ජීවිතයේ සැඩ පහරේ පාවෙන ඔරු දෙකක් වෙලා
හබල නැතිව නිසි මාවත යා ගනු නොහැකිව තැවෙනා
ඔබ මා හමු වූ ඒ හිරු ඉපදෙන හිමිදිරියේ
හැමූ ඇල් පවන් තවමත් එලෙස හමනවා
ජීවිතයේ මද්දහනේ වියලි කතර අතරමංව
හසරක් නොම දැන සරනා විටදි දොම්නසින් තැවෙමින
ඔබ මා එක් වී වෙහෙසුන හිරු දැවෙනා සැඩ දහවල
අවුරැල්ලේ ඒ උණුසුම තවම දැනෙනවා
පාට පාට වලාකුළින් දවස ගෙවෙන හැන්දෑවේ
තෙරක් නොමැති ක්ෂිතිජය වෙත පියඹන විහඟක වීලා
ඔබ මට සමු දී සැඟැවුනු හිරු මියෙනා ඒ සැඳෑවෙ
මතක පොතේ සිතුවම් වල සුවඳ දැනෙනවා
(2002)
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම පියපතින් එය වසයි - යටත් වනු...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන් කඳුළු බිදක් තුළ සිර කර ලන්නට හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ අප නොම හමු වේවා විදුලි මිණි පහන් සමහල් පහයන් පුරවර දන ප...
No comments:
Post a Comment