ආලයක් මිස කාලයක් නැති
තාලයක් වූ සොඳුරු සිහිනෙක
බිඳෙන විසිරෙන හැපෙන කුඩුවෙන
සතර දෙස ඇත පැතිර නටබුන්
සොඳුරු සිහිනය නුඹ නිදන් කල
මරු වැළඳ ඇත කලක් ගතවී
පෙම් පතක ඇඳි කුරුටු වැකි සේ
කවි සිහින මල් ගොසිනි පරවී
මහා ගල් පව් සුණු විසුණු කර
තැනූ සෙනෙහස් මාළිගා නැත
ධූලියෙන් වැසි පවුරු පදනම්
කඳුළකින් මතු කරනු නොම වේ
නිදන් වදුලක කොළ පතක් සේ
අකුරු බොඳ වී පිලිද වියැකී
මළ බසක පැදි පේළියක්දෝ
මැරුණු සිහිනය නැවත සිහිවී
No comments:
Post a Comment