Pages

Thursday, October 18, 2012

අතරමං වූ කවිය


කවක් ඇත හදවත කොණක 
පිට වනු නොහැකිව
හදවතේ ගැඹුරුම තැනක
තිබුණු එළියෙන් මග සොයා
පිටවන්නට හැදුව
නිවී ගොස් ඒ එළිය
ගණඳුරුයි හදවතම
අතරමං වෙලා ඇත
ඒ කවිය හද කොණක


මග සොයනු වෙර දරයි
මහ වැරින් තඩි බායි 
උරෝස්ථියෙන් කපාලයට 
උඩ පනිමින්
ඉතින් සොඳුර,
ගෙන සැතක් විගහින්
එළියට ගනින් ඒ කවිය
මා සමග මිය යන්ට පළමුව
දැඩි වේවි ඒ කවිය
නුඹ ළඟම හැමදාම
හදවතේ සිරව ගිය
කවට මව් නුඹ බැවින

Friday, October 12, 2012

සුහදිනිය

හැම රක්ෂාවකම පුහුණු වීම් සමය ඉතාම දුෂ්කර වෙයි. නිතරම ජ්‍යෙෂ්ඨයන් ගේ තාඩන පීඩන වලට ලක් වෙමින්, කිසිදු අගය කිරීමකින් තොරව පැය 24 පුරාම වැඩ කළ සමයක් ද විය. වෛද්‍ය වෘත්තිය ද මින් නිදහස් නොවන්නකි. අපමණ දුක් කම්කටොළු විඳ, කුසට අහර පවා වේලාවට නොලබා ගත කල කාලය කා වෙනු වෙන් යෙදවූවාදැයි අපි නොදනිමු. සතුරු සෙන් බල මුළු ගැණුනු ලොවක කණිෂ්ඨ වෛද්‍යවරු ලෙස අප විඳි දුක් ගැහැට, සතුට, කඳුල මා හා බෙදා ගත්තේ නුඹයි. මිතුරියක් ලෙස සදා කල් නුඹ මා හදේ රැඳී සිටින්නේ ඒ නිසායි. 

සුදු ඇඳුමින් සරසා ගෙන යන එන දහසක් අතරෙහි
ගිලනුන් ගේ ගිලන් ගතට සුවයක් සදනට වෙහෙසුණ
ජීවක වෙස් ගෙන දවසම නොනිඳා රැය පහන් කරන්
අපිට අපි ම පමණක් සිටි කටුක යුගය මතක් වෙලා
හීන් දුකක් හද කොණකින් පිටට පැමිණුනා

දුකයි සැපයි යස අයසයි සමව බෙදා ගෙන වැඩකල
හිත් පතුලේ ගැඹුරුම තැන තිබුණු සියලූ දේම පවා
දැන ගෙන අප අපෙ ජීවිත දෙසම මහත් සොවින් බලා
ඒ හැම දෙය සිනාවකට පෙරළා දුක අවසන් කල
කාලය හීනයක් වගේ හිතට දැනෙනවා
(2006)