දේදුන්නේ හැඩය දරන - දෙබැම දෙසම නෙත් හෙලාන
පිහාටුවක සුමුදු සුවය - කෙහෙ රැල්ලක සඟවා ගෙන
ඒ ලස්සන සිතට අරන් - පාට කතන්දර පොතක්ම
ඉතින් ගොතන්නම්
තරු එළියට සඳ එළියට - දිලෙනා ඔය දෑස බලන්
හත් දින්නත් තරු පොකුරට - ගීත ලියන්නම්
ඒ ගී තනු පද බන්දා - තරිඳු දිලෙන පුර පෝයක
නුඹට ගයන්නම්
නුඹ මා තුරුළට වදිනා - හැම වේලෙක ඒ උණුසුම
සිත අද්දර හැම දාටම - රඳවා ගන්නම්
ඒ උණුසුම අප එක් කළ - අදිසි රහස ලෙසින් සිතා
පෙමින් වෙළෙන්නම්
(2008)
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන් කඳුළු බිදක් තුළ සිර කර ලන්නට හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ අප නොම හමු වේවා විදුලි මිණි පහන් සමහල් පහයන් පුරවර දන ප...
-
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
No comments:
Post a Comment