හිනැහියන් හීන තුළ - හැබෑවට නැති නිසා
තුරුලූ වී උණුසුමට - ඉස්සර දාක වාගේ ම
හිඳින්නට උකුළ මත - පිරිමදිද්දී හිස
සිහි කරගන් එදින - හිරු දැවුණු එ් උදය
පවුකාර බල්ලන්ගෙ (කොටියන්ගෙ)
ගිනිබටෙන් පනින ගිනි දැල්ල
ගිනි ජාලා ඇවිලිලා - අරගෙන ගියා උන්
එන්නේ කවදාද - දොර කඩුල්ලෙන්
මරා දැමූ පිය සෙනෙහස
යන්නේ කවදාද නුඹ - මව් තුරුළට යළිත්
වන සපුන් රජ කරන - ගෙන්දගම් පොළොව මත
එඩි අරන් සිට ගනින්
මතක තියා ගන් සැමදා - හිරු දැවුණු ඒ උදය
සමාව නොදෙන් කිසිදා - ඒ අමන තිරිසනුන්ට
නිමිත්ත: මහ බැංකු බෝම්බයෙන් අනාථ වූ කුඩා දැරියක් වසර 11 කට පසුව ඒ ගැන අසයි.
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම පියපතින් එය වසයි - යටත් වනු...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන් කඳුළු බිදක් තුළ සිර කර ලන්නට හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ අප නොම හමු වේවා විදුලි මිණි පහන් සමහල් පහයන් පුරවර දන ප...
No comments:
Post a Comment