ලොවට හොරා රැකි ඒ පෙම් සටහන්
කඳුළු බිදක් තුළ සිර කර ලන්නට
හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ
අප නොම හමු වේවා
විදුලි මිණි පහන් සමහල් පහයන්
පුරවර දන පිරි පටු මං අතරේ
අතිනත ගෙන තුරුළුව ගිය සටහන්
කළු දුම් රොටුවෙන් වැසී ගියාවේ
හිරු හිනැහෙන නව සොඳුරු උදැහැනක
අප නොම හමු වේවා
දෙතොල ලංව බිවු රස මදිරාවන්
සුවඳ සුඟක් ඇත සිහින පොදක් ලෙස
තුරුළුව වැලඳූ ඒ පෙම් සුවයන්
කාලයේ වැල්ලෙන් වැසී ගියාවේ
නව මල් පිබිදෙන අරුණලු අතරේ
අප නොම හමු වේවා
අදමයි මේ පැත්තට ගොඩවුනේ..
ReplyDeleteලස්සන නිර්මාණයක්..
ඔන්න බ්ලොග් රෝලට දාගත්තා
Sthuthiyi!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteබ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් දාන්න. පහතින් අපේ සින්ඩියට ඇවිත් ලින්ක් එක අපට මේල් කරන්න මේ බ්ලොග් එකේ.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
Good kollooooooo
ReplyDelete