Wednesday, October 6, 2021

කවිඳිය හා කවිය

මල් මුතු දමක් සේ ගැලපෙන සුමුද වදන්
පත් ඉරුවක ලියා කවියක හැඩය අරන්
එළිවැට එළි සමය දෙපසින් එකට අරන්
පද වැල් ගොතා ඇත රස හව් තුරුලු කරන්

සක්කා පද නොමැත මුළු ගැනවෙන අරුත
එක්කා විරිත නිති කුළු ගැන්වෙන අරුත
මක්කා වුවත් නුඹ ගොතනා කවි සිරිත
ඉක්කා ගැසෙන කව් පවසට රස ගිරිත

කව් පද නොම වැනිය පිරිපුන් බව නැතිය
කෝපෙන් දිලී බැන බැන යන හැටි හුරු ඇතිය
ඉඳහිට සිනා සී වස්නා මල් වැසිය
කව් නොම වගේ කිවීඳිය නම් අරුමැසිය

පිරිපුන් කවු බඳට ආලය කරනු පමා
කව් මුතු වැල සිත නොඇලෙයි අරුම කිමා
කවියෙන් කිවිඳියන් නොසොයන් බසද අසා
කවියට බැන්ද පෙම හැරියෙමි නොවී පමා

මුල මැද අග නොම පෑහෙන කවි වාගේ
කිවීඳිය කරන දේ මා හට නොම තේරේ
පිරිපුන් කවිය මට සිලුටුයි අතින් හැරේ
කිවීඳිය අත නොහැරෙනා රඟ නොම තේරේ!

Wednesday, April 29, 2020

මැරුණු සිහිනය

ආලයක් මිස කාලයක් නැති
තාලයක් වූ සොඳුරු සිහිනෙක
බිඳෙන විසිරෙන හැපෙන කුඩුවෙන
සතර දෙස ඇත පැතිර නටබුන්

සොඳුරු සිහිනය නුඹ නිදන් කල
මරු වැළඳ ඇත කලක් ගතවී
පෙම් පතක ඇඳි කුරුටු වැකි සේ
කවි සිහින මල් ගොසිනි පරවී

මහා ගල් පව් සුණු විසුණු කර
තැනූ සෙනෙහස් මාළිගා නැත
ධූලියෙන් වැසි පවුරු පදනම්
කඳුළකින් මතු කරනු නොම වේ

නිදන් වදුලක කොළ පතක් සේ
අකුරු බොඳ වී පිලිද වියැකී
මළ බසක පැදි පේළියක්දෝ
මැරුණු සිහිනය නැවත සිහිවී

Monday, October 14, 2019

ගජමන් නෝනා

මේ මල් උයන තවමත් මට මතකයි. මේ මල් උයන මැදින් ගලා යන ආරේ ඉවුරු වෙත මා මුලින්ම පැමිණියේ කවි පන්තියක් ලිවීමටයි. නමුදු මට ලිවිය හැකි වූයේ එකම එක කවියකි. අගක් මුලක් නැති එකම එක කවියකි.

- - - - - - - - - - -  - - - - - - - -

"ඔයා මට කවියක් වෙනවද?" ගජමන් නෝනා ඇසුවාය.
"කවියක් වෙන්නේ ඇයි? කවිය ඉවර වෙනවනේ" ඇළපාත මුදලි පිළිවදන් දිනි.
"හැමදාමත් මතක හිටින කවියක්, තොල් මතුර මතුර ඉන්න, කවියක්. පාළුවෙන් ඉන්න කොට පාළු කැපෙන්න කවියක්, වැස්ස වැටෙනකොට වැහි බින්දු වල තාලෙට ගයන්න පුළුවන් කවියක්"
"එහෙම කවියක් මා ඉස්සරහ තියෙනවා"
"ඇත්තද?"

ඇළපාතගේ අත ගෙන ගජමන් නෝනා හිඳගෙන සිටියේ වෙනදා හිඳ ගන්නා බංකුවේමය. වසරක පමණ සිට ඔවුන් හිඳ ගන්නේ මෙතැනමය. ගජමන් නෝනාගේ පැලෙනුත්, ඇළපාතගේ සඳැල්ලෙනුත් මිදී, ඔවුන් පලා එන්නේ මේ උයනටය, උයන් පල්ලා ඔවුන් දනී. ඔවුන්ට මේ අසුනේ ඉඩ හසර සදා දෙන්නේ උයන් පල්ලා විසිනි. 
විටෙක හිමිදිරියේ තුෂාර යටිනුත්, විටෙක දිවා කල සැඩ හිරු කිරණ මැදිනුත්, විටෙක සැඳෑ කළුවර කුර ගාමින් පැමිණෙන විටත් ඔවුන් හමුවන්නෝය. ඔවුන්ගේ මනෝරථය පූරණය වන්නේ මේ උයන තුලදීමයි. මේ ඔවුන්ගේ වෘන්දා වනයයි.

"මට යන්න වෙනවා" ගජමන් නෝනා හදිසියේම කීවාය. නිමේෂයක් ඇය නැගිට සිටියාය.
"ඇයි යන්නේ?"
"යන්න වෙනවා"
"ආයේ කවදාද එන්නේ?"
"දන්නේ නෑ" ගජමන් නෝනා බිම බලාගෙන සිටියාය. "මම යනවා" ගජමන් නෝනා තමන්ගෙන් ඈත්ව යනු ඇළපාත බලා සිටියේය. ඇළපාතගේ උරහිස මත තබා සිටි ගජමන් නෝනාගේ හිසෙහි උණුසුම ඔහුට තවමත් දැනේ. එහි වියැළී ගිය කඳුළක් දෙස ඇළපාත වික්ෂිප්තව බලා සිටියේය. හදිසියේම තනිකමින් වෙළනු ලැබූ ඇළපාත උයනෙහි ඇවිදීමට පටන් ගත්තේය. 


උයන මැදින් ගලා යන නිසල ආර ඉවුරේ ඇළපාත ගමන් කරමින් සිටියේය. රතු රෝස පාත්තියක වෙහෙසෙමින් වැඩ කරන උයන් පල්ලෙක් ඔහුගේ ඇස ගැටිණ. ඔහු මල් පැල එකින් එක ඉන්දවයි. පාත්ති වල පස පෙරළයි. ඉන්ද්‍රජාලයකින් මෙන් බලා සිටියදීම මල් ගස් වැඩී රෝස කුසුමින් ගහණව යනු ඇළපාත බලා සිටියේය. ආර ඉවුරේ තව දුරටත් ඇවිද ගිය ඔහු දුටුවේ තවත් උයන් පල්ලකු පොකුණක් සාදන අන්දමයි. බිම කැන ගල් අල්ලා හැඩ කල පොකුණට වතුර පිරී ගොස්, එහි නිල් මහනෙල් මතුවීමට ගියේ ඉසුබුවක් පමණි. මහනිල් මල් පිපී රඟද්දී ඔහු තවත් ඇවිද ගියේය. උයන කෙළවරේ ඇත්තේ සතුටු උයනයි. සතුටු උයනේ නෙක පැහැ විදුලි බුබුලින් සරසා ඇත්තකි. තවත් උයන් පල්ලෙක් විදුලි බුබුලු සවි කරමින් සිටියි. සවිකරන හැම බුබුලක්ම නව පැහැයකින් දැල්වෙයි. සතුටු උයන පසු කල පසු ඇත්තේ වන රොදකි. එහි ගසක් මුල සැතැපී කුරුළු කූජනයට සවන් දීම ඇළපාතගේ පුරුද්දකි. වෙනදා නුදුටු ලොකු තාප්පයක් දැකීමෙන් ඇළපාත දුර්මුඛව නැවත හැරිණි.

