ඔබ ලඟින් ඉඳිමි මම
සිරුරෙන් නොව
පාඨක නමින්
නොදනිමි අප අපව
කළුද සුදු යයි කියා
ලංව අත හදවතින්
රසවින්ද පද වැල් නිසා
යතුරු ලා පරිගණක
පිවිසෙමි මම සැබෑ ලොවට
බලා හිඳී
ඈ මා එනතුරු
උණුසුම් හැඟුමන් සිත දරා
සිතේ තෙරපෙන හැඟුම්
නොනැගීම පද වැලට
මුව කමල මත ඇඳෙයි
අනේ කොතරම් අපූරුද
ලියමි මම ලිපියක්
හදවතේ හැඟුමින්
ඈ දෑස බලා
නොරටක වෙසෙන කිවිඳියව
නැවත හමුවේ පසු දිනක
වයර් දිග ආදරය
කෙලෙස එවමිද ඉතින
වයර් තුල ඉපිද එන,
වයර් තුල සැරිසරන
වයර් තුල මිය ඇදෙන
ලොවක් කුමකට ඉතින
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන් කඳුළු බිදක් තුළ සිර කර ලන්නට හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ අප නොම හමු වේවා විදුලි මිණි පහන් සමහල් පහයන් පුරවර දන ප...
-
මඳ සුළඟ හා නටන මල් කැකුළු වන් දිවියෙ පෙරඹරම කළු කරන් මේ කුළුත් දිව ඇවිත් වැටුණු වැසි දිය දහර ගං වතුර ලෙස ඇවිත් සුණු විසුණු කර ගොසින් මල් ...
හදවතට දැනේ නම්
ReplyDeleteසිතේ රජ වෙලා නම්
වයර් තුල ඉපදුන ද
එය ආදරේ නොවෙද
කොහේ සිටියත් ඉතින්
හදක සුව දැනේ නම්
ලංව හිටියත් කුමට
හදට නොම දැනේ නම්
ඒක ඇත්ත මිගාර...
ReplyDeleteවයර් එක්කම ඉඳලා මැරන එක නම් පවක්...
තාත්වික නෑනේ...
/බිඟුවා...!