කවි නොවේ ඔබට මා ලියන්නේ
කඳුළු බිඳු පන්හිඳෙන්
එකට එක් කර ලියන
ළසෝ ගී පද වැලයි ඇසෙන්නේ
කටුක වූ දුක් දරා
විරහයෙන් ඉරි තැලූණු
සිත පතුළ කළඹවා
පිබිදිලා නැගී එන රාවයයි
සය වසක් දුක් දරා
වනපොත් ම කරන ලද
මහ පොත් හි පසු පිටෙහි
පද බැන්දු කව් පෙළෙන් හැඩවුණයි
ගී ලෙසින් නොවේ කව් ගැයෙන්නේ
සිත් ඉමෙහි ඇළ වේලි
පුපුරුවා ගලා යන
සෝකයේ ජල කඳෙහි
ගිගිරුමයි ඔබට ඒ ඇසෙන්නේ
පෙදෙහි රස හව් සොයන
සුහදිනිය මේ අසා
රළු පරළු පද වැලට වෙනු කමා
(2008)
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන් කඳුළු බිදක් තුළ සිර කර ලන්නට හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ අප නොම හමු වේවා විදුලි මිණි පහන් සමහල් පහයන් පුරවර දන ප...
No comments:
Post a Comment