සතුටු උයන වෙතින් යමක් ගසා පොඩි කරන ශබ්දයක් ඇසෙයි. පෙර කී උයන් පල්ලා පොල්ලක් ගෙන විදුලි බුබුළු එකින් එක බිඳ දමයි. බිඳින බිඳින බුබුලක් පාසා අඳුර ඇදී එයි. ඇළපාත ඉදිරියට පැන උයන් පල්ලා අල්ලා ගත්තේය. උයන් පල්ලා තම ජටාව ගලවා, කහට රැඳුණු දත් දක්වා ඇළපාත හා සිනාසුණේය. ඒ තමාම බව දුටු ඇළපාත ගල් ගැසී ගියේය. බියවී පස්සෙන් පස්සට ගිය ඇලපාත උයනේ දොරටුව වෙතට දිවයාමට පටන් ගත්තේය. ඇලපාත දැන් දුවන්නේ පොකුණ පසු කරගෙනයි. උයන්පල්ලා පොකුණේ බිම අලවංගුවක් ගෙන බිඳ දමනු ඔහු දැක්කේය. මහනෙල් මල් නටුවලින් උදුරා ගොඩට ඇද දමා ඇත. මහනෙල් මල් කඳුළු සලමින් වැලපෙයි. පොකුණේ දිය කිසිවක් නැත. ඒ වෙනුවට සුදු පැහැ ස්ඵටික තට්ටුවකින් බිම වැසී ඇත. උයන්පල්ලාගේ උරහිසින් අල්ලා හැරවූ ඇලපාත නැවතත් දුටුවේ ඒ තමාම බවයි. උයන්පල්ලා ඔහු හා සිනහ වී, අලවංගුව ඇළපාත වෙත පෑවේය. "එන්න අපට වැඩ තියෙනවා". අවුල්වී ගිය ඇළපාත නැවත පටු මාවත දිගේ ගමන් ගත්තේ, මල් පාත්තියට වූයේ කුමක්ද යන්න බැලීමටයි. ඔහු සිතූ පරිදිම උයන් පල්ලා රෝස පාත්තිය වනසමින් සිටියේය. වීසි කැත්තක් ගෙන රෝස පඳුරු අනුකම්පාවෙන් තොරව ගසා දයි. රෝස පඳුරු ඉහළින්ම ගොස් වැටේ. රෝස පඳුරු ගැලවී ගිය තන්හි උණු ලේ උල්පත් මතු වී පෙනේ. දැඩි කෝපයට පත් ඇළපාත වීසි කැත්ත උදුරාගෙන එයින් උයන් පල්ලා ගසා දැමීය. දෙකට කැපී ගිය උයන් පල්ලා තවත් රෝස මලක් වී රෝස මල් ගොන්නටම මුහු වී නොපෙනී ගියේය. ඇළපාත දිවගෙන ආවේ ගජමන් නෝනා හමුවන බංකුව වෙතයි. තුරු සිදුරෙන් රිංගා ඇතුළු උයනට වන් ඇළපාතට ගජමන් නෝනාගේ කහ පැහැති සාරියේ කොණ දිස් විණි.

වහ වහා ඇය වෙත ගිය ඇළපාත අසුන් ඉදිරියට ගියේය. ගජමන් නෝනා නිසලව සිටියි. ඇය මිය ගොස්ය! වරෙක් ඇත් දත් පැහැ ගත් සිරුර දැන් දුර්වර්නව ගොස්ය. පුවඟු මල් සුවඳ මුසු කල සිරුරින් ගත් සිරුරින් දැන් දුර්ගන්ධය පිටවේ. මැසි කැළ ඈ සිරිර වටා හක්කලන් කරයි. එහෙන් මෙහෙන් ඉහඳ පණුවෝද සිටිති. සිය බඩ බොකු එළියට ඇද දැමීමට තරම් පිළිකුළකින් ඇළපාතගේ සිත පිරී ගියේය. හදිස්සියේම ගජමන් නෝනා තිගැස්සී දෙනෙත් හැර බැලීය. භයෙන් ත්‍රස්ත වූ ඇළපාත පසු නොබලාම වැටි වැටී දුවන්නට විය. ගජමන් නෝනාගේ මුවෙහි කපටි සිනා රැල්ලක් ඇඳී තිබිණි . . . .

- - - - - - - - - - - - - - - - - - - -
මේ මල් උයනට මා පිවිසියේ ඇළපාත සහ ගජමන් නෝනා ඇසුරින් කවි පබැඳීමටයි. නමුත් මගෙ කවියේ මුලක් හෝ අගක් නොමැත. ඇළපාතත්, ගජමන් නෝනාත්, වෙන කොහේ හෝ හමු වනවා විය යුතුය.


. . . . . . . . .

. . . . . . . . .
. . . . . . . . .
. . . . . . . . .
සීත නිල් වන පෙතේ
තුරු ලතා මඩුල්ලේ
පිපී ගිය එකම එක
මදාරා මල මගේ . . .
මේ කුලෙන් වැසී ගිය
ගිරි ශිඛර වළල්ලේ
හුදෙකලා කොණක පිපි
වන මලකි නුඹ මගේ . . .
තුරු වදුළු ලිය මඬුළු
සරන තනි බමරින්දු
එක කටට ගිල දමන
බඳුරාවයි මගේ . . .
. . . . . . . .

. . . . . . . .
. . . . . . . .
. . . . . . . .

 

Tuesday, August 6, 2019

නන්නස්පොල

මේ කථාව මවිසින් දකින ලද සිහිනයක් ඇසුරින් ලියැවුණකි. මෙහි චරිත සහ සිද්ධි තනිකරම සයනාරූඪ සිහින දැහැනකදී දකින ලද ඒවා පමණකි. ජීවත්ව සිටිනා යමෙකු සමය මොනයම් හෝ සමාන කමක් ඇතොත්, ඒ අහඹුවක් ලෙසම සලකනු මැනැව. 

"ඔයාලට තේරෙන්නේ නැද්ද? උඩින් ඇවිල්ල බෝම්බ දාලා ඒ ළමයි හමුදාවෙන් මැරුවා කියල? සෙන්චෝලේ කියනෙන ඉස්කෝලයක්. අවි පුහුණු කඳවුරක්ය කියන එක මිලිටරි ප්‍රොපගැන්ඩා එකක් කියල තේරෙන්නේ නැත්ද?"

"ඉතින් ඔයා මොකද්ද කරන්න යන්නේ?"

"මගේ චිත්‍රපටියේ සම්පූර්ණ ආදායම මම ඒ ළමයින්ට දෙනවා. දැන් බලන්න, සිංහල හමුදා ප්‍රචණ්ඩත්වය නිසා ඒ ළමයින්ට දෙමාපියන් අහිමි වෙලා. ඒ අසරණ, අනාථ ළමයි බලා ගන්න එක අපේ මානවීය යුතුකමක් කියල හිතෙන්නේ
නැත්ද?"

"මරුනෙ. සුපුල්, අර ජාතික බැංකුවට කොටි ගහපු වෙලාවේ අම්මයි තාත්තයි මැරුණ ළමයි විසි ගාණකුත් ඉන්නව නේද? ඒ අයට ආධාරයක් කරන්නේ නැත්ද?"

"දකුණු සැකැස්මේ ඒ අයට උදවු කරන්න අය ඉන්නවා. උතුරු සැකැස්මේ ඒ වගේ අවස්ථාවක් නෑ. ඒ නිසා තමයි එහෙම"

"ඉතිං සුපුල් දැන් ඔය දකුණුද මොකද්ද සැකැස්මේ, අර අනාථ පවුල් විසි ගාණක ළමයින්ට තියෙන සහනය මොකද්ද?"

"මේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව යනවද? එනව මෙතන සැකැස්ම ගැන අහන්න"

සුපුල් නන්නස්පොල තමන් සමග වැඩ කරන ලිපිකරුට කඩාගෙන පැන්නේය. විවිධ ආදායම් මාර්ග වලින් ධනවතෙකු වූ සුපුල්ට බැංකුවේ රස්සාව කාලය කා දැමීමට පමණක් ඇති එකක් විය. සුපුල් ගේ දෙවන සිනමා නිර්මාණය එළි දැක තිබූ අතර, ඉන් ජනිත වන මුදල සෙන්චෝලේ අනාථ නිවාසයට බැර කිරීම ඔහුගේ අරමුණ වී තිබිණ.

"සුපුල් මහත්තයා, හෙට බණයි, දානෙයි. මහත්තයා එනවද?" කාර්යාලයට පැමිණ නවක පියුම් කොලුවා කපිල සුපුල්ගෙන් ඇසීය.

"මේ කපිල, ආගම කියන්නේ අබිං කියල මාක්ස් කියල තියෙනවනේ. මම ඔය කොහොමත් සිංහල බෞද්ධ හෙජමොණිය, පරපීඩක විදියට සමාජය මතට තල්ලු කරන වැඩ වලට කැමති නෑ. අනික ඔය කහකඩ තට්ටයෝ කියන නින්ද යන මන්තර කාටද අහන් ඉන්න පුළුවන්. ජිජැකියානු අවකාශය ඇතුලේ ඔය පරපීඩක උන්මාදය, සමාජ විපර්යාස වලින් විනිර්මුක්ත වෙලා, අපේ උප විඥ්ඥාණය තුලට ඇතුලු වෙනවා. එතකොට . . . "

"හා මහත්තයා, මම යන්නම්, බොස් කතා කරනවා". තක්බීර් වූ කපිල ලිස්සා යයි.

"හරකා, පස්චාත් නූතනවාදි සුළු ධනේශ්වරයේ කටු ලෙව කන එක විතරයි මූ දන්නේ"

බණට නොසිටියත්, දානයට වැඩම කල සුපුල් යහමින් සප්පයම් වෙමින් සිටියේය. කහබත්, බටු මෝජු, පරිප්පු, අල බැදුම්, ගොටුකොළ මැල්ලුම් සහ පපඩම් ඉතාම රසවත් විය. "මේකට හරක් මස් කරියක් තිබුණ නම් ගින්දර, නැද්ද සමදරා?" සමදරා මුවින් නොබැන සිටියාය.

"කහකඩ තට්ටයෝ පොඩි ළමේකුත් මහණ කරන්, දැක්කද?" සුපුල් නැවත ඇසීය. "මහ එකා පුක පලනව ඇති. ඔය ළමයි මහණ කරන තට්ටයන්ගේ තාර ගාන්ඩ ඕනෑ".

"හම්මේ සුපුල්, කෝමද සහෝ?" දානයට වැඩම කරමින් සිටි තිස්ස දෙහෙරගොඩ සුපුල් දැකීමෙන් අමන්දානන්දයට පත් විනි. තිස්ස අදාල බැංකුවේ නීතිඥවරයා වන අතර, සුපුල් ගේ ගජ මිතුරා මෙන්ම, පුද්ගලික නීතිඥයාද වේ.

"දෙහෙරෙ, බලපං බං කහකඩයෝ
බණ දෙසන්න පොඩි එකෙකුත් අරන් ආවනේ. උඹල හරි නම් මේවට නීති ගේන්ඩ ඕන."

"කොහේ නීති ගේන්නද බං, පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් නානලා අපිව කනවා. ඕවා මේ ආත්මේ වෙන වැඩ නෙවෙයි"

සුපුල්ගේ සිත අතීතයට දිව යයි. වසර හතරකට පෙර මෙබඳුම ප්‍රිය සම්භාෂණයකදී ඔහුට තිස්ස මුණ ගැසුණි. මාස කීපයක් ඇතුළතම මිත්‍රයන් මෙන්ම, සේවාලාභියකු වීමේ වරමද සුපුල්ට හිමි විය. ඒ ජනිතා හපුආරච්චි සිද්ධිය නිසාවෙනි.

"ෂික් බං, කවුද දන්නේ අර ජනිතා ගෑනිගේ ළමයා ඔච්චර අමාරුකාරියක් කියල. ඌ තාම ඇටෙන් පොත්තෙන් ඇවිල්ලත් නෑ, මට සිතාසි එවලා" සුපුල් තිස්ස වෙත පමිණියේ අවනඩුවක් සමගයි.

තිස්ස දෙහෙරගොඩ මේ සිද්ධිය හොඳින්ම මතකය. සුපුල් සතු දැවැන්ත මුද්‍රණාලය සහ ප්‍රකාශන සමාගම වෙත ජනිතා හපුආරච්චි පැමිනෙන්නේ ඇගේ නව කථා පොත් දෙකක් සමගය. ඇගෙන් පිටපත් දෙදහසකට අත්පිට මුදල් ලබා ගත් සුපුල් පිටපත් තුන්දහසක් මුද්‍රණය කර, ජනිතා අතට ලබා දීමටත් පෙර, අමතර පොත් දහස විකුණා ගත්තේය. අවසානයේ පොත් විකුණා ගත නොහුණු ජනිතා, ණය බරින් මිරීකී, රෝගී වී මිය ගියේ වසර හයකට පමණ පෙරය. ඇගේ පුත්‍රයා කටු අත්තක් මෙන් සුපුල් සමග පැටලි, පැටලී එයි.

"මචං සුපුල්, නඩු ගියොත් නම් මේක ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ. මේක ෂේප් කරගන්න වෙනවා. කොහොමත් උඹේ ෆිල්ම් වලින් ජජ්ලට ගැහුවට පස්සේ උනුත් ඉන්නේ උඹට අරින්න බලාන. පොඩ්ඩක් හිටපන්, අපි මේක දියවන්නාවෙන් ශේප් කරමු."

දියවන්නාව සුපුල් දැන සිටි අතර, එහි වාසය කර මහා තෙද බලති උත්තමයාණන් කෙනෙක් අතින් විවෘත වූ ජනිතා හපුආරච්චි පිළිරුව විවෘත කිරීමෙන් පසුව, ඇගේ පුත්‍රයා විසින් නඩුව ඉල්ලා අස් කර ගන්නා ලදී. දියවන්නාවේ තෙද බලැති උතුමන් ගෙ උදහසට ලක්වීම යහපත් නොවෙතැයි ඒ තරුණයා සිතන්නට ඇත.

"සුපුල් මහත්තයා . . . අර ළමා දිනය මාස දෙකකින් තියෙනවනේ. ඒකට අපි නාට්‍යයක් පෙන්නන්න යනවා ළමයින්ට. අපට බැක්ග්‍රවුන්ඩ් හදන්න තරම් නම් සල්ලි නෑ. මහත්තයා ගාව පරණ සෙටින් එකක් එහෙම තියෙනවද? අපිට පාට ටිකක් ගාලා අළුත් කරල ගන්න" විජේසිරි රියදුරු තැන, රියදුරුට අමතරව වෙදිකා නළුවෙකුද වෙයි. නාට්‍ය කීපයකම සුළු චරිත ඔහු රඟපා ඇතත්, ඔහු දක්ෂ පසුතල නිර්මාණයටය.

