උදේ හයට නැගිට ගන්න - බෝඩිම වෙත පිය මනින්න
නුඹෙ පොත් ගොඩ අතේ අරන් - නුඹ පස්සෙන් පිය මනින්න
ඒ යුගයට නැවත යන්න - නුඹෙ ආදරෙ මෙමට දෙන්න
දැනුම් සයුරෙ නුඹ ගිලෙද්දි - කැන්ටිම වෙත ඉගිල්ලෙන්න
ටී දෙකකුත් අරන් ඇවිත් - එක මේසෙන් ඈඳි ගන්න
ඒ යුගයට නැවත යන්න - නුඹෙ ආදරෙ මෙමට දෙන්න
දේශන වල වාඩි වෙලා - නිදි කිරද්දි ගජරාමෙට
නියපොත්තෙන් කොනිත්තලා - මිතුරො එක්ක හිනාවෙන්න
ඒ යුගයට නැවත යන්න - නුඹෙ ආදරෙ මෙමට දෙන්න
රෑ දහයේ කණිසම දෙස - ඇඟිලි ගැණල බලා ඉන්න
කාසි ගිලින යකඩ කටට - පහේ කාසි ගිල්ලවන්න
ඒ යුගයට නැවත යන්න - නුඹෙ ආදරෙ මෙමට දෙන්න
අමාරුවෙන් පෝලමෙ ඉඳ - ගත්ත නමුත් දුර කථනය
සුව නින්දක සැතපෙයි නුඹ - බයයි මෙමට කූද්දන්න
මටත් හිතුණ හැරිල එන්න - නුඹෙ ආදරෙ මෙමට දෙන්න
අමාරුවෙන් ගලප ගත්තු - නිසඳැස් කවියක් යැව්වම
බැචියන්ටත් එය පෙන්නල - ගොන් වැඩ ලෙස හඳුන්වන්න
මටත් ඇත්තෙ හැරිල එන්න - නුඹෙ ආදරෙ මෙමට දෙන්න
(2001)
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම පියපතින් එය වසයි - යටත් වනු...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
No comments:
Post a Comment