වාඩි වෙමි උයන් තෙර - මධු බඳුන අත දරා
දරන්නට නොහැකි තැන - මේ රුදුරු පාළු බව
ඔඩම පුරවා ගනිමි - පෙණ නැගෙන සුරා විත
ඔසවලා එය සඳ වෙත - පුරමි සව්දිය
සෙවණැල්ල ද මගේ - පුරයි සව්දිය මා සමග
මමත් සෙවණැල්ලත් - සඳුත් අප තුන් දෙනෙකි
සඳු නොදනී බොන හැටි - සෙවණැල්ල මා තමයි
ඒ වුනත් අප තිදෙන - වන්නෙමු හොඳ මිතුරන්
දියව යන තුරු සෙවණැල්ල - පළමු අරුණැල්ලේ
සැඟව යන තුරු සඳු - අපර දිග අහස් කුස
නැති කලට කිසිවෙකුත් - මට කියන්නට මේ ලොවේ
ටු ෆූ ගේ කවියක් ඇසුරෙනි
(2006)
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම පියපතින් එය වසයි - යටත් වනු...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන් කඳුළු බිදක් තුළ සිර කර ලන්නට හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ අප නොම හමු වේවා විදුලි මිණි පහන් සමහල් පහයන් පුරවර දන ප...
No comments:
Post a Comment