සුහදිනියනි නැතිදෝ දන්නේ
වසන්තය ඇවිදින් ගියා
මල් යාය බමර ගුමුවෙන් වසා
වසන්තය ඇවිදින් ගියා
ලෙන්ගතු තෙපුලින් ළංව සිටි නිසා
කොවුල් කැල යනු නොදිටිමු
පිපුණු මල් වල නටු පමණි අද
වසන්තය ඇවිදින් ගියා
ශිල්ප පිරුවට ගතෙහි දවටා
කාසි පොදි ලුහුබැඳි සමේ
සොඳුරු තෝතැනි වියළිලා ඇත
වසන්තය ඇවිදින් ගියා
නුරාවේ මල් පරවෙලා ඇත
සෙනෙහසේ අඩුවක් නැතත්
කාලයේ වැලි තලා මතුයෙහි
වසන්තය ඇවිදින් ගියා
ඇත්තටම වසනතය තිබුනේ කැම්පස් කාලේ කියලා මටත් හිතෙනවාර ගනනම් අනන්තයි මචං.
ReplyDeleteලස්සන පදවැල් ටික.
/නිශාන්ත