පැරණි මල් මුකුලිතයි
අලුත් මල් මන බඳියි
පැරණි මල් වල සුවඳ
එහෙත් අමතක වේද?
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Sunday, June 13, 2010
Thursday, April 8, 2010
කලෙකට පසු
තුන් බියම සැරිසරපු මේ රුදුරු බිම් කඩෙහි
සිනා මල් ඉතිර වූ නුඹ මතක පොකුරු පොදි
තනි කරන් පෙර දිනෙක ගියෙම් මා ඉගිලිලා
ජීවිතේ දුර ඉවුරු දකින්නට තටු සලා
මරු කතර, ගිරි කඳුර අතර තුර පියාඹා
යනෙන කල එක්වන්න පෙරුම් පිරු ඈ සිනා
තුරුළු කර දුර ගෙවා කෙම් බිමක නැවතිලා
එක්වුනා ජීවිතේ දුර යන්ට රිසි නිසා
එක්ව යන ගමන තුල ඉසිබු ලන ඇසිල්ලේ
පැරණි සුවඳක් දැනී සිත හෙමින් සසැල්ලේ
තුන් බියම සරද්දී නුඹ එබිම තනිවෙලා
එන්ට සිතුනත් ඉතින් අහිමියි නුඹ සෑමදා
සිනා මල් ඉතිර වූ නුඹ මතක පොකුරු පොදි
තනි කරන් පෙර දිනෙක ගියෙම් මා ඉගිලිලා
ජීවිතේ දුර ඉවුරු දකින්නට තටු සලා
මරු කතර, ගිරි කඳුර අතර තුර පියාඹා
යනෙන කල එක්වන්න පෙරුම් පිරු ඈ සිනා
තුරුළු කර දුර ගෙවා කෙම් බිමක නැවතිලා
එක්වුනා ජීවිතේ දුර යන්ට රිසි නිසා
එක්ව යන ගමන තුල ඉසිබු ලන ඇසිල්ලේ
පැරණි සුවඳක් දැනී සිත හෙමින් සසැල්ලේ
තුන් බියම සරද්දී නුඹ එබිම තනිවෙලා
එන්ට සිතුනත් ඉතින් අහිමියි නුඹ සෑමදා
Saturday, April 3, 2010
වයර් දිග ආ මිතුරියට
ඔබ ලඟින් ඉඳිමි මම
සිරුරෙන් නොව
පාඨක නමින්
නොදනිමි අප අපව
කළුද සුදු යයි කියා
ලංව අත හදවතින්
රසවින්ද පද වැල් නිසා
යතුරු ලා පරිගණක
පිවිසෙමි මම සැබෑ ලොවට
බලා හිඳී
ඈ මා එනතුරු
උණුසුම් හැඟුමන් සිත දරා
සිතේ තෙරපෙන හැඟුම්
නොනැගීම පද වැලට
මුව කමල මත ඇඳෙයි
අනේ කොතරම් අපූරුද
ලියමි මම ලිපියක්
හදවතේ හැඟුමින්
ඈ දෑස බලා
නොරටක වෙසෙන කිවිඳියව
නැවත හමුවේ පසු දිනක
වයර් දිග ආදරය
කෙලෙස එවමිද ඉතින
වයර් තුල ඉපිද එන,
වයර් තුල සැරිසරන
වයර් තුල මිය ඇදෙන
ලොවක් කුමකට ඉතින
සිරුරෙන් නොව
පාඨක නමින්
නොදනිමි අප අපව
කළුද සුදු යයි කියා
ලංව අත හදවතින්
රසවින්ද පද වැල් නිසා
යතුරු ලා පරිගණක
පිවිසෙමි මම සැබෑ ලොවට
බලා හිඳී
ඈ මා එනතුරු
උණුසුම් හැඟුමන් සිත දරා
සිතේ තෙරපෙන හැඟුම්
නොනැගීම පද වැලට
මුව කමල මත ඇඳෙයි
අනේ කොතරම් අපූරුද
ලියමි මම ලිපියක්
හදවතේ හැඟුමින්
ඈ දෑස බලා
නොරටක වෙසෙන කිවිඳියව
නැවත හමුවේ පසු දිනක
වයර් දිග ආදරය
කෙලෙස එවමිද ඉතින
වයර් තුල ඉපිද එන,
වයර් තුල සැරිසරන
වයර් තුල මිය ඇදෙන
ලොවක් කුමකට ඉතින
Tuesday, December 22, 2009
සමු ගත් පෙම්වතිය
මගේ ජීවිතයට එකම එළිය වූයේ නුඹමය. මනු දම් නොහඳුනනා ලෝකයක මනු දමෙහි අරුම කියා දුන්නේත් නුඹමය. හදවතේ ගඹුරුම තැන දක්වා ගමන් කර කිසිවෙකුට හැඳිනිය නොහැකි වූ මා හඳුනා ගත්තේත් ඔබමය. මගේ දිවියට කඳුළත්, අඳුරත්, පාළුවත්, ඉතිරි කර සැඟව ගියෙත් නුඹමය.
