Saturday, April 18, 2015

දුයිෂෙන් එන්නේ නෑ






ඉර හඳ හමුවුණ - පොප්ලර් පාමුල
දහසක් නෙතු වලට හොරා
දෑසින් බැඳි කව් පද
සීත සුළඟේ පාවෙලා
ගල් වෙලා හිම වගේ
චණ්ඩ මාරුතයට අසු වෙලා
විසිවෙලා කඳුළු ඉම දිහා
අල්තීනායි මතකයි මට
බලන් හිටියා නුඹ මේ පොප්ලර් පාමුළ
ඈත අතීතයක් වාගේ දැනෙන
ලඟම ලඟ දවසක
බිඳුණු හිත් ඇති දුයිෂෙන්
වැලපිලා කාලයක්
කඳුළු අහවර කරන්
තැපල් මල්ල අත දරා
වියළි හදකින් මං මුළා වෙලා
හිත් බිඳුණු දුයිෂෙන්
 
යේ එන්නේ නෑ අල්තීනායි
පොප්ලර් පාමුළ - ගිණි හීතලේ
නෙතින් නෙත හමුවෙන්න
දුයිෂෙන් එන්නේ නෑ ආයෙත් . . .

5 comments:

  1. කවිය නම් අගෙයි..... ''පන්ති නැති ඉස්කෝලේ ඉදලා - ජීවිතේ ගැන ඒපා ටියුෂන්'' කියලා අලුත් ම සින්දුවක් තියෙනවා ගුරු ගීතය ගැන කියැවෙන.. හරිම අගෙයි මේක ඒක විදිහක ජීවිත කතාවක්

    ReplyDelete
    Replies
    1. ඒක අදයි ඇහුවේ....පට්ට මචං.

      Delete
  2. පට්ට....නියමයි...

    ReplyDelete
  3. අලුත් පරංපරාව දුයිෂෙන්ල අල්තීනායිල අදුනන්නෙ නෑ. පවෙල් ගැන අහලවත් නෑ මෙහෙම දෙයක් දකින්නත් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. මා තරුණයෙක් නම් නොවෙයි. අපේ පරපුර ගුරු ගීතය ගැන දැන සිටියා.

      Delete

කවිඳිය හා කවිය

මල් මුතු දමක් සේ ගැලපෙන සුමුද වදන් පත් ඉරුවක ලියා කවියක හැඩය අරන් එළිවැට එළි සමය දෙපසින් එකට අරන් පද වැල් ගොතා ඇත රස හව් තුරුලු කරන් සක්කා ප...