මල් මුතු දමක් සේ ගැලපෙන සුමුද වදන්
පත් ඉරුවක ලියා කවියක හැඩය අරන්
එළිවැට එළි සමය දෙපසින් එකට අරන්
පද වැල් ගොතා ඇත රස හව් තුරුලු කරන්
සක්කා පද නොමැත මුළු ගැනවෙන අරුත
එක්කා විරිත නිති කුළු ගැන්වෙන අරුත
මක්කා වුවත් නුඹ ගොතනා කවි සිරිත
ඉක්කා ගැසෙන කව් පවසට රස ගිරිත
කව් පද නොම වැනිය පිරිපුන් බව නැතිය
කෝපෙන් දිලී බැන බැන යන හැටි හුරු ඇතිය
ඉඳහිට සිනා සී වස්නා මල් වැසිය
කව් නොම වගේ කිවීඳිය නම් අරුමැසිය
පිරිපුන් කවු බඳට ආලය කරනු පමා
කව් මුතු වැල සිත නොඇලෙයි අරුම කිමා
කවියෙන් කිවිඳියන් නොසොයන් බසද අසා
කවියට බැන්ද පෙම හැරියෙමි නොවී පමා
මුල මැද අග නොම පෑහෙන කවි වාගේ
කිවීඳිය කරන දේ මා හට නොම තේරේ
පිරිපුන් කවිය මට සිලුටුයි අතින් හැරේ
කිවීඳිය අත නොහැරෙනා රඟ නොම තේරේ!
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts
Wednesday, October 6, 2021
කවිඳිය හා කවිය
Wednesday, April 29, 2020
මැරුණු සිහිනය
ආලයක් මිස කාලයක් නැති
තාලයක් වූ සොඳුරු සිහිනෙක
බිඳෙන විසිරෙන හැපෙන කුඩුවෙන
සතර දෙස ඇත පැතිර නටබුන්
සොඳුරු සිහිනය නුඹ නිදන් කල
මරු වැළඳ ඇත කලක් ගතවී
පෙම් පතක ඇඳි කුරුටු වැකි සේ
කවි සිහින මල් ගොසිනි පරවී
මහා ගල් පව් සුණු විසුණු කර
තැනූ සෙනෙහස් මාළිගා නැත
ධූලියෙන් වැසි පවුරු පදනම්
කඳුළකින් මතු කරනු නොම වේ
නිදන් වදුලක කොළ පතක් සේ
අකුරු බොඳ වී පිලිද වියැකී
මළ බසක පැදි පේළියක්දෝ
මැරුණු සිහිනය නැවත සිහිවී
තාලයක් වූ සොඳුරු සිහිනෙක
බිඳෙන විසිරෙන හැපෙන කුඩුවෙන
සතර දෙස ඇත පැතිර නටබුන්
සොඳුරු සිහිනය නුඹ නිදන් කල
මරු වැළඳ ඇත කලක් ගතවී
පෙම් පතක ඇඳි කුරුටු වැකි සේ
කවි සිහින මල් ගොසිනි පරවී
මහා ගල් පව් සුණු විසුණු කර
තැනූ සෙනෙහස් මාළිගා නැත
ධූලියෙන් වැසි පවුරු පදනම්
කඳුළකින් මතු කරනු නොම වේ
නිදන් වදුලක කොළ පතක් සේ
අකුරු බොඳ වී පිලිද වියැකී
මළ බසක පැදි පේළියක්දෝ
මැරුණු සිහිනය නැවත සිහිවී
Tuesday, December 22, 2015
බට්ටිච්චාට කියූ කව
බට්ටිච්චෝ නුඹ දැක්කම මතක් වෙනවා පෙර කාලය
ඔය වාගෙම මට හිටියා පෙම්වතියක් කල ආලය
වාගෙයි ඈ ඇසළ මලක් හැඩ කරනා මැද සාලය
පළඳන්නට මං හිටියා මතු දවසක පෙම් මාලය
හයහමාරෙ බයිස්කෝප් එක බලලා සිනා වෙලා
සයිවර් කඩයකට ගිහින් තෝසෙ එකක් රස විඳලා
කඩල ගොට්ටකුත් අරගෙන මහ පාරේ තුරුළු වෙලා
ගෙදර එන්න සිහින මැව්ව නුඹ වාගේ කූඩු වෙලා
පුර හඳ පායලා දිලෙන පෝය දිනෙක බෝමළුවේ
පොල්තෙල් පහනක් දල්වා එක්ව ඉන්න සුපැතූවේ
සඳ පහනේ ජයට පිපෙන කුමුදු කැකුළු මල් ගොමුවේ
