හිරු සඳුට හොර රහසෙ බැන්ද පෙම් දම් පරවී
තරු කැකුලු කොඳ කැකුලු විලසින්ම බිම වැටී
අතීතයෙ එක් දිනෙක තුරුලු වී සිනාසී
ලී බංකු පොතු හැලෙයි සැඩ කිරණ වදිද්දී
මල් උයනෙ තෝතැන්නෙ පොඩි මාලු මියදිලා
නිල් නෙළුම් කෙකටියා ගිල ගත්තු බෙරෙලියා
උයන්තෙර තුරු ගොමුවෙ කුරුළු ගී වියකිලා
නුඹත් මා යන දෙදෙන වෙන්ව ගිය දුක නිසා
No comments:
Post a Comment