නින්නාදය වනාහි කොළඹ වෛද්‍ය පීඨයෙහි කලා හැකියාවන් එළිදක්වන රඟ මඬලයි. රටෙහි වූ බියකරු තත්ත්වයන් හමුවෙහි වසර 1999, එනම්, නින්නාදයෙහි සතරවන දිගහැරුම අපට අහිමි විය. සියළුම කටයුතු නිමවා තිබූ, කිසි දින දිග නොහැරි, නින්නාදයේ පිළිගැනීමේ ගීතය මෙලෙසින් මා අතින් ලියැවිණි.
අඬසඳ සුදිලෙන පසුයම් වේලෙක
සරස්වතිය වැඩ හිඳිනා මේ බිම
දූ දරු කැලගෙන් ඔබහට පුද දෙන
නින්නාදය සවනට ගෙන එන්නා
එකසිය විසිවස් කල් පැවතීලා
ජීවක කුලයට උපත සදාලා
ඔද්දල් ජීවිත පණ ගැන්වූ ලෙස
ඔද්දල් සිත් යළි පණ පොවමු
සත්සර හඬවන නව නළු නාටක
ගිගිරි ගීතයෙන් සරසන්නේ
නුදුටු විරාමය දෙනෙත පාන්නට
නින්නාදය මෙලෙසින් ඇරුඹේ
(1999)
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම පියපතින් එය වසයි - යටත් වනු...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්‍රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන් කඳුළු බිදක් තුළ සිර කර ලන්නට හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ අප නොම හමු වේවා විදුලි මිණි පහන් සමහල් පහයන් පුරවර දන ප...
No comments:
Post a Comment