හිරිපොද වැටෙනා වැස්සට
එක සීරුව දුව ගෙන ගොස්
මල් වැසසේ මල් පොකුරින්
හිත සැරසූවයි
නිල් අහසේ වලා වියන
සෙවණට අප එක් වීලා
හිත පුරාම අව් රැස්සක
උණුසුම වින්දයි
පෝදා සඳ කිරණ පෙරෙන
සොඳුරු සවස පියමන් කර
සල් සෙවණේ සල් පොහොට්ටු
සුවඳ හැඳුනුවයි
කැකුළු පිපෙන සැණකෙළියේ
මී විතකින් තරව බැඳුණු
සදාතනික සුවඳ දෙවන
බැඳුම සිහිවුණයි
(2006)
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Showing posts with label සරසවිය. Show all posts
Showing posts with label සරසවිය. Show all posts
Saturday, March 21, 2009
Subscribe to:
Posts (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම පියපතින් එය වසයි - යටත් වනු...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...