"ගෙදර එනවකෝ විජේසිරි වෙලාවක. ඒ කාලේ කරපු නාට්‍ය වල සෙටින් තාම ඇති. බලල තෝරන් යනව." සුපුල්ගෙන් ධනාත්මක පිළිතුරක් ලබන අතළොස්සෙන් ඔහුත් කෙනෙකි.

පසුදාම විජෙසිරි සුපුල් ගේ නිවස වෙත ගියේය. දැවන්ත තාප්පයකින් වට කල සුවිසල් නිවසේ සීනුව කීපවරක් එබීමෙන් පසුව, අවුරුදු දොළහක පමණ දැරියක් ගේට්ටුවේ කුඩා කවුළුවක් විවෘත කළාය.

"මාත්තියා ගෙදර නේ. පෂ්ෂේ එන්ඩ . . ."

Tuesday, November 28, 2017

ශෘංගාර බිත්තිය | Erotic wall (18+)

සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්‍රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය.

ස්තූතියි.

මා නින්දෙන් අවදි වූයේ කෙසේද යන්න නොදනිමි. නැවුම් වැලි වල පුසුඹ නැහැයට දැනුනු නිසා දෑස් හැර බැලීමි. තෙරක් නොපෙනෙන වැලි තලාවක් මත මම තනිව මුණින් වැතිරී සිටියෙමි. උඩුබැලි අතට හැරුණු මට දිස්වූයේ තැඹිලි පැහැයට හුරු අහසකි. "මා කොහේද?" යන පැනය ඒ මොහොතේ සිත පුරාම දිව ගියේය. මේ වනාහි මා දන්නා කියන තැනක් නොවේ. කල්පනාවෙන්ම නැගී සිටි මා ඉදිරියට ගමන් කරන්නට වීමි. සිනිදු රතු වැල්ල මත, මදක් ඔබින් වූයේ මිනිස් පාද සටහනකි. ඒ වෙතට ලංවූ මා, වෙනත් පාද සටහන් ඇත්දැයි සෙවීමට ඉදිරිය වෙත නෙත් යොමු කළෙමි. මා නෙත ගැටුනේ දැවැන්ත කුළුණකි. එය කොතරම් විශාල ද හෝ එය ඇත්තේ කොපමණ දුරින්ද යන්න මට නිසැකවම කිව නොහැකි විය. කුළුනේ වාස්තු විද්‍යාව මා කිසි විටෙක දැක් නොතිබූ විෂම වක්‍ර සහ විෂම බහු අස්‍ර වලින් සමන්විත වූවකි. එය තැඹිලි පැහැ ආකාශයේ වළාකුළු තෙක්ම ඉහළ විහිදී තිබිණි. ඉහළට යන්නට යන්නට මේ බහු අස්‍ර සුමට වූ අතර පහළ ඒවා රළු බවක් දැක්වීය. "මා සිටින්නේ කොහිද?" නැවතත් මගේ සිත තුළ හොල්මන් කරන්නට විය. මා සිටින්නේ කොතැනද යන්න දැන ගැන්මට නම් කුළු දිහාවට යා යුතු බව පසක් වූ හෙයින් ඒ වෙත ගමන් ඇරැඹුවෙමි. මා බොහෝ වේලා ඒ දෙසට පිය මැන්නෙමි. සමහර විට වරු කීපයක් වන්නටත් ඇත. මට කිසිදු මහන්සියක් නොදැණුනු අතර, කුළුණ තව දුරටත් මගෙන් ඈත් වන්නට විය. මිනිස් පුළුටක් නැති මේ බිම් කඩ කුමක්ද? අනියත බියකින් මා සිත වෙළී යන්නට විය. යමක් දෙසට මා ගමන් කරන විට එම වස්තුව මගෙන් ඉවත් වීමට නොහැකිය. එය භෞතික විද්‍යාවට අනනුකූලය. එතරම් විශාල කුළුණක් මා වෙතින් ඉවතට දිව යන්නේය යන මතය මා බැහැර කලේ බොහෝ වේලාවකට පෙරදීය. අවුල්වී ගිය හිසින් යුතුව කුළුණ දෙසට පා නැගූ මට අසන්නට ලැබුණේ මුහුදු රළ බිඳෙන හඬකි. මා ඉදිරිපස වූයේ මුහුදකි. රන්වන් වෙරළ, නිල් දිය රැලි සහ නිල් අහස මා ඉදිරියේ විය. පසුපස බැලූ කල පොල් රුප්පාව සහ කුරුළු කිච් බිචිය මා සවනට වැටී ගියේය. නැවත හැරී බැලූ මට දෑස් අදහාගත නොහැකි විය! මේ ඉන්නේ ඈය! මා සිත සොරා ගත් ඈමය! රන්වන් වෙරළ මත ඇතුරූ නිල් පැහැ රෙදි කඩෙක ඇය වැතිරී සිටියි.

කොළඹ නගරයේ කාර්ය බහුල පෙදෙසක පිහිටා තිබූ කාර්යාලයේ වැඩට පැමිණ ඒ වන විට මාස හයකට කිට්ටු කාලයක් ගෙවී තිබිණ. දැඩි සේ ආතතිය දනවන මේ රැකියාව නීරස එකක් විය. මිතුරන් නැති කමින් පීඩ විඳි මා හට, එහි වගකීමෙන් වැඩි කොටස මා වෙතම පවරා ගත යුතුව තිබිණ. තදින් කේන්ති යන සහ කැපී පෙනීමට කැමැති චරිතයක් වූ මා සමහ කාර්යාලයේ මිතුරන් එතරම් මිත්‍ර නොවීය. මා වෙහෙසී වැඩ කිරීම, අයිස් පප්පලා වූ ඔවුන් රිස්සුවේ නැත. "ඔය පිස්සා නිසා කවද හරි අපිත් ඉන්ටඩික් වෙනවා" යන්න ඔවුන් නිතරම කී කතාවකි. තනිවම වැඩට පැමිණෙන මා, තනිවම දිවා ආහාරය ගෙන තනිවම පිටවී ගියේ, මා අවට සිනා, කෙළි කවට, මධු බඳුන් එසවී යද්දීය. මා අගය කළ කෙනෙක් වූවා නම්, ඒ මා ප්‍රධානයා පමණකි.

