සිය පතක් කුඩමසුට මුතු කුඩය වී පිපී
සිය දහස් රොන් රේණු සුවඳ පතුරා ඇතී
නෙළා ගෙන දුනිමි එය නුඹ අතට සියුමැලී
පිරිසිඳුයි ආ නමුත් පොකුණු පතුලෙන් ඇදී
බිඳෙන් බිඳ ඇද දමා පතින් පත සිඳ දමා
පොකුණු දිය පිට රැඳෙයි පා වෙවී මල වටා
සියක් වූ පෙති අතර කිහිපයක් නැවතිලා
මතක් කර දෙයි බවක් තිබුණු විකසිත වෙලා
පෙති සිඳුණ මල් නටුව පොකුණු දිය ඉපිලෙමින්
පවසන්නෙ සියපතෙහි ඉරණමයි තද සොවින්
සිඳලූවත් සියක් පෙති සිතට එඩි ගෙන ඉතින්
සියපතය තවම එය සිඹ බැලූණු හද තුටින්
(2005)
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන් කඳුළු බිදක් තුළ සිර කර ලන්නට හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ අප නොම හමු වේවා විදුලි මිණි පහන් සමහල් පහයන් පුරවර දන ප...
No comments:
Post a Comment