හමා එමි හෙමි හෙමින්
හිමවු ගිර වන මතින්
එක් කරන් සුවඳ පොද
තවරන්ට කෙහෙ රැුලෙහි
පිරි මදිමි ලදළු වන්
සැලෙන හදවත ඔබේ
පිස හරිමි දුක් කඳුළු
සිනා රැළි මතුයේ
රෝස මල් සුවඳ දෙන
මතකයන් සිත දරා
ඔබේ සුවඳින් මැවුනු
සිහින ලොව ඉදිවයේ
දේදුන්න හැඩ කරන
සප්ත වර්ණයම ගෙන
හැඩ කරමි ඔබේ ලොව
පාට ගංගාවකින්
වැඩ නොගෙන ගලා යන
සෙනේ ගඟුලින් බිඳක්
අමුණු තනවා හදේ
ඉතින් හරවා එවමි
(2006)
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන් කඳුළු බිදක් තුළ සිර කර ලන්නට හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ අප නොම හමු වේවා විදුලි මිණි පහන් සමහල් පහයන් පුරවර දන ප...
No comments:
Post a Comment