සුවඳ උරා සැනසෙන්නයි එදා දවස අප සිතුවේ
ඔය වාගෙම මට හිටියා පෙම්වතියක් කල ආලය
වාගෙයි ඈ ඇසළ මලක් හැඩ කරනා මැද සාලය
පළඳන්නට මං හිටියා මතු දවසක පෙම් මාලය
හයහමාරෙ බයිස්කෝප් එක බලලා සිනා වෙලා
සයිවර් කඩයකට ගිහින් තෝසෙ එකක් රස විඳලා
කඩල ගොට්ටකුත් අරගෙන මහ පාරේ තුරුළු වෙලා
ගෙදර එන්න සිහින මැව්ව නුඹ වාගේ කූඩු වෙලා
පුර හඳ පායලා දිලෙන පෝය දිනෙක බෝමළුවේ
පොල්තෙල් පහනක් දල්වා එක්ව ඉන්න සුපැතූවේ
සඳ පහනේ ජයට පිපෙන කුමුදු කැකුළු මල් ගොමුවේ
සුවඳ උරා සැනසෙන්නයි එදා දවස අප සිතුවේ
Saturday, April 18, 2015
දුයිෂෙන් එන්නේ නෑ
ඉර හඳ හමුවුණ - පොප්ලර් පාමුල
දහසක් නෙතු වලට හොරා
දෑසින් බැඳි කව් පද
සීත සුළඟේ පාවෙලා
ගල් වෙලා හිම වගේ
චණ්ඩ මාරුතයට අසු වෙලා
විසිවෙලා කඳුළු ඉම දිහා
අල්තීනායි මතකයි මට
බලන් හිටියා නුඹ මේ පොප්ලර් පාමුළ
ඈත අතීතයක් වාගේ දැනෙන
ලඟම ලඟ දවසක
බිඳුණු හිත් ඇති දුයිෂෙන්
වැලපිලා කාලයක්
කඳුළු අහවර කරන්
තැපල් මල්ල අත දරා
වියළි හදකින් මං මුළා වෙලා
හිත් බිඳුණු දුයිෂෙන්
ආයේ එන්නේ නෑ අල්තීනායි
පොප්ලර් පාමුළ - ගිණි හීතලේ
නෙතින් නෙත හමුවෙන්න
දුයිෂෙන් එන්නේ නෑ ආයෙත් . . .
Tuesday, April 14, 2015
අප නොම හමු වේවා
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන්
කඳුළු බිදක් තුළ සිර කර ලන්නට
හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ
අප නොම හමු වේවා
විදුලි මිණි පහන් සමහල් පහයන්
පුරවර දන පිරි පටු මං අතරේ
අතිනත ගෙන තුරුළුව ගිය සටහන්
කළු දුම් රොටුවෙන් වැසී ගියාවේ
හිරු හිනැහෙන නව සොඳුරු උදැහැනක
අප නොම හමු වේවා
දෙතොල ලංව බිවු රස මදිරාවන්
සුවඳ සුඟක් ඇත සිහින පොදක් ලෙස
තුරුළුව වැලඳූ ඒ පෙම් සුවයන්
කාලයේ වැල්ලෙන් වැසී ගියාවේ
නව මල් පිබිදෙන අරුණලු අතරේ
අප නොම හමු වේවා
කඳුළු බිදක් තුළ සිර කර ලන්නට
හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ
අප නොම හමු වේවා
විදුලි මිණි පහන් සමහල් පහයන්
පුරවර දන පිරි පටු මං අතරේ
අතිනත ගෙන තුරුළුව ගිය සටහන්
කළු දුම් රොටුවෙන් වැසී ගියාවේ
හිරු හිනැහෙන නව සොඳුරු උදැහැනක
අප නොම හමු වේවා
දෙතොල ලංව බිවු රස මදිරාවන්
සුවඳ සුඟක් ඇත සිහින පොදක් ලෙස
තුරුළුව වැලඳූ ඒ පෙම් සුවයන්
කාලයේ වැල්ලෙන් වැසී ගියාවේ
නව මල් පිබිදෙන අරුණලු අතරේ
අප නොම හමු වේවා
Wednesday, April 8, 2015
සමුගන්න අවසරයි
සැඳෑ හිරු මිය ගිහින් - වළා පෙළ දම් පැහැයි
මඟහැරුණු හිතවතිය - ජීවිතය ඉම ලඟයි
කිරි සිහින රජවෙනා - සිරිමතිය හිනැහෙනා
ජීවිතය විඳගන්න - අවසර ද පිටවෙන්න?