ඒ කර්කෂ පොළොවට සමසකින් අනෝරා වැස්සක් ඇද හැලිණි. ඈ මිටිය, පැහැපත්ය. දිගැටි මුහුණ සහ දිග කොණ්ඩයකින් හෙබිය. සිනාව මන බඳවයි. ලා කහ පැහ සාරියකින් සැරසී පැමිණි ඇය මා ප්‍රධානයාගේ මේසයේ අනෙක් පස පුටුවේ හිඳ ගෙන සිටියාය. වාසනාවකට මෙන් ප්‍රධානයා හමුවීමට ඇමතුමක් ලැබී තිබූ හෙයින්, මා කලේ ඔහුගේ කාමරයට කෙළින්ම පිය නැගීමය. කාමරයේ වීදුරු දොර හැරගෙන ඇතුළු වූ මා දෙස බැලූ ඇගේ රූපශ්‍රීයෙන් මා වශී වීමි. "මම රංජිත් කළුපහණ. ඔබේ ආසන්නතම ප්‍රධානියා" මම ඇයට මා හඳුන්වා දුන්නේ හැඟීම් රහිතවය. "හලෝ, මම දර්ශිකා" ඈ මිහිරි හඬින් පිළිවදන් දුන්නය. "බොස් නැහැ, මම පස්සේ එන්නම්" කී මම මේ හංස රාජිනිය වෙතින් පිට වී ආවෙමි. පිටවී යන විට නැවත හැරී යළිත් වරක් ඈගේ රූප ශ්‍රීය විඳ ගැන්මට අවැසි වුවත්, හිතේ තිබූ අහංකාරය නිසා, පසු නොබලාම, නොරැඳීම පිට වී ගියෙමි. නැවත මගේ මේසය වෙත ගිය මා සිතේ හොල්මන් කරන්නට ගත්තේ ඒ රූපයමය. ලාච්චුව හැර වතුර බෝතලය එළියට ගත් මම, එයින් බාගයක්ම උගුරට හලා ගෙන නැවත වැඩ පටන් ගත්තෙමි. මා සේවය කළ කාර්යාලයේ එදා පටන් ප්‍රියතම තැනැත්තිය වූයේ දර්ශිකාය. මගේ මිතුරන් මෙන්ම, ප්‍රධානීන් බොහෝ දෙනෙකුත් ඇය හා මිත්‍ර වීමට උත්සාහ දරමින් සිටියහ. ඔවුන් උත්සාහ කළේ මිත්‍ර වීමටත් වඩා ඈ හා යහන් ගත වීමටය. දර්ශිකා කෙරෙහි කිසිදු උනන්දුවක් නොපෙන්වූ බොරු අහංකාර කාරයා වූයේ මාය. සේවයේ වන වැරදි වලට දොස්කීම මෙන්ම, නිවැරදිව කල යුතු ආකාරය මා ඇයට කියා දුනිමි. එනමුත් මා සිටියේ ඈට වශි වී බව කිව යුතු නැත.මාස කිහිපයක් එකට වැඩ කල නමුදු දර්ශිකා ජීවත් වන්නේ කොහිද, මව් පියන් කවුද, සැමියා කවරෙක්ද, දරුවන් සිටීද යන්නවත් මා අසා තිබුණේ නැත. වරක් දෙවරක් ඈ මගෙන් ඒ ප්‍රශ්ණ ඇසූ මුත් මා කලේ ඒවායින් ලිස්සා යාම බව මට හොඳ හැටි මතකය. එනමුත් යම් අදෘෂ්‍යමාන බලවේගයක් විසින් ඒ වන විටත් අප දෙදෙනා එකිනෙකා වෙත ලංකරමින් සිටියේය.

ප්‍රධානයාගේ කාර්යාලයෙන් ඇසුණු රොස් පරොස් බිණීමෙකින් මගේ දැහැන බිඳී ගියේය. මගේ ප්‍රධානයා දර්ශිකාට දෙහි කපමින් සිටියේය. ලිපි ගොණු කිහිපයක වූ බරපතල අඩුපාඩු නිවැරදි නොකළ බව ඔහුගේ චෝදනාව විය. මේ ලිපි ගොණු වල හුට පටය ඉවර කිරීමට මට ගත වන්නේ පැය භාගයක් පමණි. එසේ තිබියදීත්, මට කතා නොකොට දර්ශිකා ගෙන්වාගෙන දෙහි කපන්නේ ඇයි? "සුගතං, මොකද බං අර කෙල්ලට බොසා බණින්නේ?" මම ඇහුවේ සුගත් ගෙන්ය. මා හා යම් තරමකට හෝ මිතුරු කම් තිබුණේ ඔහු පමණය. "ආයේ දෙකක් නෑ රංජියා, ඕක අණින්න අහල බෑ කියන්න ඇති, දැන් ඒකේ ඇරියස් අල්ලනවා.", සුගත් කටේ දිවේ නොගෑවී කියා දැම්මේ ඔහුටම සුපුරුදු වාග් විලාසය දක්වමිනි.  හඬමින් එළියට පැමිණි ඈ වෙත මා පිය නැගීමි. "දර්ශිකා, ඔතන අවුල ෆයිල් එකේ නෙවේ කියල අපි දෙන්නම දන්නවනෙ. මෙතන වැඩ කරන්න ඔයිට වඩා ගණකම් හමක් ඕන" කී මම ඇගේ පිට මත අත තබා "දැන් අඬන්නේ නැතුව ඉන්න" යයි සෙනෙහසින් ඇයට පැවසීමි. කඳුළු අතරින් ඈ දෙතොලේ සිහින්ව ඇඳි ගිය සිනාව පෙනී නොපෙනී යනවා මා දැක්කේ යන්තමෙනි.

ඇය අසල වූයේ පළතුරු කූඩයකි. ඈ ගතේ නූල් පොටක් හෝ නොවීය. සුපුරුදු සරාගී සිනාවෙන් ඈ මා පිළි ගත්තේ දෑත් ඉදිරියට දිගු කරමිනි. හනි හනිකට ඒ වෙත දිව ගිය මා ඇගේ දෑතින් අල්ලා ඇය මා වෙත තුරුළු කර ගතිමි. මගේ දෙකම්මුල් මත දෑත් තබාගත් ඈ මා පපුවට තුරුළු විණි. "ආදරෙයි!". ඇගේ නළළට හාදුවක් දුන් සැණින්ම ඇය හිස ඔසොවා මා දෙස බැළුවාය. ඇගේ ගෙලත්, දෙතොලත් සිප ගන්නා විට ඈ විවර වූ මුවින් "ආහ්!" හඬ නැගුණේ මා චුම්බනයෙන් සුපුරුදු පරිදි ඈ මන්මත් වී සිටි නිසාවෙනි.  ඇගේ බඳ වටා අතක් යවා මා වෙතට ඇද ගත්තෙමි. මගේ අත ඊලඟට අල්ලා ගත්තෙ ඇගේ විශාල පුන් පියවුරකි. "ආයි!" ඈ නැවතත් හඬ නැගුවේ රාගයෙන් රත්වීගෙනය. ඇය සමහ නිල් පැහැ රෙදි කඩ මත වැතිරුණු මගේ දෙතොල් සහ අත් අගේ රත් දෙතොල්, උරහිස, පියයුරු, තන පුඩු, පිට සහ තට්ටම් මත දඟ කරන්නට ගත්තේය. දෑස පියවී, ගැඹුරින් හුස්ම ගණිමින් සිටි ඇය වරින් වර හඬ නැගුවේ සුවය දරාගත නොහුණු විටදීය. ඒ සෑම විටකදීම ඇය මා තදින් බදා ගන්නේ මාහට කිසිවිටෙක ගැලවී යමට නොදෙමැයි කියන්නාක් ලෙසය. ඇගේ දණහිස මත අතක් තැබූ මා එය කලවයේ ඉහළට රැගෙන ආවේ පුරුද්දටය. සුපුරුදු පරිදිම කලවා ඈත් කරමින් ඇය මා හට ඉඩ දුන්නාය. ඈ රස ගඟුල වෙනදාටත් වඩා පිරී උතුරායමින්, මා හට පිහිනන්නට ඇරැයුම් කරමින් තිබේ. එය මත මා දබරැඟිල්ල තබන විටම ගැස්සී ගිය ඈ "ආහායි" ගාමින්, මා තදින් බදා ගෙන ගැස්සෙමින් පැවති සිරුර වාරු කර ගත්තාය.. "අනේ රත්තරං, අද නම් ඉවසන්න බෑ, මාත් එක්කම ඉන්න" ඈ කොඳුරමින් මට කීවාය.  ඈ සිරුර මත වැතිරුණු මා ඇගේ රස ගඟුල තුලට කිමිදුනෙමි. පොතේ ඇති හා නැති හැම ආකාරයටම රති කෙළියේ යෙදුණු අපට මහන්සියක් දැනුණේ නැත. මිනිත්තුවක් පාසා සම්භෝගී සුවයට ඇති ලොල් කම එන්න එන්නම වැඩි විය. සිරුරු එකට වදින හඬ, පියයුරු එකට වහින හඬ, කෙඳිරි ගෑම්, සුසුම්, සහ සුරතාන්තයන් ලං වෙද්දී කරන කෑ ගැසීම් වලින් අමුතු ලෙස වාතලය පිරී යන්නට විය.

