාර ය. ගිනි අවියෙහි හුරුව, බලවත් සිරුර එමෙන් ම වැදගත් මහත්මයකු ගේ පෙනුම ද ඔහු ට තිබිණ. උසාවියේ දී ත්, වෛද්‍ය පරීක්ෂණයේ දී ත් ඔහු හා කථා කරන්නට මට හැකි විය. තියුණු සැතක් වැනි බුද්ධියක් ද, ඔහු සතු බැව් මට තේරුම් ගියේ එවිට ය. මෙතරම් බුද්ධිමත් මිනිසකු දරුණු අපරාධකාරයකු වන්නේ කෙසේ ද? නිමල දිය දහරක් වන් මේ මිනිසා, නියම් ගම් දෙගොඩ තලා යන ගං වතුරක් බවට පත් වූයේ කෙසේ ද? එය මට කිසි දිනෙක දැන ගත හැකි නොවනු ඇත. තමන් ට අනිවාර්යෙන්ම මරණ දඬුවම හිමි වන බව ඔහු දැන සිටියේ නඩු විභාගය පටන් ගන්නටත් පෙර සිට ය. කිසි දු හැඟීමෙන් තොරවම ඔහු එය බලාපොරොත්තුව පසු විය.

උසාවියේ පහන් අඳුරු කෙරිණි. විනිශ්චයකාර තුමා විසින් තීන්දුව ප්රනකාශ කරන ලදී. ඊට දින තුනකට පසුව ඔහු ප්රසිද්ධියේ එල්ලා මරනු ලැබීය. එල්ලුම් ගස දක්වා ගමන ද තවත් ගමනක් මෙන් ම ඔහු ගමන් කළේ ය. ඔහුගේ අවසාන ඉල්ලීම වූයේ ද එල්ලන විට මුහුණ වැසීම නොකරන ලෙසය. නමුත් එයට ඉඩ දෙන නොලදී.

අපරාධ මනෝවිද්‍යාගව පිළිබඳ ව මා සතු ලිපි ගොන්නට එකතු වූ විශේෂිතම ගොනුව මෙය විය. කිසිම ආකාරයකට මානසික ව්‍යාධියක් නොපෙන් වූ කල්හාර ගේ එකම වෙනස වූයේ අද්භූත වූ ශාන්ත ස්වභාවයයි. තව දුරටත් අධ්‍යනය කළ යුතු, එහෙත් නිදර්ශක නොමැතිව අත් හැර දැමූ, ලිපි ගොනුවට කල්හාර නිමලසිංහ ගොනුව ද එක් කෙරිණ.
“ඩොක්ටර්, මම කල්හාර ගැන හොඳට දන්න කෙනෙක්” හදිසියේ ම දිනක් මා කාර්යාලයට පැමිණි කාන්තාවක් මා හා පැවසූවා ය. මම ඈ දෙස බැලීමි. වයස තිස් පහක් පමණ ඇත. වයස විසි ගණන් වලදී ඉතාම රූමත් ව සිටින්න ට ඇත. ඇගේ අතේ වූ විවාහ මුදුව ගලවමින් දමමින් කාලයක් ගතවීම නිසා වෙඳැගිල්ල මත වූ සිහින් කරගැට මා දුටුවෙමි. නියපොතුද කොට වන්නට කපා ඇත. ඇය හෙදියක වන්නට ඇතැයි මට සිතුනි. ඔව් . . . නිදි මැරීම නිසා ඈ මෙලෙස වැහැරී යන්නට ඇත. 

“නර්ස් නෝන කෙනෙක් ද?“ මම අඩමානයට ඇසීමි.
“ඔව්”
“නිමලසිංහ ගැන කීවෙ?“

ඇය බිම බලා ගත්තාය. නෙතග නැඟුණු සිහින් කඳුලක් වැර වෑයමින් සඟවා ගන්නට ඇය අසාර්ථක උත්සාහයක යෙදුණාය.
“කල්හාර මම වැඩ කල රෝහලේ ඉංජිනේරුවරයා. ඔහුට ඖෂධවේදය ගැනත් සහතිකයක් තිබුණා. ඒ දවස් වල මුළු රටේම ඊ.සී.ජී මැෂින් හැදුවෙ කල්හාර. ඕනෑම දෙයක් ගලවලා බලලා නැවත ඒ විදියටම හදන්න එයාට පුළුවන්“
“මේ ගෑනි මගේ වෙලාව කනවා. මම මේවා දැනටමත් දන්නවනෙ” මම සිතීමි.
“මම දොස්තර මහත්තයගෙ වෙලාව නාස්ති නොකර මම දන්න දේ කියන්නම්“ ඇගේ දුඹුරු පැහැ නෙත දල්වා මා දෙස බලමින් ඈ කීය. මැය කල්හාර ගේ පෙම්වතිය වී සිටින්නට ඇත. ඇගේ දෑස දකින ඕනෑම අයකු ඇය වෙත අද්දවා ගන්නා ආකර්ෂණයක් එහි විය. 