සෙනේදම් බිඳී ගිය - යුගයකට සමුදෙන්න
ජීවිතේ කටුක දුර - එක්ව ඇවිදන් යන්න
හිතවතිය අතවනයි - ජීවිතය ඉමේ සිට
සඳවතිය හැරදමා - අවසර ද පිටවෙන්න?
අතරමං ජීවිතේ - මඟහසර අහගන්න
මඟ ඇසූ සමණළිය - අතැර ඉවතට යන්න
වල් නොවැද මං පෙතේ - ආදරෙන් ඇවිදින්න
හිතවතිය අතවනයි - අවසර ද පිටවන්න?
Thursday, October 18, 2012
අතරමං වූ කවිය
කවක් ඇත හදවත කොණක
පිට වනු නොහැකිව
හදවතේ ගැඹුරුම තැනක
තිබුණු එළියෙන් මග සොයා
පිටවන්නට හැදුව
නිවී ගොස් ඒ එළිය
ගණඳුරුයි හදවතම
අතරමං වෙලා ඇත
ඒ කවිය හද කොණක
මග සොයනු වෙර දරයි
මහ වැරින් තඩි බායි
උරෝස්ථියෙන් කපාලයට
උඩ පනිමින්
ඉතින් සොඳුර,
ගෙන සැතක් විගහින්
එළියට ගනින් ඒ කවිය
මා සමග මිය යන්ට පළමුව
දැඩි වේවි ඒ කවිය
නුඹ ළඟම හැමදාම
හදවතේ සිරව ගිය
කවට මව් නුඹ බැවින
Friday, October 12, 2012
සුහදිනිය
හැම රක්ෂාවකම පුහුණු වීම් සමය ඉතාම දුෂ්කර වෙයි. නිතරම ජ්‍යෙෂ්ඨයන් ගේ තාඩන පීඩන වලට ලක් වෙමින්, කිසිදු අගය කිරීමකින් තොරව පැය 24 පුරාම වැඩ කළ සමයක් ද විය. වෛද්‍ය වෘත්තිය ද මින් නිදහස් නොවන්නකි. අපමණ දුක් කම්කටොළු විඳ, කුසට අහර පවා වේලාවට නොලබා ගත කල කාලය කා වෙනු වෙන් යෙදවූවාදැයි අපි නොදනිමු. සතුරු සෙන් බල මුළු ගැණුනු ලොවක කණිෂ්ඨ වෛද්‍යවරු ලෙස අප විඳි දුක් ගැහැට, සතුට, කඳුල මා හා බෙදා ගත්තේ නුඹයි. මිතුරියක් ලෙස සදා කල් නුඹ මා හදේ රැඳී සිටින්නේ ඒ නිසායි.
සුදු ඇඳුමින් සරසා ගෙන යන එන දහසක් අතරෙහි
ගිලනුන් ගේ ගිලන් ගතට සුවයක් සදනට වෙහෙසුණ
ජීවක වෙස් ගෙන දවසම නොනිඳා රැය පහන් කරන්
අපිට අපි ම පමණක් සිටි කටුක යුගය මතක් වෙලා
හීන් දුකක් හද කොණකින් පිටට පැමිණුනා
දුකයි සැපයි යස අයසයි සමව බෙදා ගෙන වැඩකල
හිත් පතුලේ ගැඹුරුම තැන තිබුණු සියලූ දේම පවා
දැන ගෙන අප අපෙ ජීවිත දෙසම මහත් සොවින් බලා
ඒ හැම දෙය සිනාවකට පෙරළා දුක අවසන් කල
කාලය හීනයක් වගේ හිතට දැනෙනවා
(2006)
Thursday, December 8, 2011
කවියාගේ suicide notes
ස්වාමීනි,
තනිව ආවෙමි
තනිව සිටියෙමි
විය සිදුරෙන් දකින
කණ කැස්බෑ අහස
අතැර යන්නෙමි
මහ සයුර වෙත
පැමිණි විලසම . . .