කෙත් වතු අතරින් මීදුම නැගිලා
තුෂාර බිඳු මත හිරු රැස් වැටිලා
දිලිසෙන කොළ පැහැ තණ පත් අතරින්
රුවක් පෙනෙයි නෙතු ඉම ඇඳිලා
සඳ නැති අහසක තනි තරුවක් සේ
නිසල රැයේ අඳුරට මුසු වී
බලා හිඳිනවා වාගෙ දැනෙනවා
තරු නෙතු දල්වා එහා ලොවින්
අඳුරු දිවි ගමන එළිය කරන්නට
දැල්වු පහන රහසෙම නිවුනා
දැල්වී තිබෙනා පහන් ඇතත් අද
මුළු ලොව ගණ අඳුරින් වැසුනා
(1999)
Friday, December 18, 2009
Thursday, September 3, 2009
රතු සඳ මඬල
“පලයන් යන්න . . උඹ අදත් ආව ද?”
ජ්‍යෝතිෂවේදියාගේ සහකරු කාන්තාවකට ගෝරනාඩු කරනු දැකීමි. මමත් මගේ මිත්‍රයාත් ගෙදරට හොර රහසෙන්ම මෙහි පැමිණියේ මගේ මිතුරාගේ වුවමනාවටය. කාර්යාලයේ වැඩ කරන කෙල්ලක සමග හාද වී සිටින ඔහුගේ පෙම් පුවත නිවෙස් වලට හොරා දැන් දෙවසකට වඩා කාලයක් දිව ගොස් ඇත. 21 වන සියවසට අප පා තැබුවද අප මනස් තුල මුල් බැස ගත් ඇතම් මිත්‍යාවන් බැහැර කිරීමට අප අසමත් වීමු. චතුරගේ මව්පියන්ට සිදු වී තිබුනේත් එයමය. කෙන්ද්‍ර නොගැලපෙන විවාහයකට ඔවුන් කොහොමටවත් අකැමැති බව චතුරට කියා ඇත්තේ මීට වසර කිහිපයකටම කලිනි. මා සමග චතුර මේ සිද්ධිය විස්තර කලේ සතියකට පමණ පෙරය. හොරෙන්ම පොරොන්දම් ගලපා බලා ගැන්මට මම ඔහුට යෝජනා කලේ හරි කේන්දරය නොගැලපෙන්නේ නම් හොර එකක් හෝ හදා ගැන්මට එවිට ඉඩ ප්‍රස්තාව ඇති නිසාය. ජ්‍යෝතිෂවේදියාගේ කාර්යාලය ඉදිරිපිට සිටි පුටු වල ඉඳගෙන සිටි අපේ මනෝ දැහැන බිඳ වූ සිද්ධිය කුමක්දැයි බලා ගැන්මට පුටුව රත්කරමින් සිටි අපට ඇති වුයේ බලවත් ආශාවකි. කාර්යාලයේ සහකරුවාට හෙමින්ම කිට්ටු කල අපි ඔහුව කතාවකට ඇද ගත්තේ මේ ගැන දැන ගැන්මටය.
"අයියේ මොකද මෙතන අවුල?"