ප්‍රධානයාගේ දොස් පැවරුමෙන් පසු දර්ශිකා මා වෙත ලංවූයේ සිතා ගත නොහැකි තරම් වේගයෙනි. දිගින් දිගටම මා දැක්වූ උදාසීන භාවය ඈ ප්‍රිය කළාය. නමුත් මා සිත තුළ ඈ හැර වෙන කිසිවෙක් ඒ වන විට ජීවත් වූවාද යන්න සැකය. "ඔයා දන්නවද මම ඔයාට කැමති ඇයි කියල?" දිනක් දර්ශිකා මට කිවාය. "මම කොහොමද දන්නේ, මට පරචිත්ත විජානනය ලැබිල නෑනෙ", ඒ මගේ පිළිතුරයි. "මිනිස්සු ලස්සන ගෑණියෙක් දැක්කම ආයෙත් හැරිලා බලනවා. එහෙම හැරිලා බලනකොට ගෑණු දන්නවා තමන් ලස්සනයි කියල. මං දිහා එක සැරයක් බලන මිනිහෙක් ආයේ දෙසරයක් හැරිල බලනවා. හැබැයි ඔයා එක පාරක් වත් හැරිලා බැලුවේ නෑ. මට හරි ආසාවක් තිබුණ  මා දිහා හැරිලා නොබලන මිනිහෙක්ව අඳුන ගන්න. එහෙම මිනිහෙක් ඉන්නව නම් ඉතින් අනිවාර්යයෙන්ම මොනව හරි විශේෂයක් තියෙන්නම ඕන." මා ඇත්තෙන්ම එදා නැවත හැරී නොබැලුවේ ඇයි? මා අචේතනිකව මේ දැන සිටියාද? ඈ මා වෙතට ආ යුතු බව මා ඉඟි කලේ එසේද? මේ ප්‍රශ්න වලට උත්තර මා සතු නොවීය. නමුත් ඈ මා ප්‍රිය කරන බව නම් සක්සුදක් සේ පැහැදිලිය. "රංජිත්, මම ඔයාට වශී වෙලා ඉන්නේ" දිනක් ඈ මා හා පැවසීය. "අනේ නිකං ඉන්නවා, මාව අන්දවන්නේ නැතුව" මම කීවෙමි. "අනේ නැහැ, ඔයාට මං ඇත්තටම කැමතියි". "බොහොම ස්තූතියි" ලෙස මා කීවත් මේ කැමැත්ත යනු කුමක්දැයි වටහා ගැනීම මට පහසු නොවීය. එනමුත් එය ටිකින් ඒක මා වෙත ආවේ හොරකු ලෙසය. හොරකු ලෙස හොරෙන් හොරෙන්ම පැමිණ එය මට දර්ශණය වූවිට ඊට අවනත වනු විනා වෙන කළ හැකි යමක් නොවීය. විවාහකයන් වුවත්, අප දෙදෙනා එකිනෙකාට ආදරය කරන බව වටහා ගන්නා විට අප මානසික බැඳීම බීඳලිය නොහැකි තරමට ශක්තිමත් වී තිබිණ. ක්ෂේත්‍ර චාරිකාවක නිරත වීමෙන් පසු නිවාඩුවක් ලද පැය කීපයක, හෝටල් කාමරයක් තුළදී මානසිකව පමණක් තිබූ බැඳුම අඹු සැමි බැඳුමක් බවට පත් විය. දර්ශිකා ඇගේ ජීවිතයේ ගැඹුරුම රහස් මා සමගින් දිගහරින්නේ ඉන් පසුවය.
"මේක ඔයාගේ හස්බන්ඩ් දැන ගනියිද"
"නෑ, මට ඔයා විශ්වාසයි. මේක අපි දෙන්නගෙන් පිට යන්නේ නෑ"
"හස්බන්ඩ් හොඳද?"
"මනුස්සයෙක් හැටියට හොඳයි. ඒත් ඉතින් ඔයා වගේ නෑ. විනාඩි දෙකයි තුනයි."
"ඉතින් මාත් ඕක මහ වෙලාවක් කරන්නේ නෑනේ"
"ගෑණියෙක්ගේ ඇඟ කියන්නේ වස්තුවක් කියන එක එයාට තේරිලා නෑ. හැබැයි ඔයා මගේ ඇඟේ හැම අඟලකම නිධානයක් තියෙනවා වගේ තමයි මාත් එක්ක ඉන්නේ."
"මම නිධානය හොඳට බලා ගන්නවද?"
"බලල විතරක් මදි. මේ ඔක්කොම ඔයාගේ" ඇය ඇගේ නිරුවත් සිරුර මට දක්වමින් කිය සිටියාය."ඔයා මතක් වුණත් ගඟක් වගේ ගලනවා. කැමති දෙයක් කරන්න රත්තරං, මමත් ඔයා කියන ඕනම දෙයක් කරන්නම්"
දර්ශිකා සහ මා ඇත්තෙන්ම විවාහ නොවූ, එකිනෙකාට අයත් නැති අඹු සැමියන්ම විය. දර්ශිකා කන්තෝරුව තුල මා හට සැලකූයේ ස්වාමිපුරුෂයාට සලකන අන්දමේ ආදරයෙනි.  මා සිතුවේ ඈ මාගේ අඹුව බව මෙන්ම, ඈ සිතූයේ මා ඇගේ පුරුෂයා බවය. අපෙ විවාහ තනිකරම සමාජයීය කටයුත්ත වෙද්දී, ආත්මීය බැඳීම ඇතිවූයේ කිසිදා එක් නොවෙන අප අතරය. අපගේ මේ වෙනස කන්තෝරුවටම දැනෙන්නට ඇත. නමුත් මේ අළුත් සබැඳියාව නිසා දර්ශිකා සහ මම, පෙර නොවූ තරම් කාර්යක්ෂමව අපේ සේවා කටයුතු ඉටු කර ඇත. ආයතනයට වාසි වීම කරන කොටගෙන මේ ගැන කිසිම කථාවක් එළිපිට කීමට මගේ ප්‍රධානයෝ පරිස්සම් වූහ. "උන් දෙන්නා තුන් දෙනෙක් ගේ ටාගට් කවර් කරනව නම්, උන් හැමනෙනවද නැද්ද කියන එක මට වැඩක් නෑ ඕයි, මට ඕන ටාගට් විතරයි". අප ගැන කේලමක් කියන්නට ගිය එකෙකුට ප්‍රධානයාගෙන් ලැබුනේ එවන් රොස් පරොස් වදනකි. නමුත් අහුමුළු වල, දොර පලු අස්සේ, අපාන ශාලාවේ මධු විත ගනිද්දී උහු සයනයේ සතපාගත නොහැකි, මගේ දර්ශිකාව වචනයෙන් නිරුවත් කොට, දූෂණය කරන බව මම දැන සිටියෙමි.