පිදූ මුත් පෙම පරම පිවිතුරු
සඳ එළිය සේ
පසන් හැඟුමෙන
රුවා පස තුළ එයින් බිජුවට
සැදී මහ ගසක්
මල් පල ද දරා ගෙන
සිඳ දමා එහි සිරස
අඹරවා තෙදැති කඳ
උදුරුවා මුදුන් මුල
බිම දැමී වනස්පතිය . . .
ගණඳුර කෑලි කපන
ඉතින් මේ අවසන් හෝරාවයි
දොරටුව අබියස
පැමිණ ඉන්නෙමි
මළ හෙයින් ආත්මයෙන්
බියක් නොදැනේ කිසි විට
අවසරයි ස්වාමීනි
මහෞෂධ වන් නැණැති
අසඩක් වන් තෙදැති
අසන්නට නිමිති නැති
නඩුවක් රැගෙන ආවෙමි
දෙන්නට දඬුවම් නොහැකි
මළ ආත්මය රැගෙන
ඉතින් අතැර යම් කණ කැස්බෑ අහස
විය සිදුරෙන් දකින . . .
(1998)
Sunday, April 3, 2011
වැස්ස
ඇතැම් වැහි මල් වැසි වෙයි. ඇතැම් වැසි දෝර ගලා යන ගං වතුර ඇති කරයි. ඇතැම් වැසි නව ජීවය ගෙනෙයි. ඇතැම් වැසි වේදනාව සෝදා හරියි . . .
වැහැපන් වැස්සේ වැහැපන්
සඳු හිරු තරු නිල් අහසත්
මේ කුළු තිමිරෙන් සඟවා
වියෝ දුකින් කම්පිත වූ
හදක් දරපු ඇස් දෙකකින්
ගලා ගිහිපු කඳුළු ලෙසින්
ඇළ දොළ ගං පිරී යන්න
වැහැපන් වැස්සේ වැහැපන්
ආදරයේ ඉඩෝරයට
ඉරිතලාපු හද මඬලට
අකලට ඇවිදින් හොරෙන්ම
නව දළු මල් පුබුදන්නට
වැහැපන් වැස්සේ වැහැපන්
(1999)
වැහැපන් වැස්සේ වැහැපන්
සඳු හිරු තරු නිල් අහසත්
මේ කුළු තිමිරෙන් සඟවා
වියෝ දුකින් කම්පිත වූ
හදක් දරපු ඇස් දෙකකින්
ගලා ගිහිපු කඳුළු ලෙසින්
ඇළ දොළ ගං පිරී යන්න
වැහැපන් වැස්සේ වැහැපන්
ආදරයේ ඉඩෝරයට
ඉරිතලාපු හද මඬලට
අකලට ඇවිදින් හොරෙන්ම
නව දළු මල් පුබුදන්නට
වැහැපන් වැස්සේ වැහැපන්
(1999)
Wednesday, March 23, 2011
සමු ගැන්මට පෙර
කොර වූවෙක් වන්නෙමි
දෑත දෙපයින් නොව සිතින්
වක්කොලූ නොන්ඩි මිනිහෙක්
සිතින් කොහොමද කොර වෙන්නෙ?
ඔබ අසාවි . . .
එක සොඳුරු දවාලක දුටුවා මා ඔබ
සොඳුරු කීවාට ගිනි ගහන මද්දහන
සිසිල් වුනා ඔබ දුටු විට
පිබිදුනා දහසක් සිතිවිලි
නිදා සිටි යෝධයකු ලෙස
හැරදමා ඉඳුරු දොරටු
ගැලූවා සිතිවිලි ගංගාවක්
සැදුනා හැඟුමන් දිය ඇල්ලක්
බොහෝ කාලෙකට පසුව . . .