"ආ මහත්තයා, ඒ පිස්සියෙක් නෙ. හැමදාම කෙන්දරයක් උස්සගෙන මෙහෙ එනවා. ඔය ගෑනි මේ කිට්ටුව තනියෙන්මයි ඉන්නේ"
අපි එකිනෙකා දෙස බැලුවෙමු. පිස්සන් ගැන අසා ඇතත් මෙබඳු පිස්සියක ගැන අප ඇසූ පළමු වතාව මෙය විය.
"අයියේ ඔය පිස්සී ඉන්නේ කොහෙද?" චතුර අසුවේ මා පුදුමයට පත් කරමිනි. හෙමින්ම රුපියල් පනහක් කාර්යාල සහකරුගේ අතේ තැබීමට ඔහු වග බලා ගත්තේය.
"ඔය ඉස්සරහ හන්දියෙන් වමට හැරෙන ගුරු පාරේ කොණේම ගේ. මහත්තුරු පත්තරෙන්ද?"
අපි එසේ බව ඔහුට හඟවා පය ඉක්මන් කලේ මගේ මිතුරාගේ වාරය ලඟා වූ බැවිණි. පොරොන්දම් 20 න් පහක් පමණක් ගැලපෙන නිසා ජෝඩුව ගැලපෙන්නේ නැතැයි ජ්‍යෝතිර්වේදියා අපට සැළ කර සිටියේය. චතුරට දහදියද දමා ඇත. පඬුරු දී අපි හෙමින්ම කාර්යාලයෙන් පල්ලම් බැස්සේ මුහුණු හොඳටම නරක් කරගෙනය.
"අනුෂ්ක, අපි මොකද කරන්නේ මචන්?" චතුර ඇසීය.
"වෙන කරන්න දෙයක් නැහැ අරහෙම කරමු"
"කවුද අපිට ඔහොම කෙන්දරයක් හදලා දෙන්නේ?"
"අපි අර පොරගෙන් අහලා බලමු" මම කීවේ ජ්‍යෝතීර්වේදියාගේ සහයකයා පෙන්වමිනි. අපගේ කතාව අස සිටි සහයකයා රැල් බුරුල් හැර කතාව පටන් ගත්තේය.
"ඔය කේන්දර වලට බොරු කරන එක මහ පාප කරුමයක් මහත්තයෝ. මම නම් ඕවට කැමති නැහැ"
"අපි නිකම් නෙමෙයිනෙ කියන්නේ" මම වොලට්ටුව හරිමින් රුපියල් 500 කොළයක් එලියට අදිනට උත්සාහ කරමින් පැවසීමි. දෙවියන්ගේ මල්ලී දුටු විගස අයියාට තිබූ භක්තිය මල්ලීට ඇතිවීම නිසාදෝ ඔහු වට පිට බැලීය. ඔහුගේ ඇස් කෑදර කමින් දිලිසෙන්නට විය.
"මම හොඳ තැනක් සෙට් කරල දෙන්නම්. හැබැයි ඉතින් ගාණ ටිකක් සැරයි" මම රුපියල් 500 ඔහු අතට දී, "එහෙනම් අපිට අඩුවට කරලා දෙන්නකෝ" යයි පැවසීමි. තවත් ජ්‍යෝතිර්වේදියකුගේ නමක් හා ලිපිනයක් දුම් ඔහු, පියසේන එවුවැයි කියා කියන ලෙස අපට උපදෙස්ද ලබා දුන්නේය. අප එතනින් පිටවූයේ මේ ක්‍රියාව කොයි අතට පෙරළේදැයි දෙගිඩියාවෙනි. මේ ක්‍රියාව ආරංචි වූ දාට මට චතුර ගේ ගෙදර පස් පාගන්නට වත් බැරි වනු ඇත.
"අනුශ්ක, අපි අර පිස්සි බලල එමුද?" චතුර ඇසුවේ හදිසියේමය. "මට ඒකෙ හරි අමුත්තක් තේරෙනවා" පත්තර රස්සාවට කවදක් කැමැත්තෙන් සිටි චතුර කුහුල දනවන සිද්ධීන් වෙත ඇදී ගියේ යකඩයක් කාන්දමකට ඇදී යන්නාක් මෙනි.
