නිල් අහසේ පියාඹලා - නිදහස විඳ සතුටු වන්න
කිරිල්ලියේ ළඟට එන්න - රිදෙනා තටු පිරිමදින්න
සිඳු ගැඹරේ කිමිදීලා - මුතු බෙල්ලකු රැගෙන එන්න
එහි තුල ඇති මුතු ඇටයෙන් - මුතුමාලය පළන්දන්න
හෙන්දිරික්ක මල් කුමරිය - වගේ සුවඳ දසත දෙන්න
හිරු කැන් ලෙස හිමිදිරියේ - දිව ගෙන එමි නුඹ දකින්න
දේදුන්නේ පාට අරන් - නුඹෙ අත්තටු හැඩ කරන්න
සමනළියේ මගේ ලොවට - සිනා කැකුළු අරන් එන්න
වියළි ගිය දිවි උයනේ - සිනා සෙමින් පිපී එන්න
වෙන මල් නැති නිසා ඉතින් - දිවි හිමියෙන් රැක බලන්න
(2008)
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම පියපතින් එය වසයි - යටත් වනු...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන් කඳුළු බිදක් තුළ සිර කර ලන්නට හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ අප නොම හමු වේවා විදුලි මිණි පහන් සමහල් පහයන් පුරවර දන ප...
No comments:
Post a Comment