නොදැන සිටියෙමි නමුත් ඒ සත්‍යය
නොදැන සිටියා නොවේ
නොවැටහුනා කීවොත් වඩාත් හරිය
එක් පසෙක පෙම් බැඳුම් පිණි බිදු සම බව
නැසී යන බව අසුරු සැණ ලෙස
දොස් කියන්නට එපා මා හට
ආලයෙන් අන්ධ වි සිටි නියාවෙන්
ඉවත බැලූවා ඔබ
පරණ කථාවම නැවතත්
වයිර බැඳි මහ බඹා සිටින තුරු කුමක් වේවි ද?
කඩා හැලූනා අඩ සඳ - අන්ධකාරය තුළට
තරු පෙළ ද දෙබෑ වි - ගිලූණි නුබ කුස තුළට
අකාල මේකුළු ඇවිත්
මේඝලතා විජ්ජුලතා සමග
වහිනවා වැස්සක්
සේදෙන්නට කඳුළු - නුඹ වෙනුවෙන් හලපු
හැර දාපු ඉඳුරු දොරටු
කල් මදිය වසා ගන්නට
දිව එන්නෙ ඒ තුළට සෝකයේ චණ්ඩ රළ
ගසාගෙන යයි ආත්මය - දිය රැළි සමග
වැටෙයි සිතිවිලි ගංගාවට
බොර පැහැ වතුර පිරි
ගලනවා දුඹුරු පාට දිය ඇල්ලක්
මොන තරම් අසුන්දර ද?
හැපෙයි නැවත නැවතත්
ජීවිතේ ඉවුරු වල
සිඳී බිඳී යයි - හැපෙන හැම වාරයෙම
දඬුවම් දෙන්නට නොහැක ඔබ හට
දඬුවමින් තවත් නොරිදෙන බැවින්
ඔබ රිදවනා මා හද
අවසරයි මා හට - හැර යන්න හැම දේම
හැර යන්ට සොඳුරු ලෝකය
තුරු ලතා පෙළ - පාවූ වළා යහන
ලංව සිටි සඳවතිය
සමුගන්න ඒ ලෝකයෙන්
සදහටම . . . .
(2005)
Tuesday, March 22, 2011
නෙලූ මල
මලක් පිපී ඇත යස රුවට
පෙති විදා අවදි වී
බිඟුන් මන් මත් ද වී
බලන්න ඒ මල දෙස
කැකුළකින් අවදි වී
බලන්න නැවතත් ඒ මල ම
නෙළා ගෙන ඇත එය
ආඩම්බරයෙන් දිලෙයි
සාලය මැද පෝච්චියේ
දුටුවන් කරමින් කුල්මත්
බලන්න නැවතත් ඒ මල ම
පෙති හැලී දුඹුරු වී
කුඩු හැලෙයි පැතලි වී
දෙස් දෙවොල් තබයි
නෙළා ගත්තහුට ඒ මල
බලන්න නැවතත්
මල දෙස නොවෙයි මේ වර
නෙළා ගත් දෑත දෙස
කටු ඇනී සිදුරු වී
රතු රුහිරෙන් වැසී
දවයි චේදනාවෙන්
මල් නෙලූ ඒ දෑත
බලන්න නැවත නැවතත්
ඒ මල, ඒ දෑත
ඒ කටු, රතු රුහිරය . . .
