මඳ සුළඟ හා නටන මල් කැකුළු වන් දිවියෙ
පෙරඹරම කළු කරන් මේ කුළුත් දිව ඇවිත්
වැටුණු වැසි දිය දහර ගං වතුර ලෙස ඇවිත්
සුණු විසුණු කර ගොසින් මල් ගසන් එහි මලූත්
අඩි තබන පොළොව මත පෙරෙන දිය බිඳු විලස
කඳුළු බිඳු දිව ගියා මගෙ කොපුල් මතුපිටින
ඒ කඳුළු වියලිලා මහ පොළොව විලස අද
ඒ වුණත් හදේ තෙත ඇත තවම ඒ ලෙසින
ගං වතුර බැස ගිහින් සරු වෙලා මහ පොළොව
නව ගසක් ඇති වෙලා එහි මලූත් පිබිදිලා
සෙමින් ලංව බැලූ කලට එහි අරුත වැටහිලා
බාඳුරා පඳුරක් ය හදවතම වියැළුණා
(2001)
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම පියපතින් එය වසයි - යටත් වනු...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන් කඳුළු බිදක් තුළ සිර කර ලන්නට හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ අප නොම හමු වේවා විදුලි මිණි පහන් සමහල් පහයන් පුරවර දන ප...
No comments:
Post a Comment