රෙදි කඩ මත එකිනෙක වෙළී සිටි අප දෙදෙනාට දැනුණේ ලොව පෙරැළී යන බවකි. මා ඉදිරිපිට වූ දර්ශිකාගේ රුව දිය වී, කුඩු වී, වැලි කැට බවට පත් වී, රන්වන් වැල්ලට එක්වූයේ නිමේශයකිනි. මහපොළොව බිත්තියක් සේ අංශක අනූවකින් භ්‍රමණය වෙද්දී මුදුදේ වතුරත්, රන්වන් වැලිත් සමග මාද පහළට ගසාගෙන යන්නට පටන් ගැනිනි. වැලි ගොඩේ ගිලී යමින්, පිස්සුවෙන් මෙන් අල්ලා ගැනීමට යමක් සොයමින්, මරු විකල්ලෙන් දඟලන මට, තදැති යමක් අසු වූයේ එක් වරමය. සිරුරේ සියළු වැරින් එය බදාගත් මම, හෙණ හඬ නගන මූදු ජල සහ වැලි ඇවලන්චිය අවසන් වන තුරු, මර බියේ ගැහෙමින් බලා උන්නෙමි.  මා කොපමණ වෙලාවක් එහි එල්ලී සිටියාදැයි මා දන්නේ නැත. ඇස් හැර බැලූ විට මා පඩි පෙළක් මත වූ කොරවක් ගලක සිංහ හිස බදාගෙන සිටියෙමි. සිංහ හිස ඇතහැර, වට පිට බැලූ විට මා වෙසෙන්නේ නගරයක බව මට පසක් විය. අහස උසට දිවෙන අද්භූත හැඩැති කුළුණු, ගල් කැටයම්, පොකුණු සහ උද්‍යාන මා නෙතට ලක්විය. මේ කුළුණු වල ඇති හැඩතලත්, මා රතු පැහැ වැල්ල මතදී දුටු බහු අස්‍රාකාර හැඩයන්මය. පොකුණක් අද්දර ගොස් බැලූ කල අහස තෙක් දිවෙන කුලුණ සේම, තෙරක් නොපෙනෙන පාතාලය දක්වා දිවෙන කුළුණු ද මට දර්ශනය විය. කුළුණු ඉහළට යන්නට යන්නට මට සිළුටු වූ අතර පාතාලය දෙසට යන්නට යන්නට තියුණු ගතියක්ද දැක්වීය.

අපගේ වසන්තය වේගයෙන් නිමා වෙමින් පැවතිණි. අප පවුල් වලින් මේ තහනම් සබඳියාවට ද්වේශ කෙරුණු බව අමුතුවෙන් කියන්නට වුවමනා නැති යයි සිතමි. අප, අපේ කලත්‍රයන්ට දහසක් බොරු කියන්නට ඇත. නමුත් ඒ අප අතර හැම විටම සත්‍යය ඇතැයි සිතමිනි. දර්ශිකා වෙනදා අඳින අත නැති හැට්ටය වෙනුවට, අත් දිග හෑට්ටයකින් පමිණ තිබීම කිසිවෙකුට අරුමයක් නොවූ බවක් පෙණින. "ඔය මොක ඇඳන් ආවත් අරූ ගලවනවනෙ" මගේ මිතුරෙක් ඇයට කෙළින්ම කියා තිබුණේ එසේය. අත් දිග හැට්ටයෙන් තැලුම් තුවාල වසා ගත්තද, පැලී ඉදිමුණු තොල නම් සඟවා ගැනීමට ඇයට හැකි වූයේ නැත. "ලිස්සලා වැටුණා අනේ" මා විමසන්නටත් ප්‍රථම ඇය කියා සිටියාය. "ඇයි මොකද්ද කඩි කුලප්පුව?" මා ඇසීමි. ඇය පවසන්නේ බොරු බවත්, ඇගේ සැමියාගෙන් හෝ වෙනත් කෙනෙකුගෙන් ඇය පහර කා ඇති බවත් අන්ධයකුට සේ මට නොපෙනී ගිය හැටි! අප අතර වූ ආදරයේ ප්‍රාකාරය, රැවටීම නම් වල් පැලෑටියේ මුල් වලට හසුව, බිඳී, ඉරිතැලී, පුපුරා පොළොවට පස්වෙන බව මට දැනුනේ නම් මේ කතාව මීට වඩා වෙනස් අයුරෙකින් අවසන් වන්නට ඉඩ තිබිණ.

ඔප දැමූ ගල් පුවරු බරාඳයක් සහිත පටු මාවතක් දිගේ මා ගමන් කරමින් සිටිමි. මේ මර්ගය මඳ ආනත බවක් ඇති බව පෙනී ගියේ බිම වැතිරී එහි ආනතිය පරීක්ෂ කිරීමෙන් පසුවය. මා මේ මාර්ගය දිගේ පහළට ගමන් කරමින් සිටිමි. කොපමණ වෙලා මා ගමන් කළා දැයි මට මතක නැත. බරාඳයෙන් ඔබ එක් පසෙක වූයේ ගැඹුරු ජල දුර්ගයකි. ජලය කැලැඹෙන අයුරින් එහි සතුන් සිටිනා සෙයකි. අනෙක් පස වූයේ රත් පැහැ මන්දාලෝකය පැතිරී ගිය බිමෙකි. අද්භූත මෙන්ම බියකරු හැඩැති උල් සහ වස්තූන්ගෙන් ඒ බිම පිරී පැවතිණි. ජල දුර්ගයත්, මේ බියකරු බිමත් ගැන සිතමින් සිටි මා ඉදිරියේ දිස්වූයේ දැවැන්ත අර්ධ කවාකාර ආරුක්කුවකි. එහි මුදුනේ මා නොදන්නා යම් සතෙකුගේ මූර්තියක් ඇත. ඒ සිංහයෙක්ද? අලියෙක්ද? අශ්වයෙක්ද? එය මොණරෙක්දැයි සිතමින් ඒ දෙස බැලූකල්හි, ඒ මොණරකු ලෙසද මට පෙනී ගියේය.

සිය සැමියාගෙන් දිනපතා පහර කන දර්ශිකාට, මා ගැන උනන්දුව අඩුවී ගොස් ඇත. බිරිඳගෙන් දිනපතාම නෝක්කඩු අසන මටද එසේමය. කතුරක් ගෙන මේ පෙකණිවැල කපා දමන්නට සිතූ වාර ගණන කොතරම්ද? එනමුත් ඒ ගැන සිතන විටදී පවා පිහියකින් කපන සේ වේදනා දැනේ. දැන් ඉඳ හිට, හෝටල් කාමරයකට අප රිංගා ගන්නේ රති කෙළිය සඳහා පමණමය. උණුසුම් ආදර කථා, අල්ලාප සල්ලාප, විහිළු තහළු වලින් තොරව කාරිය නිම කර අප වෙන්ව යන්නෙමු.  දර්ශිකා මුදල්ට සේවය නොකරන අබිසරුලියක් වෙමින් සිටියාය.

ආරුක්කුවෙන් ඔබ්බෙහි වූයේ දැවන්ත ශාලාවෙකි. එහි භිත්තීන් කොතැනද හෝ වහළ කොහිද යන්න පවා සොයා ගත නොහැකි විය. සිංහ හිසේ එල්ලී සිටියදී පරිසරයේ තිබූ දීප්තිමත් පැහැයන් අඩුවී ගොස්, මුළු පරිසරයම කළු-අළු-සුදු පැහැයන්ගේ විවිධ අවස්ථාවන්ට පත්වී තිබිණ. ශාලාවේ තැනින් තැන විවිධ භාණ්ඩ තබා තිබිණ. තරමක් වම්පසට වෙන්නට මිනිසකු හිඳගෙන සිටි අතර ඔහුගේ අතෙහි තාරාවියක් විය. මිනිසා තාරාවියගේ පිහාටු එකින් එක සිඳ දමයි. තාරාවිය කරන්නේ සිනාසෙමින් මිනිසා දෙස බලා සිටීමය. ඒ දෙස බලා සිටින විට මිනිසාගේත් තාරාවියගේත් පුරුදු බවක් ඇති බව මට හැඟී ගියේය. ඉන් මඳ ඔබ්බෙහි වූයේ බිඳි ගිය පුන් කළසකි. ගිජු ලිහිණි හොටක් සහිත මිනිසෙකුගේ රුවක් ඈතින් දකින්නට ලැබිණි. මම මේ සංකේතයන්හි අදහස් තේරුම් ගැනීමට වෙර දරමින් සිටියෙමි. නමුත් තව දුරටත් පැටැලෙනු හැර ඉන් කිසිවක් මා හට පැහැදිලි වූයේ නැත.

