පණ රැක ගෙන ඉවරයි තව ටිකකින් පමා වුවොත් මේ ලංකාවේ
මිනිකන කොටියා ලංකා පොළොවෙන් කඩුගානෙමු රැක දෑ ආලේ
සිහල දමිළ මුස්ලිම් වූ දුහුනන් ලෙයින් පෙඟුණු උතුරේ පොළොවේ
අඩව් අල්ලනා ත්‍රස්තවාදියා පරදමු අප අත් බැඳ රාළේ
කිරි කැටි දරුවන් මන්නා පහරින් දෙපළු කලා මේ රුදු කොටියා
දණ බිම ඇන යාදිනි යදිනාවුන් වෙඩි පහරින් සැතපෙවු සැටියා
විසි වසරක සිට නිදහස ඉල්ලන දමිළ සිහල මල් පිබිදෙන්නා
ගිණි දණ්ඬේ මකුළුවන්ට සුබ නැත උතුරේ යුද ගිනි දැල් නැඟුණා
ජාතික ආලය සිත් වල රඳවා ඩොලර් කාක්කන් උල තියලා
වළලන්නේ කවද ද මහ කොටියා සිරි ලක් පොළොවේ හප්පාලා
ගිණි කෙළි මල් වෙඩි සිහි ගන්වාලා මල්ටි බැරල් අහසට විදුනා
රට වෙනුවෙන් දිවි පිදුව ද කම් නැත යුද විරුවන් සටනට වන්නා
ආකෘතිය ඉස්සුවා - පුරන් අප්පු කවි, සුනිල් එදිරිසිංහ
(2008)
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම පියපතින් එය වසයි - යටත් වනු...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන් කඳුළු බිදක් තුළ සිර කර ලන්නට හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ අප නොම හමු වේවා විදුලි මිණි පහන් සමහල් පහයන් පුරවර දන ප...
No comments:
Post a Comment