සුහදිනියනි නැතිදෝ දන්නේ
වසන්තය ඇවිදින් ගියා
මල් යාය බමර ගුමුවෙන් වසා
වසන්තය ඇවිදින් ගියා
ලෙන්ගතු තෙපුලින් ළංව සිටි නිසා
කොවුල් කැල යනු නොදිටිමු
පිපුණු මල් වල නටු පමණි අද
වසන්තය ඇවිදින් ගියා
ශිල්ප පිරුවට ගතෙහි දවටා
කාසි පොදි ලුහුබැඳි සමේ
සොඳුරු තෝතැනි වියළිලා ඇත
වසන්තය ඇවිදින් ගියා
නුරාවේ මල් පරවෙලා ඇත
සෙනෙහසේ අඩුවක් නැතත්
කාලයේ වැලි තලා මතුයෙහි
වසන්තය ඇවිදින් ගියා
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Thursday, July 2, 2009
Saturday, June 13, 2009
මතක සුවඳ
සඳ නිහඬ තරු නිහඬ රැහැයියන් නිදි කිරන
මැදියමේ සීතලෙන් මේ පාලු කුටිය තුළ
සිහිනයේ සිත්තම්ව ඇස් පියන් මතට එන
රෑ යමේ තුන් යමේ කඩුපුලේ සුවඳ සේ
සිහිනයේ ගල්වලා ඒ සුවඳ තව දැනේ
කුරු බිලිය තුළින් විත් හොර රහසෙ සිත් ඉමට
සැතපෙන්න සයනයෙහි සිතුවිලින් අතුළ විට
හෙට උදේ හිරු නැගී කොඳ කැකුළු පරව යයි
සිහිනයේ සරමින් ම දෙන්න මට තුටුවන්න
පෙණ දමන මධුවිතක ගල්වලා සිතට එන
මතකයන් සමුදාය වියළිලා ගියත් අද
දිගු නිහඬ කල් ගෙවා කතරකට වසින ලෙස
අමතකවු මතකයක් සිත් ඉමට පැමිණ ඇත
මැදියමේ සීතලෙන් මේ පාලු කුටිය තුළ
සිහිනයේ සිත්තම්ව ඇස් පියන් මතට එන
රෑ යමේ තුන් යමේ කඩුපුලේ සුවඳ සේ
සිහිනයේ ගල්වලා ඒ සුවඳ තව දැනේ
කුරු බිලිය තුළින් විත් හොර රහසෙ සිත් ඉමට
සැතපෙන්න සයනයෙහි සිතුවිලින් අතුළ විට
හෙට උදේ හිරු නැගී කොඳ කැකුළු පරව යයි
සිහිනයේ සරමින් ම දෙන්න මට තුටුවන්න
පෙණ දමන මධුවිතක ගල්වලා සිතට එන
මතකයන් සමුදාය වියළිලා ගියත් අද
දිගු නිහඬ කල් ගෙවා කතරකට වසින ලෙස
අමතකවු මතකයක් සිත් ඉමට පැමිණ ඇත
රතු රෝස
රතු රෝස දියවී බිම වැටී
හිරු සඳු ද සැඟවී අඳුරු වී
කළු මේඝ තිරයෙන් නුබ වැසී
වැසි ඒවි වේගෙන් ඇදී
ඇස ගාව පිපිලා රත් කුසුම්
හද ගාව රැඳිලා සුවඳකින්
සිටි කාලෙ කිමදෝ නිම වුණේ
මල් නටුව පඳුරෙන් මිදේ
මතු ඈත දවසක අප යළිත්
හමු වේවි නැවතත් අහඹුවෙන්
පරවූ අපේ ඒ පෙම් කුසුම්
සැනසේවි නටඹුන් බලා
හිරු සඳු ද සැඟවී අඳුරු වී
කළු මේඝ තිරයෙන් නුබ වැසී
වැසි ඒවි වේගෙන් ඇදී
ඇස ගාව පිපිලා රත් කුසුම්
හද ගාව රැඳිලා සුවඳකින්
සිටි කාලෙ කිමදෝ නිම වුණේ
මල් නටුව පඳුරෙන් මිදේ
මතු ඈත දවසක අප යළිත්
හමු වේවි නැවතත් අහඹුවෙන්
පරවූ අපේ ඒ පෙම් කුසුම්
සැනසේවි නටඹුන් බලා
Tuesday, June 2, 2009
කඳුළු බින්දුව
මෙන්න කඳුළු බින්දුවක් . . .
මොන ඇහැකින් වැටුන ද?
සිංහල ද, දෙමළ ද, නැත්නම් මුස්ලිම් ද?
හිත පාරා රිදුම් දෙද්දි
හඬනා ඇසකින් වැටුන ද මන්දා . . .
පැතූ පැතුම් සඵල වෙලා
සිනා වෙද්දි සිත පුරවන්
සතුටට වැටුණ ද මන්දා . . .
යුද්දෙට ගිය සිය සැමියා
සීල් කරපු පෙට්ටියකින්
ගෙදරට ගේනා වෙලාවෙ
ඇගේ ඇසින් වැටුණ ද මන්දා . . .
සල්ලි ගරන උපායකට
අනුන්ගෙ දුක උකස් කරන
ඩොලර් කාක්කෙකුගෙ ඇසින්
කිඹුල් කඳුළු බිඳු විලසට
වැටුණද මන්දා . . .
මොන ඇහැකින් වැටුන ද?
සිංහල ද, දෙමළ ද, නැත්නම් මුස්ලිම් ද?
