හිරු නැග එන අතර තුරේ මාවත් සෙනගින් පිරෙද්දි
අතොරක් නැතිවම දිවෙනා වාහන දුම් රොටු නගද්දි
ඉගිලී යන කපුටු රෑන් අතරින් මං පිය මනිද්දි
දුටුවා ඔබ මාවෙත මල් සුවඳක් රැගෙන එද්දි
මැයි ගස් පේළිය අතරින් වැහි සිරි පොද ඇද වැටිලා
මැයි මල් එක එක හෙමිහිට මුදු පලසක් ලෙස වැටිලා
සීත සුළං හමා ඇවිත් ඔබ කෙස් රොද සෙලවූවා
මගෙ මුල් පෙම සරසන්නට සොබා ලියත් එක් වූවා
මූදු වෙරළෙ සිතිජ ඉමේ හිරු කිරණත් මිය ඇදිලා
ගිනියම් වූ වා තලයත් ගිමන නිවන බව පෙනිලා
මේ හිරු ලෙස මියැදී ගිය මගෙ මුල් පෙම සිහි වීලා
තවමත් සෝ සුසුම් නැගේ කොළොම්පුරය නෙත ගැටිලා
(2001)
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන් කඳුළු බිදක් තුළ සිර කර ලන්නට හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ අප නොම හමු වේවා විදුලි මිණි පහන් සමහල් පහයන් පුරවර දන ප...
No comments:
Post a Comment