මා හට එක විටම දක්නට ලැබුණේ දර්ශිකාය. නමුත්, නමුත්, මේ ඈ මද? මා දුටු රුව දර්ශිකාට වඩා සිරුරින් සිහින්ය. මුහුණෙහි ඇත්තේ රාගයෙන් උම්මත්තක වූ ස්වභාවයෙකි. හිසකේ අවුල්ව ඇත. පහර කෑ ලකුණු කිසිවෙක් නැත. පියයුරු අසාමාන්‍ය ලෙස විසල්ය. උකුළ පුළුල්ය.වචනයක් හෝ කතා නොකර මේ රුව මා වෙත පැන මා බදා ගත්තේය. පිස්සියක මෙන් මා සිපගත් දර්ශිකා ඈත පෙදෙසකට අත දිගු කලාය. ඈ සුරත තදින් බදා ගත් මා ඇය සමග එක්ව පිය නැගීමි. මොහොතකින් අප ඉදිරියේ වූ සුවිසල් බිත්තියකි. එහි විවිධ රූපයන් ඇත. ස්ත්‍රී, පුරුෂ, බාල, මහළු, කෙට්ටු, මහත ආදී නොයෙක් ආකාරයේ රූපයන් එහි විය. සියළුම රූප වලින් දික්වූයේ දැඩි රාගික පෙනුමක්මය. වඩාත් ලංව බැලූ විට, මේ සියළුම රූප කුමක් හෝ රති කෙළියක යෙදී සිටින අයුරෙක් පෙනේ. ඔව්, මේ ශෘංගාර බිත්තියයි!

බිත්තිය බලමින් සිටි මගේ මුහුණ තමන් වෙත හරවා ගත් දර්ශිකා නැවත මා හා සිනාසුනාය. නැවතත් හැරී බිත්තිය දෙස බැලූ මට බිත්තියේ යම් වෙනස්කම් තිබුණාදෝ හෝ යන සැකය පැන නැගිණි. මේ බිත්තිය සජීවීද? මේ සිටින්නේ සැබෑ මිනිසුන්ද? මේ මූර්තීන් අල්ලන විට පවා දැනෙන්නේ පිළිකුල් සහගත මෘදු බවක් සහ සීතලකි. නැවතත් මා සිපගත් දර්ශිකා බිත්තිය වෙතට මා තල්ලු කරගෙන ගියාය. නොනවාම මාද ඇය සිප ගතිමි. මොහොතින් අප සම්භෝගයට පිවිසුනෙමු. හදිසියේම, සීතල අත් රැසක් විසින් දර්ශිකා බිත්තිය තුළට ඇදගනු ලැබීය. ඇය හඬක් නොනගාම බිත්තියේ ගිලී ගොස්, මූර්තියක් බවට පත් විය. සීතල යමක් සිරුරේ ගැටෙනු මට දැනුණු අතර, අත් රාශියක් විසින් මා බිත්තිය දෙසට අදිනු ලැබිණ. තවත් අත් කිහිපයක් මා හිස මිරිකන්නට වූ අතර, ඉන් සිදු වූයේ හිස පොඩි කරන්නාක් මෙන් තද වේදනාවකින් වෙළී යාමය. බිත්තියෙන් ඉවතට පැනීමට මා දඟලද්දී, තව තවත් එහිම ගිලී යාම පමණක් ම සිදු විය. කෙමෙන්, කෙමෙන්, මා පිළිකුල් සහගත් සීතල බිත්තිය තුළ ගැඹුරටම ගිලී ගියෙමි. මගේ හිස් කට්ට පුපුරන හඬ මටම ඇසුණු අතර, සීතල අත්, මගේ හිස් කුහරය තුලට එබෙනු දැණින. තවත් සීතල අත් රැසෙක්, පපුව තුලට වැදගෙන, ඉන් එළියට ඇදගත්තේ මාගේම ගැහෙන, ලේ පෙරෙන හදවතය! සුදු පැහැ ලොඳ ලෙස උඩින් විසිවී යන්නේ මාගේම මොළ කැබැලි බව වැටහී බියෙන් ත්‍රස්ත වී ගිය මා සිහිසුන්ව යනවා මතකය. යමෙක් පැමිණ බිත්තියෙන් මා දැඩි වෑයමකින් එළියට අදිනවා මට යන්තම් මතක ඇත . . .

Tuesday, December 22, 2015

බට්ටිච්චාට කියූ කව

බට්ටිච්චෝ නුඹ දැක්කම මතක් වෙනවා පෙර කාලය
ඔය වාගෙම මට හිටියා පෙම්වතියක් කල ආලය
වාගෙයි ඈ ඇසළ මලක් හැඩ කරනා මැද සාලය
පළඳන්නට මං හිටියා මතු දවසක පෙම් මාලය


හයහමාරෙ බයිස්කෝප් එක බලලා සිනා වෙලා
සයිවර් කඩයකට ගිහින් තෝසෙ එකක් රස විඳලා
කඩල ගොට්ටකුත් අරගෙන මහ පාරේ තුරුළු වෙලා
ගෙදර එන්න සිහින මැව්ව නුඹ වාගේ කූඩු වෙලා


පුර හඳ පායලා දිලෙන පෝය දිනෙක බෝමළුවේ
පොල්තෙල් පහනක් දල්වා එක්ව ඉන්න සුපැතූවේ
සඳ පහනේ ජයට පිපෙන කුමුදු කැකුළු මල් ගොමුවේ
සුවඳ උරා සැනසෙන්නයි එදා දවස අප සිතුවේ

Saturday, April 18, 2015

දුයිෂෙන් එන්නේ නෑ






ඉර හඳ හමුවුණ - පොප්ලර් පාමුල
දහසක් නෙතු වලට හොරා
දෑසින් බැඳි කව් පද
සීත සුළඟේ පාවෙලා
ගල් වෙලා හිම වගේ
චණ්ඩ මාරුතයට අසු වෙලා
විසිවෙලා කඳුළු ඉම දිහා
අල්තීනායි මතකයි මට
බලන් හිටියා නුඹ මේ පොප්ලර් පාමුළ
ඈත අතීතයක් වාගේ දැනෙන
ලඟම ලඟ දවසක
බිඳුණු හිත් ඇති දුයිෂෙන්
වැලපිලා කාලයක්
කඳුළු අහවර කරන්
තැපල් මල්ල අත දරා
වියළි හදකින් මං මුළා වෙලා
හිත් බිඳුණු දුයිෂෙන්
 
යේ එන්නේ නෑ අල්තීනායි
පොප්ලර් පාමුළ - ගිණි හීතලේ
නෙතින් නෙත හමුවෙන්න
දුයිෂෙන් එන්නේ නෑ ආයෙත් . . .

කවිඳිය හා කවිය

මල් මුතු දමක් සේ ගැලපෙන සුමුද වදන් පත් ඉරුවක ලියා කවියක හැඩය අරන් එළිවැට එළි සමය දෙපසින් එකට අරන් පද වැල් ගොතා ඇත රස හව් තුරුලු කරන් සක්කා ප...