දුරක ඇතත් අප දෙදෙනා සිතින් තව ළඟයි
තුරුලිය ගොමු දකිනා විට සිත සෙමෙන් සැලෙයි
පෙර දා ලෙස විහඟ ගීත දෙසවන පුරවයි
ඒ ගීයෙහි මිහිර විඳිනු කෙලෙස ඔබ දුරයි
මලින් මලට රොන් කැන්දන බමර ගුමු ඇසේ
සියුම් සරින් සිත නළවා ඔබේ ගී වැයේ
සීත සුළං රැලි සියොළඟ හිරි ගඩු පිපුණේ
උණුසුම මා හට සදනට ඔබ ළඟක නැතේ
පපු තලයට තුරුළු කරන් විඳි ඒ සෙනෙහස
හීනයක්ව මැවී පෙනේ උයනේ තුරු පෙළ
සංසාරෙන් සංසාරෙට ලබන්ට ඔබෙ අත
පහනක් දල්වමි මිදුලෙහි පහන් පැලෙහි අද
(2008)
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම පියපතින් එය වසයි - යටත් වනු...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන් කඳුළු බිදක් තුළ සිර කර ලන්නට හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ අප නොම හමු වේවා විදුලි මිණි පහන් සමහල් පහයන් පුරවර දන ප...
No comments:
Post a Comment