Skip to main content

සමුගන්න අවසරයි



සැඳෑ හිරු මිය ගිහින් - වළා පෙළ දම් පැහැයි
මඟහැරුණු හිතවතිය - ජීවිතය ඉම ලඟයි
කිරි සිහින රජවෙනා - සිරිමතිය හිනැහෙනා
ජීවිතය විඳගන්න - අවසර ද පිටවෙන්න?

සෙනේදම් බිඳී ගිය - යුගයකට සමුදෙන්න
ජීවිතේ කටුක දුර - එක්ව ඇවිදන් යන්න
හිතවතිය අතවනයි - ජීවිතය ඉමේ සිට
සඳවතිය හැරදමා - අවසර ද පිටවෙන්න?

අතරමං ජීවිතේ - මඟහසර අහගන්න
මඟ ඇසූ සමණළිය - අතැර ඉවතට යන්න
වල් නොවැද මං පෙතේ - ආදරෙන් ඇවිදින්න
හිතවතිය අතවනයි - අවසර ද පිටවන්න?

Comments

  1. කවි ටිකනම් පංකාදුයි... දිගට ම ලියමු......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බුරුත ගස හා සුනබ වත

පන්සියක් වසර වූ
තෙදවත්ව නැඟී සිටි
විහිදනා අතුපතර
සෙවණ දෙන බොහො දෙනට
බලනු මැන බුරුත ගස
පනස් වසර වූ
තෙදවත්ව නැඟී සිටි
කඳ මහත බඩ මහත
බඩේ රැළි බෙල්ලට
බලනු මැන සුනබ තෙම
පැමිණ සැප රිය අරා
බුරුත ගස සමීපෙට
දෙකකුලින් යන සුනබයා
කීය, ”හ්ම් . . .“
චේන් කියතේ මහ හඬ
නැගෙන පොරෝ හඬ
මුසු වෙච්ච විලාපය
සියොත් කැළ, වඳුරු මුළ
පැන දුවයි තුරු හිසට
අවසන . . .
ඇද වැටිණි මහ හඬ නඟා
තුරු රජුන්
යුගයක අවසානය
සුනබ තෙම හිනැහිණිය
“හහ්, හහ්, හා . . .“

ශෘංගාර බිත්තිය | Erotic wall (18+)

සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්‍රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය.

ස්තූතියි.
මා නින්දෙන් අවදි වූයේ කෙසේද යන්න නොදනිමි. නැවුම් වැලි වල පුසුඹ නැහැයට දැනුනු නිසා දෑස් හැර බැලීමි. තෙරක් නොපෙනෙන වැලි තලාවක් මත මම තනිව මුණින් වැතිරී සිටියෙමි. උඩුබැලි අතට හැරුණු මට දිස්වූයේ තැඹිලි පැහැයට හුරු අහසකි. "මා කොහේද?" යන පැනය ඒ මොහොතේ සිත පුරාම දිව ගියේය. මේ වනාහි මා දන්නා කියන තැනක් නොවේ. කල්පනාවෙන්ම නැගී සිටි මා ඉදිරියට ගමන් කරන්නට වීමි. සිනිදු රතු වැල්ල මත, මදක් ඔබින් වූයේ මිනිස් පාද සටහනකි. ඒ වෙතට ලංවූ මා, වෙනත් පාද සටහන් ඇත්දැයි සෙවීමට ඉදිරිය වෙත නෙත් යොමු කළෙමි. මා නෙත ගැටුනේ දැවැන්ත කුළුණකි. එය කොතරම් විශාල ද හෝ එය ඇත්තේ කොපමණ දුරින්ද යන්න මට නිසැකවම කිව නොහැකි විය. කුළුනේ වාස්තු විද්‍යාව මා කිසි විටෙක දැක් නොතිබූ විෂම වක්‍ර සහ විෂම බහු අස්‍ර වලින් සමන්විත වූවකි. එය තැඹිලි පැහැ ආකාශයේ වළාකුළු තෙක්ම ඉහළ විහිදී තිබිණි. ඉහළට යන්නට යන්නට මේ බහු අස්‍ර සුමට වූ අතර පහළ ඒවා රළු බවක් දැක්වීය."මා සිටින්නේ කොහිද?" …

නන්නස්පොල

මේ කථාව මවිසින් දකින ලද සිහිනයක් ඇසුරින් ලියැවුණකි. මෙහි චරිත සහ සිද්ධි තනිකරම සයනාරූඪ සිහින දැහැනකදී දකින ලද ඒවා පමණකි. ජීවත්ව සිටිනා යමෙකු සමය මොනයම් හෝ සමාන කමක් ඇතොත්, ඒ අහඹුවක් ලෙසම සලකනු මැනැව. 

"ඔයාලට තේරෙන්නේ නැද්ද? උඩින් ඇවිල්ල බෝම්බ දාලා ඒ ළමයි හමුදාවෙන් මැරුවා කියල? සෙන්චෝලේ කියනෙන ඉස්කෝලයක්. අවි පුහුණු කඳවුරක්ය කියන එක මිලිටරි ප්‍රොපගැන්ඩා එකක් කියල තේරෙන්නේ නැත්ද?"

"ඉතින් ඔයා මොකද්ද කරන්න යන්නේ?"

"මගේ චිත්‍රපටියේ සම්පූර්ණ ආදායම මම ඒ ළමයින්ට දෙනවා. දැන් බලන්න, සිංහල හමුදා ප්‍රචණ්ඩත්වය නිසා ඒ ළමයින්ට දෙමාපියන් අහිමි වෙලා. ඒ අසරණ, අනාථ ළමයි බලා ගන්න එක අපේ මානවීය යුතුකමක් කියල හිතෙන්නේ නැත්ද?"

"මරුනෙ. සුපුල්, අර ජාතික බැංකුවට කොටි ගහපු වෙලාවේ අම්මයි තාත්තයි මැරුණ ළමයි විසි ගාණකුත් ඉන්නව නේද? ඒ අයට ආධාරයක් කරන්නේ නැත්ද?"

"දකුණු සැකැස්මේ ඒ අයට උදවු කරන්න අය ඉන්නවා. උතුරු සැකැස්මේ ඒ වගේ අවස්ථාවක් නෑ. ඒ නිසා තමයි එහෙම"

"ඉතිං සුපුල් දැන් ඔය දකුණුද මොකද්ද සැකැස්මේ, අර අනාථ පවුල් විසි ගාණක ළමයින්ට තියෙන සහනය මොකද්ද?"

"මේ මගෙ…