“කල්හාර කියන්නෙ හරිම මුරණ්ඩු චරිතයක්. එයා මගේ පස්සෙන් එන්න ගත්තෙ ඔය කාලෙමයි. එතකොට මම මගේ පළමු පත්වීම ලැබිලා මාස හතරක් විතර. කල්හාර මට වඩා අවුරුදු තුනක් විතර වැඩිමල්. මම එයාව ගණන් ගත්තෙ නැහැ. පුරා අවුරුද්දක් සැරින් සැරේ මගෙන් ආදරේ ඉල්ලගෙන කල්හාර ආවා. අන්තිමට මම බොරුවක් ගොතලා කිව්වා මාව බඳින්න කෙනෙක් ඉන්නවා කියල.”
“ඇත්තටම ඒක එහෙම වුණා ද?” මම ඇසීමි.
“නැහැ. මම කිව්වෙ බොරු බව කල්හාර ඒ වෙලාවෙම දැන ගත්තා. දින කීපයකට පස්සෙ කල්හාර මා ළඟට ආවා.”
“මගේ ආදරේ විහිළුවක් කර ගැනීම ගැන බොහොම ස්තුතියි. මට ඔයා නැතිව ඉන්න බැහැ. ඉන්දීවරී අදින් පස්සෙ කල්හාර දකින්න ලැබෙන්නෙ නැහැ.”
“මෙහෙම කියල කල්හාර යන්න ගියා. ආයෙත් පහු වෙනිදා වැඩට ආපු නිසා මම හිතුවෙ කොල්ලන්ගෙ බොරු කතා කියන්නෙ එව්වට කියල“
“ඉතින්“
“දවස් දෙකකට පස්සෙ ඉස්පිරිතාලෙ දි කල්හාරට මොකක් ද කියපු මන්ත්‍රීතුමාගෙ මිනිහෙකු ගෙ මූණට කල්හාර ගැහුවා. මූණෙ ඇට ඔක්කොම කුඩු වෙලා ගිහින් තිබුණා. මීට කලින් කල්හාර කාටවත් බණිනවා පවා මම දැකල නැහැ. හැබැයි කැත විහිළු නම් නිතරම කළා” 

“මන්ත්‍රීතුමාගේ චණ්ඩි තුවක්කු අරගෙන ඉස්පිරිතාලෙට ආවෙ කල්හාර හොයන්න. කල්හාර ඕ.පී.ඩී. එකේ වහලෙ හැංගිලා හිටියා, හරියට මේ දේ වෙන බව දන්නවා වගේ. අන්තිමට ආපු චණ්ඩියාගෙ තුවක්කුව උදුරගෙන අට දෙනෙක් ට වෙඩි තිබ්බා. ඊළඟ හරිය ඩොක්ට දන්නවනෙ”
“ඔව්. ඊට පස්සෙ ආසියාවේ භයානකම සීරියල් කිලර් උනේ කල්හාර”
“කල්හාර කිව්ව දේ හරි. මගෙන් ආදරය ඉල්ලන් ආපු කල්හාර අන්තිමට මම දැක්කෙ එදා. ඊළඟට මම දැක්කෙ වියරු වෙච්ච යකෙක්”
“එතකොට මේ ආදර ප්‍රශ්නයක් හින්ද ද කල්හාරට මෙහෙම වුනේ?”
“ඩොක්ට. ඕනම කෙනෙක් ගෙ ආදරය විහිළුවට ලක් කරන්න එපා. ඒ අයට ඒ ආදරය කොච්චර වටිනව ද කියල අපි දන්නෙ නැහැ. අඩු ගණනෙ එක වරක් වත් එයා ආදරය කරන බව පිළි ගන්න“

හංස ගමනින් ඈ ඉගිලී ගියාය. ඒ ඉංජිනේරු කල්හාර ගේ මළ ආත්මයත් සමගය.

රාජාලිය

 රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...