බට්ටිච්චෝ නුඹ දැක්කම මතක් වෙනවා පෙර කාලය
ඔය වාගෙම මට හිටියා පෙම්වතියක් කල ආලය
වාගෙයි ඈ ඇසළ මලක් හැඩ කරනා මැද සාලය
පළඳන්නට මං හිටියා මතු දවසක පෙම් මාලය
හයහමාරෙ බයිස්කෝප් එක බලලා සිනා වෙලා
සයිවර් කඩයකට ගිහින් තෝසෙ එකක් රස විඳලා
කඩල ගොට්ටකුත් අරගෙන මහ පාරේ තුරුළු වෙලා
ගෙදර එන්න සිහින මැව්ව නුඹ වාගේ කූඩු වෙලා
පුර හඳ පායලා දිලෙන පෝය දිනෙක බෝමළුවේ
පොල්තෙල් පහනක් දල්වා එක්ව ඉන්න සුපැතූවේ
සඳ පහනේ ජයට පිපෙන කුමුදු කැකුළු මල් ගොමුවේ
සුවඳ උරා සැනසෙන්නයි එදා දවස අප සිතුවේ
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Tuesday, December 22, 2015
Saturday, April 18, 2015
දුයිෂෙන් එන්නේ නෑ
ඉර හඳ හමුවුණ - පොප්ලර් පාමුල
දහසක් නෙතු වලට හොරා
දෑසින් බැඳි කව් පද
සීත සුළඟේ පාවෙලා
ගල් වෙලා හිම වගේ
චණ්ඩ මාරුතයට අසු වෙලා
විසිවෙලා කඳුළු ඉම දිහා
අල්තීනායි මතකයි මට
බලන් හිටියා නුඹ මේ පොප්ලර් පාමුළ
ඈත අතීතයක් වාගේ දැනෙන
ලඟම ලඟ දවසක
බිඳුණු හිත් ඇති දුයිෂෙන්
වැලපිලා කාලයක්
කඳුළු අහවර කරන්
තැපල් මල්ල අත දරා
වියළි හදකින් මං මුළා වෙලා
හිත් බිඳුණු දුයිෂෙන්
ආයේ එන්නේ නෑ අල්තීනායි
පොප්ලර් පාමුළ - ගිණි හීතලේ
නෙතින් නෙත හමුවෙන්න
දුයිෂෙන් එන්නේ නෑ ආයෙත් . . .
Tuesday, April 14, 2015
අප නොම හමු වේවා
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන්
කඳුළු බිදක් තුළ සිර කර ලන්නට
හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ
අප නොම හමු වේවා
විදුලි මිණි පහන් සමහල් පහයන්
පුරවර දන පිරි පටු මං අතරේ
අතිනත ගෙන තුරුළුව ගිය සටහන්
කළු දුම් රොටුවෙන් වැසී ගියාවේ
හිරු හිනැහෙන නව සොඳුරු උදැහැනක
අප නොම හමු වේවා
දෙතොල ලංව බිවු රස මදිරාවන්
සුවඳ සුඟක් ඇත සිහින පොදක් ලෙස
තුරුළුව වැලඳූ ඒ පෙම් සුවයන්
කාලයේ වැල්ලෙන් වැසී ගියාවේ
නව මල් පිබිදෙන අරුණලු අතරේ
අප නොම හමු වේවා
කඳුළු බිදක් තුළ සිර කර ලන්නට
හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ
අප නොම හමු වේවා
විදුලි මිණි පහන් සමහල් පහයන්
පුරවර දන පිරි පටු මං අතරේ
අතිනත ගෙන තුරුළුව ගිය සටහන්
කළු දුම් රොටුවෙන් වැසී ගියාවේ
හිරු හිනැහෙන නව සොඳුරු උදැහැනක
අප නොම හමු වේවා
දෙතොල ලංව බිවු රස මදිරාවන්
සුවඳ සුඟක් ඇත සිහින පොදක් ලෙස
තුරුළුව වැලඳූ ඒ පෙම් සුවයන්
කාලයේ වැල්ලෙන් වැසී ගියාවේ
නව මල් පිබිදෙන අරුණලු අතරේ
අප නොම හමු වේවා
Wednesday, April 8, 2015
සමුගන්න අවසරයි
සැඳෑ හිරු මිය ගිහින් - වළා පෙළ දම් පැහැයි
මඟහැරුණු හිතවතිය - ජීවිතය ඉම ලඟයි
කිරි සිහින රජවෙනා - සිරිමතිය හිනැහෙනා
ජීවිතය විඳගන්න - අවසර ද පිටවෙන්න?
සෙනේදම් බිඳී ගිය - යුගයකට සමුදෙන්න
ජීවිතේ කටුක දුර - එක්ව ඇවිදන් යන්න
හිතවතිය අතවනයි - ජීවිතය ඉමේ සිට
සඳවතිය හැරදමා - අවසර ද පිටවෙන්න?
අතරමං ජීවිතේ - මඟහසර අහගන්න
මඟ ඇසූ සමණළිය - අතැර ඉවතට යන්න
වල් නොවැද මං පෙතේ - ආදරෙන් ඇවිදින්න
හිතවතිය අතවනයි - අවසර ද පිටවන්න?
Subscribe to:
Posts (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
මඳ සුළඟ හා නටන මල් කැකුළු වන් දිවියෙ පෙරඹරම කළු කරන් මේ කුළුත් දිව ඇවිත් වැටුණු වැසි දිය දහර ගං වතුර ලෙස ඇවිත් සුණු විසුණු කර ගොසින් මල් ...
-
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...