පිපුණු නිලූපුල් රැසෙක පැහැය ඇත වැඩි වෙලා
ඇදෙන රන් සමනළුන් නෙක රටා මවාලා
කුරුලූ ගී කිචි බිචිය මිහිරි තනුවක් වෙලා
ගීතයකි ජීවිතය කුමක් හෝ සිදු වෙලා
පෙර දිනෙක සවනහොත් වදන් නැත ඇසෙනුයේ
රොස් පරොස් වදන් වුව අසා සිත නොම තැවේ
මුළු ලොවෙහි සිනාවන් සමග මා සිනහ වේ
අරුමයෙකි අරුමයෙකි කුමක් දෝ නොතේරේ
ගැයෙන හැම ගීතයක ඒ හඬයි නැඟ එන්නෙ
දකින හැම රූපයක ඒ රුවයි මතු වන්නෙ
සිතන හැම මොහොතේම එකම සිතිවිලි එන්නෙ
ආදරෙන් වෙලීලා දැනුයි මට තේරෙන්නෙ
(2005)
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Thursday, March 19, 2009
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම පියපතින් එය වසයි - යටත් වනු...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
No comments:
Post a Comment