සොඳුරු හිමිදිරිය යෞවනයේ
පිපෙන විටදි සැල මුතු පින්නේ
මලක් වීය මට ඔබ එසැනේ
මන් ද බමරු වී මා නාවේ
සොඳුරු ඇසින් දැක ගත් ඒ සිහිනය
නෙක පැහැ අඳුනින් සැරසූයේ
ඒ නව ලෝකය මා නෙත් අබිමුව
පිපුණු මලේ නුඹ හැර පෑවේ
දිනා ගන්නට කිත් යසස් පොදි
සැදී එන්නට පෙරහරින් ගෙන
පලා ගිය මුත් මිනිස් වනයට
පිපුණු මලේ මට නුඹ සිහිවේ
පයට මිරිවැඩි හිසට ඔටුනු ද
පැළැඳ ආවත් මේ සඳේ
තවත් බමරකු මලට ගුලි වී
පෙම් අමා රස පැන් පිරේ
(2001)
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන් කඳුළු බිදක් තුළ සිර කර ලන්නට හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ අප නොම හමු වේවා විදුලි මිණි පහන් සමහල් පහයන් පුරවර දන ප...
No comments:
Post a Comment