Thursday, April 8, 2010

කලෙකට පසු

තුන් බියම සැරිසරපු මේ රුදුරු බිම් කඩෙහි
සිනා මල් ඉතිර වූ නුඹ මතක පොකුරු පොදි
තනි කරන් පෙර දිනෙක ගියෙම් මා ඉගිලිලා
ජීවිතේ දුර ඉවුරු දකින්නට තටු සලා

මරු කතර, ගිරි කඳුර අතර තුර පියාඹා
යනෙන කල එක්වන්න පෙරුම් පිරු ඈ සිනා
තුරුළු කර දුර ගෙවා කෙම් බිමක නැවතිලා
එක්වුනා ජීවිතේ දුර යන්ට රිසි නිසා

එක්ව යන ගමන තුල ඉසිබු ලන ඇසිල්ලේ
පැරණි සුවඳක් දැනී සිත හෙමින් සසැල්ලේ
තුන් බියම සරද්දී නුඹ එබිම තනිවෙලා
එන්ට සිතුනත් ඉතින් අහිමියි නුඹ සෑමදා

No comments:

Post a Comment

රාජාලිය

 රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...