Wednesday, October 6, 2021

කවිඳිය හා කවිය

මල් මුතු දමක් සේ ගැලපෙන සුමුද වදන්
පත් ඉරුවක ලියා කවියක හැඩය අරන්
එළිවැට එළි සමය දෙපසින් එකට අරන්
පද වැල් ගොතා ඇත රස හව් තුරුලු කරන්

සක්කා පද නොමැත මුළු ගැනවෙන අරුත
එක්කා විරිත නිති කුළු ගැන්වෙන අරුත
මක්කා වුවත් නුඹ ගොතනා කවි සිරිත
ඉක්කා ගැසෙන කව් පවසට රස ගිරිත

කව් පද නොම වැනිය පිරිපුන් බව නැතිය
කෝපෙන් දිලී බැන බැන යන හැටි හුරු ඇතිය
ඉඳහිට සිනා සී වස්නා මල් වැසිය
කව් නොම වගේ කිවීඳිය නම් අරුමැසිය

පිරිපුන් කවු බඳට ආලය කරනු පමා
කව් මුතු වැල සිත නොඇලෙයි අරුම කිමා
කවියෙන් කිවිඳියන් නොසොයන් බසද අසා
කවියට බැන්ද පෙම හැරියෙමි නොවී පමා

මුල මැද අග නොම පෑහෙන කවි වාගේ
කිවීඳිය කරන දේ මා හට නොම තේරේ
පිරිපුන් කවිය මට සිලුටුයි අතින් හැරේ
කිවීඳිය අත නොහැරෙනා රඟ නොම තේරේ!

රාජාලිය

 රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...