එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි
ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි
තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම
පියපතින් එය වසයි - යටත් වනු එය හට
මුදු උණුසුම තුළම - කැපෙන කග පත් ඇතත්
එය පැමිණ අඬ ගසයි - යනු මැනවි සවන් අදහා
මහ සුළං සේ ඇවිත් - බිඳලුවත් පැතුම් පොදි
ඔටුණු පළඳවන අත - කුරුසියෙත් ඇණ ගසයි
අහස් තල වෙත ඇදී - පිරි මදිත ඔබ ලදලූ ආදරෙන්
මුල් තුලටම වැදී - සොලවයි මුළු ගසම මහ වැරින්
එය ඇවිත් ඔබ වෙතට - එක්කරයි එය වෙතට
තලා මැඬ හොඳ හැටි - නොමැතිය වෙන අටියක්
එයම එය සපුරනු හැර
(2006)
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම පියපතින් එය වසයි - යටත් වනු...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන් කඳුළු බිදක් තුළ සිර කර ලන්නට හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ අප නොම හමු වේවා විදුලි මිණි පහන් සමහල් පහයන් පුරවර දන ප...
No comments:
Post a Comment