Sunday, April 3, 2011

වැස්ස

ඇතැම් වැහි මල් වැසි වෙයි. ඇතැම් වැසි දෝර ගලා යන ගං වතුර ඇති කරයි. ඇතැම් වැසි නව ජීවය ගෙනෙයි. ඇතැම් වැසි වේදනාව සෝදා හරියි . . .




වැහැපන් වැස්සේ වැහැපන්
සඳු හිරු තරු නිල් අහසත්
මේ කුළු තිමිරෙන් සඟවා


වියෝ දුකින් කම්පිත වූ
හදක් දරපු ඇස් දෙකකින්
ගලා ගිහිපු කඳුළු ලෙසින්
ඇළ දොළ ගං පිරී යන්න
වැහැපන් වැස්සේ වැහැපන්

ආදරයේ ඉඩෝරයට
ඉරිතලාපු හද මඬලට
අකලට ඇවිදින් හොරෙන්ම
නව දළු මල් පුබුදන්නට
වැහැපන් වැස්සේ වැහැපන්
(1999)

2 comments:

  1. ලස්සනට ගලපලා තියනවා ........

    ReplyDelete
  2. ආදරයේ ඉඩෝරයට
    ඉරිතලාපු හද මඬලට
    අකලට ඇවිදින් හොරෙන්ම
    නව දළු මල් පුබුදන්නට
    වැහැපන් වැස්සේ වැහැපන්
    අදයි ආවෙ ලස්සන පද වැලක්.
    මැණික්

    ReplyDelete

රාජාලිය

 රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...