නවාතැනේ කල ගෙවිලා ඉවරයි
පිටව යන්න කාලය ඇවිදින්
ජීවිතයේ තව ඉමක් නිමා කර
සමුගෙන් යන්න ලඟයි
මසුරන් පොදි බැඳි
නිසා ද මේ විට
කිත් යසසත් ලූහුබැඳ එන්නේ
විකුට ආත්මය වෙන්දේසියෙදී
මාගෙන් සදහට සමු ගත්තේ
අගුපිල් යහනේ සුවෙන් නිදාගෙන
ඉඳුල් දංකුඩය රස අහරක් කර
හිතවත් කම වලිගයේ කොණට ගෙන
මා දැක ගන්නද මේ ආවේ
මිනිස් මහ වනේ අතරමංව ගොස්
මග වැරදී යළි පලා යමි
සසල සිතින් මා සමුගෙන යන විට
කළ ගුණ නිසාද මේ ආවේ
හිතවත් කම වලිගයේ කොණට ගෙන
මා දැක ගන්නද මේ ආවේ
(2006)
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම පියපතින් එය වසයි - යටත් වනු...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන් කඳුළු බිදක් තුළ සිර කර ලන්නට හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ අප නොම හමු වේවා විදුලි මිණි පහන් සමහල් පහයන් පුරවර දන ප...
ලස්සනයි...
ReplyDelete