මල් මුතු දමක් සේ ගැලපෙන සුමුද වදන්
පත් ඉරුවක ලියා කවියක හැඩය අරන්
එළිවැට එළි සමය දෙපසින් එකට අරන්
පද වැල් ගොතා ඇත රස හව් තුරුලු කරන්
සක්කා පද නොමැත මුළු ගැනවෙන අරුත
එක්කා විරිත නිති කුළු ගැන්වෙන අරුත
මක්කා වුවත් නුඹ ගොතනා කවි සිරිත
ඉක්කා ගැසෙන කව් පවසට රස ගිරිත
කව් පද නොම වැනිය පිරිපුන් බව නැතිය
කෝපෙන් දිලී බැන බැන යන හැටි හුරු ඇතිය
ඉඳහිට සිනා සී වස්නා මල් වැසිය
කව් නොම වගේ කිවීඳිය නම් අරුමැසිය
පිරිපුන් කවු බඳට ආලය කරනු පමා
කව් මුතු වැල සිත නොඇලෙයි අරුම කිමා
කවියෙන් කිවිඳියන් නොසොයන් බසද අසා
කවියට බැන්ද පෙම හැරියෙමි නොවී පමා
මුල මැද අග නොම පෑහෙන කවි වාගේ
කිවීඳිය කරන දේ මා හට නොම තේරේ
පිරිපුන් කවිය මට සිලුටුයි අතින් හැරේ
කිවීඳිය අත නොහැරෙනා රඟ නොම තේරේ!
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Wednesday, October 6, 2021
කවිඳිය හා කවිය
Subscribe to:
Posts (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
මඳ සුළඟ හා නටන මල් කැකුළු වන් දිවියෙ පෙරඹරම කළු කරන් මේ කුළුත් දිව ඇවිත් වැටුණු වැසි දිය දහර ගං වතුර ලෙස ඇවිත් සුණු විසුණු කර ගොසින් මල් ...
-
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...