හිත පාරා රිදුම් දෙද්දි
හඬනා ඇසකින් වැටුන ද මන්දා . . .
පැතූ පැතුම් සඵල වෙලා
සිනා වෙද්දි සිත පුරවන්
සතුටට වැටුණ ද මන්දා . . .
යුද්දෙට ගිය සිය සැමියා
සීල් කරපු පෙට්ටියකින්
ගෙදරට ගේනා වෙලාවෙ
ඇගේ ඇසින් වැටුණ ද මන්දා . . .
සල්ලි ගරන උපායකට
අනුන්ගෙ දුක උකස් කරන
ඩොලර් කාක්කෙකුගෙ ඇසින්
කිඹුල් කඳුළු බිඳු විලසට
වැටුණද මන්දා . . .
Sunday, May 24, 2009
වවුල්ලු
එල්ලිලා අතු අගෙක
පාද ඇත උඩ අතට
හිස බිමට වූ බැවින
මොළය ඇත හිස තුළම . . . !
රැහැන් අතරෙහි වැදී
මියෙන මුත් සැර වැදී
නොදනිමු ය අප වරද
පය ගසනු තැන් නොහී . . .
උඩු වියන් පාවඩය
කොන්ක්‍රීට් මුතු කුඩය
අතර පියඹා යමු ද
සොයා අර සඳ මඬල . . .
දිවා කල ගස් සෙවණ
රෑ කලෙහි සඳ එළිය
දුටුවෙමු අඳුරෙහි එළිය
නොදැක එළියෙහි අඳුර . . !
පාද ඇත උඩ අතට
හිස බිමට වූ බැවින
මොළය ඇත හිස තුළම . . . !
රැහැන් අතරෙහි වැදී
මියෙන මුත් සැර වැදී
නොදනිමු ය අප වරද
පය ගසනු තැන් නොහී . . .
උඩු වියන් පාවඩය
කොන්ක්‍රීට් මුතු කුඩය
අතර පියඹා යමු ද
සොයා අර සඳ මඬල . . .
දිවා කල ගස් සෙවණ
රෑ කලෙහි සඳ එළිය
දුටුවෙමු අඳුරෙහි එළිය
නොදැක එළියෙහි අඳුර . . !
නුඹට
නිමල දිය දහර වන් සෙනෙහස සිතේ දරා
කොමල තෙපුල වත නිලුපුල ඇඳේ නුරා
එමල නෙලිමි කටු නැත නටු අගෙහි පුරා
අමිල තිලිණයක සොඳුරිය සඳයි සරා
සොඳුරු සිහිනයකි ගෙවෙනා කල දවස
පඳුරු ලලා වැවෙනා සෙනෙයෙහි නිවස
අඳුරු සෙවණැලිත් පලවා හැර සවස
කඳුරු දිය සොයමු නිවනට පෙම් පවස
ලවන් මතෙහි ගලනා ඒ කඳුළු කැට
පවන් සලා පිස ලන්නෙමි දිනෙක හෙට
සවන් පුරා දොඩනා බස් ගැටෙන විට
ගුවන් ගැබට පියඹන්නට හිතයි මට
කොමල තෙපුල වත නිලුපුල ඇඳේ නුරා
එමල නෙලිමි කටු නැත නටු අගෙහි පුරා
අමිල තිලිණයක සොඳුරිය සඳයි සරා
සොඳුරු සිහිනයකි ගෙවෙනා කල දවස
පඳුරු ලලා වැවෙනා සෙනෙයෙහි නිවස
අඳුරු සෙවණැලිත් පලවා හැර සවස
කඳුරු දිය සොයමු නිවනට පෙම් පවස
ලවන් මතෙහි ගලනා ඒ කඳුළු කැට
පවන් සලා පිස ලන්නෙමි දිනෙක හෙට
සවන් පුරා දොඩනා බස් ගැටෙන විට
ගුවන් ගැබට පියඹන්නට හිතයි මට
Wednesday, May 20, 2009
අප
සඳ පහන සේ දිලී හිනැහියන්
මහ වැස්ස ඇද හැලී ගිය සැණින්
කොවුල් නද වී ගීත ගයාපන්
සැඩ සුළඟ නිසල වී ගිය සැණින්
සඳ හිරු තරු කැට නොපෙනෙන වන ගැබ
සිටියාට නොදැණුනා පාළුවක්
ඔබත් මා ළංව ඇති කටුක වූ මනු පුරේ
සොයමි හුරු පුරුදු වූ මාවතක්
ඇළ දොල පාමුල ගැයෙනා කවියකි
අප හද මල් තුල රැඳෙනා සෙනෙහස
කුණාටු සුළඟට මොර ගෙඩි වැස්සට
දිය කළ හැකි වෙද හද රැඳි එ සුවඳ
මහ වැස්ස ඇද හැලී ගිය සැණින්
කොවුල් නද වී ගීත ගයාපන්
සැඩ සුළඟ නිසල වී ගිය සැණින්
සඳ හිරු තරු කැට නොපෙනෙන වන ගැබ
සිටියාට නොදැණුනා පාළුවක්
ඔබත් මා ළංව ඇති කටුක වූ මනු පුරේ
සොයමි හුරු පුරුදු වූ මාවතක්
ඇළ දොල පාමුල ගැයෙනා කවියකි
අප හද මල් තුල රැඳෙනා සෙනෙහස
කුණාටු සුළඟට මොර ගෙඩි වැස්සට
දිය කළ හැකි වෙද හද රැඳි එ සුවඳ
Subscribe to:
Posts (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම පියපතින් එය වසයි - යටත් වනු...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...