(2004)
Thursday, April 8, 2010
කලෙකට පසු
තුන් බියම සැරිසරපු මේ රුදුරු බිම් කඩෙහි
සිනා මල් ඉතිර වූ නුඹ මතක පොකුරු පොදි
තනි කරන් පෙර දිනෙක ගියෙම් මා ඉගිලිලා
ජීවිතේ දුර ඉවුරු දකින්නට තටු සලා
මරු කතර, ගිරි කඳුර අතර තුර පියාඹා
යනෙන කල එක්වන්න පෙරුම් පිරු ඈ සිනා
තුරුළු කර දුර ගෙවා කෙම් බිමක නැවතිලා
එක්වුනා ජීවිතේ දුර යන්ට රිසි නිසා
එක්ව යන ගමන තුල ඉසිබු ලන ඇසිල්ලේ
පැරණි සුවඳක් දැනී සිත හෙමින් සසැල්ලේ
තුන් බියම සරද්දී නුඹ එබිම තනිවෙලා
එන්ට සිතුනත් ඉතින් අහිමියි නුඹ සෑමදා
සිනා මල් ඉතිර වූ නුඹ මතක පොකුරු පොදි
තනි කරන් පෙර දිනෙක ගියෙම් මා ඉගිලිලා
ජීවිතේ දුර ඉවුරු දකින්නට තටු සලා
මරු කතර, ගිරි කඳුර අතර තුර පියාඹා
යනෙන කල එක්වන්න පෙරුම් පිරු ඈ සිනා
තුරුළු කර දුර ගෙවා කෙම් බිමක නැවතිලා
එක්වුනා ජීවිතේ දුර යන්ට රිසි නිසා
එක්ව යන ගමන තුල ඉසිබු ලන ඇසිල්ලේ
පැරණි සුවඳක් දැනී සිත හෙමින් සසැල්ලේ
තුන් බියම සරද්දී නුඹ එබිම තනිවෙලා
එන්ට සිතුනත් ඉතින් අහිමියි නුඹ සෑමදා
Saturday, April 3, 2010
වයර් දිග ආ මිතුරියට
ඔබ ලඟින් ඉඳිමි මම
සිරුරෙන් නොව
පාඨක නමින්
නොදනිමි අප අපව
කළුද සුදු යයි කියා
ලංව අත හදවතින්
රසවින්ද පද වැල් නිසා
යතුරු ලා පරිගණක
පිවිසෙමි මම සැබෑ ලොවට
බලා හිඳී
ඈ මා එනතුරු
උණුසුම් හැඟුමන් සිත දරා
සිතේ තෙරපෙන හැඟුම්
නොනැගීම පද වැලට
මුව කමල මත ඇඳෙයි
අනේ කොතරම් අපූරුද
ලියමි මම ලිපියක්
හදවතේ හැඟුමින්
ඈ දෑස බලා
නොරටක වෙසෙන කිවිඳියව
නැවත හමුවේ පසු දිනක
වයර් දිග ආදරය
කෙලෙස එවමිද ඉතින
වයර් තුල ඉපිද එන,
වයර් තුල සැරිසරන
වයර් තුල මිය ඇදෙන
ලොවක් කුමකට ඉතින
සිරුරෙන් නොව
පාඨක නමින්
නොදනිමි අප අපව
කළුද සුදු යයි කියා
ලංව අත හදවතින්
රසවින්ද පද වැල් නිසා
යතුරු ලා පරිගණක
පිවිසෙමි මම සැබෑ ලොවට
බලා හිඳී
ඈ මා එනතුරු
උණුසුම් හැඟුමන් සිත දරා
සිතේ තෙරපෙන හැඟුම්
නොනැගීම පද වැලට
මුව කමල මත ඇඳෙයි
අනේ කොතරම් අපූරුද
ලියමි මම ලිපියක්
හදවතේ හැඟුමින්
ඈ දෑස බලා
නොරටක වෙසෙන කිවිඳියව
නැවත හමුවේ පසු දිනක
වයර් දිග ආදරය
කෙලෙස එවමිද ඉතින
වයර් තුල ඉපිද එන,
වයර් තුල සැරිසරන
වයර් තුල මිය ඇදෙන
ලොවක් කුමකට ඉතින
Tuesday, December 22, 2009
සමු ගත් පෙම්වතිය
මගේ ජීවිතයට එකම එළිය වූයේ නුඹමය. මනු දම් නොහඳුනනා ලෝකයක මනු දමෙහි අරුම කියා දුන්නේත් නුඹමය. හදවතේ ගඹුරුම තැන දක්වා ගමන් කර කිසිවෙකුට හැඳිනිය නොහැකි වූ මා හඳුනා ගත්තේත් ඔබමය. මගේ දිවියට කඳුළත්, අඳුරත්, පාළුවත්, ඉතිරි කර සැඟව ගියෙත් නුඹමය.
කෙත් වතු අතරින් මීදුම නැගිලා
තුෂාර බිඳු මත හිරු රැස් වැටිලා
දිලිසෙන කොළ පැහැ තණ පත් අතරින්
රුවක් පෙනෙයි නෙතු ඉම ඇඳිලා
සඳ නැති අහසක තනි තරුවක් සේ
නිසල රැයේ අඳුරට මුසු වී
බලා හිඳිනවා වාගෙ දැනෙනවා
තරු නෙතු දල්වා එහා ලොවින්
අඳුරු දිවි ගමන එළිය කරන්නට
දැල්වු පහන රහසෙම නිවුනා
දැල්වී තිබෙනා පහන් ඇතත් අද
මුළු ලොව ගණ අඳුරින් වැසුනා
(1999)
Friday, August 21, 2009
සඳ මඬල
සඳ මඬල
බලා සිටි
නුඹ මා එක්ව සවුදිය පිරූ
පතුරලා ගී නද
වපුරලා සිනා කැල්මන්
සඳ මඬල
බලා සිටි
ඇගේ අත ගෙන සිප ගත්
ඔලිඳ ගස් හෙවණේ
පෙමින් බැඳි
සඳ මඩල
බලා සිටි
වෙන්ව යනු අපි සැම
ජීවිතේ දොරටු
විවර කර ගෙන
සඳ මඩල
නැත නුඹ අද
තනිව සිටිනා
මේ යාමයේ
මගේ තනියට
බලා සිටි
නුඹ මා එක්ව සවුදිය පිරූ
පතුරලා ගී නද
වපුරලා සිනා කැල්මන්
සඳ මඬල
බලා සිටි
ඇගේ අත ගෙන සිප ගත්
ඔලිඳ ගස් හෙවණේ
පෙමින් බැඳි
සඳ මඩල
බලා සිටි
වෙන්ව යනු අපි සැම
ජීවිතේ දොරටු
විවර කර ගෙන
සඳ මඩල
නැත නුඹ අද
තනිව සිටිනා
මේ යාමයේ
මගේ තනියට
Thursday, July 2, 2009
වසන්තය ඇවිදින් ගියා
සුහදිනියනි නැතිදෝ දන්නේ
වසන්තය ඇවිදින් ගියා
මල් යාය බමර ගුමුවෙන් වසා
වසන්තය ඇවිදින් ගියා
ලෙන්ගතු තෙපුලින් ළංව සිටි නිසා
කොවුල් කැල යනු නොදිටිමු
පිපුණු මල් වල නටු පමණි අද
වසන්තය ඇවිදින් ගියා
ශිල්ප පිරුවට ගතෙහි දවටා
කාසි පොදි ලුහුබැඳි සමේ
සොඳුරු තෝතැනි වියළිලා ඇත
වසන්තය ඇවිදින් ගියා
නුරාවේ මල් පරවෙලා ඇත
සෙනෙහසේ අඩුවක් නැතත්
කාලයේ වැලි තලා මතුයෙහි
වසන්තය ඇවිදින් ගියා
වසන්තය ඇවිදින් ගියා
මල් යාය බමර ගුමුවෙන් වසා
වසන්තය ඇවිදින් ගියා
ලෙන්ගතු තෙපුලින් ළංව සිටි නිසා
කොවුල් කැල යනු නොදිටිමු
පිපුණු මල් වල නටු පමණි අද
වසන්තය ඇවිදින් ගියා
ශිල්ප පිරුවට ගතෙහි දවටා
කාසි පොදි ලුහුබැඳි සමේ
සොඳුරු තෝතැනි වියළිලා ඇත
වසන්තය ඇවිදින් ගියා
නුරාවේ මල් පරවෙලා ඇත
සෙනෙහසේ අඩුවක් නැතත්
කාලයේ වැලි තලා මතුයෙහි
වසන්තය ඇවිදින් ගියා
Saturday, June 13, 2009
මතක සුවඳ
සඳ නිහඬ තරු නිහඬ රැහැයියන් නිදි කිරන
මැදියමේ සීතලෙන් මේ පාලු කුටිය තුළ
සිහිනයේ සිත්තම්ව ඇස් පියන් මතට එන
රෑ යමේ තුන් යමේ කඩුපුලේ සුවඳ සේ
සිහිනයේ ගල්වලා ඒ සුවඳ තව දැනේ
කුරු බිලිය තුළින් විත් හොර රහසෙ සිත් ඉමට
සැතපෙන්න සයනයෙහි සිතුවිලින් අතුළ විට
හෙට උදේ හිරු නැගී කොඳ කැකුළු පරව යයි
සිහිනයේ සරමින් ම දෙන්න මට තුටුවන්න
පෙණ දමන මධුවිතක ගල්වලා සිතට එන
මතකයන් සමුදාය වියළිලා ගියත් අද
දිගු නිහඬ කල් ගෙවා කතරකට වසින ලෙස
අමතකවු මතකයක් සිත් ඉමට පැමිණ ඇත
මැදියමේ සීතලෙන් මේ පාලු කුටිය තුළ
සිහිනයේ සිත්තම්ව ඇස් පියන් මතට එන
රෑ යමේ තුන් යමේ කඩුපුලේ සුවඳ සේ
සිහිනයේ ගල්වලා ඒ සුවඳ තව දැනේ
කුරු බිලිය තුළින් විත් හොර රහසෙ සිත් ඉමට
සැතපෙන්න සයනයෙහි සිතුවිලින් අතුළ විට
හෙට උදේ හිරු නැගී කොඳ කැකුළු පරව යයි
සිහිනයේ සරමින් ම දෙන්න මට තුටුවන්න
පෙණ දමන මධුවිතක ගල්වලා සිතට එන
මතකයන් සමුදාය වියළිලා ගියත් අද
දිගු නිහඬ කල් ගෙවා කතරකට වසින ලෙස
අමතකවු මතකයක් සිත් ඉමට පැමිණ ඇත
රතු රෝස
රතු රෝස දියවී බිම වැටී
හිරු සඳු ද සැඟවී අඳුරු වී
කළු මේඝ තිරයෙන් නුබ වැසී
වැසි ඒවි වේගෙන් ඇදී
ඇස ගාව පිපිලා රත් කුසුම්
හද ගාව රැඳිලා සුවඳකින්
සිටි කාලෙ කිමදෝ නිම වුණේ
මල් නටුව පඳුරෙන් මිදේ
මතු ඈත දවසක අප යළිත්
හමු වේවි නැවතත් අහඹුවෙන්
පරවූ අපේ ඒ පෙම් කුසුම්
සැනසේවි නටඹුන් බලා
හිරු සඳු ද සැඟවී අඳුරු වී
කළු මේඝ තිරයෙන් නුබ වැසී
වැසි ඒවි වේගෙන් ඇදී
ඇස ගාව පිපිලා රත් කුසුම්
හද ගාව රැඳිලා සුවඳකින්
සිටි කාලෙ කිමදෝ නිම වුණේ
මල් නටුව පඳුරෙන් මිදේ
මතු ඈත දවසක අප යළිත්
හමු වේවි නැවතත් අහඹුවෙන්
පරවූ අපේ ඒ පෙම් කුසුම්
සැනසේවි නටඹුන් බලා
Sunday, May 24, 2009
වවුල්ලු
එල්ලිලා අතු අගෙක
පාද ඇත උඩ අතට
හිස බිමට වූ බැවින
මොළය ඇත හිස තුළම . . . !
රැහැන් අතරෙහි වැදී
මියෙන මුත් සැර වැදී
නොදනිමු ය අප වරද
පය ගසනු තැන් නොහී . . .
උඩු වියන් පාවඩය
කොන්ක්‍රීට් මුතු කුඩය
අතර පියඹා යමු ද
සොයා අර සඳ මඬල . . .
දිවා කල ගස් සෙවණ
රෑ කලෙහි සඳ එළිය
දුටුවෙමු අඳුරෙහි එළිය
නොදැක එළියෙහි අඳුර . . !
පාද ඇත උඩ අතට
හිස බිමට වූ බැවින
මොළය ඇත හිස තුළම . . . !
රැහැන් අතරෙහි වැදී
මියෙන මුත් සැර වැදී
නොදනිමු ය අප වරද
පය ගසනු තැන් නොහී . . .
උඩු වියන් පාවඩය
කොන්ක්‍රීට් මුතු කුඩය
අතර පියඹා යමු ද
සොයා අර සඳ මඬල . . .
දිවා කල ගස් සෙවණ
රෑ කලෙහි සඳ එළිය
දුටුවෙමු අඳුරෙහි එළිය
නොදැක එළියෙහි අඳුර . . !
Subscribe to:
Posts (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම පියපතින් එය වසයි - යටත් වනු...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්‍රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන් කඳුළු බිදක් තුළ සිර කර ලන්නට හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ අප නොම හමු වේවා විදුලි මිණි පහන් සමහල් පහයන් පුරවර දන ප...