මිනිත්තු 20ක පමණ පාගමනින් පසුව අපට පෙර කී පිස්සියගේ නිවස හමු විය. පිස්සියක් යයි කීවාට ඇය පිළිවෙලට හැඳ පැලද සිටියාය. නිවෙස පිරිසිදුව තිබුණත් එය ඉතා පැරණි ගොඩනැගිල්ලක් විය. මුදුන් පලයේ 1906 ලෙස සළකුණු කර ඇත. පිස්සියකට කතා කළ යුත්තේ කෙසේදැයි අපි දෙදෙනාම දැන සිටියේ නැත. නමුත් වයස 40ක් පමණ වු හෙයින් ඇයට "අක්කා" ලෙස අමත්න්නට තීරණය කර ගතිමු.
"අක්කේ අපට වතුර එකක් දෙන්නකෝ" චතුර පැවසුවේ නිවසේ ගේට්ටුව ලඟට පමිනෙමිණි. අවිශ්වාසය දනවන් බැල්මකින් අප දෙස බලා සිටි ඈ මොහොතින් නිවස තුල නොපෙනී ගියාය. ඇය නැවත පමිණියේ වතුර වීදුරු දෙකක් රැගෙනය. පැන් කිසෙන් සප්පායම් වූ අප මුහුණු බලා ගත්තේ කතාව කෙලෙස ඇරඹිය යුතු දැයි අපි නොදන්නා බැවිණි.
"අක්කට මොකද අර පියසේන කාරයා සැර කලේ?" මම ඇසීමි. "මල්ලිලාත් කේන්දර බලන්නද? කේන්දර ගැලපෙන්නේ නැත්නම් මල්ලී පැනලා හරි යන්න. මම වගේ වෙන්නේ නැතුව" අප ඉදිරිපිට පුපුරා ගියේ කුමක්දැයි අප දුටුවේ නැත. නමුත් ඒ ප්‍රකාශයෙන් අප ගල් ගැසි ගියේ එලෙසය.
"මොකද්ද අක්කේ ඒ කතාව?" චතුර ඇසීය. "මගේ නම පද්මිණී. දැන් වයස 42 යි. මිනිස්සු නම් කියන්නේ මට පිස්සු කියල. නමුත් මමත් මීට අවුරුදු 16 කට කලින් ඔය විදියටම පොරොන්දම් බලන්න ගියා" මදක් කතාව නැවැත්වු ඇය නිවෙස තුලට ගොස් ඇල්බමයක් රැගෙන ආවාය. එහි වූයේ එකම ඡායා රූපයක් පමණි. තරමක් කඩවසම් වයස 30ක් පමණ වූ තරුණයකුගෙ රුව එහි විය.
"මේ ගිහාන්. අවුරුදු 16 කට ඉස්සර. මට ඒ දවස හොඳට මතකයි. එදා පූර්ණ ඡන්ද්‍රග්‍රහණයක් තිබුනා. අපි රතු පාට හඳ යට ඉඳගෙන අපේ අනාගතේ ගැන කතා කළා. හඳ රතුපාට උනේ ඇයි කියල මට තාම තේරෙන්නේ නැහැ. එද තමයි අපේ ගෙදරින් කිවුවේ කෙන්දර ගැලපෙන්නේ නැති හින්දා බන්දින්න දෙන්නේ නැහැ කිඅයල්. මම ගෙදරට හරිම කීකරුව හිටි කෙනෙක්. නමුත් මට ගිහාන් නැතුවම බැරි උනා. නමුත් අපේ ගෙදරින් කැමති උනෙ නැහැ" සිහින් ලෙස ඉකි ගසමින් පද්මිණි හඬන්නට පටන් ගත්තාය. වැයමෙන් කඳුලු පිස ගත් ඇය, "මම මල්ලිලාට තේ එකක් ගේන්නම්" කියා නිවෙසට වැදුණාය.
උණු තේ එකක් බොමින් අප දෙකන් අයා සිටියේ ඇගේ කතාවටය.
"ගිහාන් එක්ක පැනලා යන්න මම කැමති උනේ නැහැ. මට එතකොට රස්සවක් තිබුණා. ගිහාන්ටත් එහෙමයි. පැනලා ගිහින් අපට සතුටින් ඉන්න තිබුණා. ඒත් අම්මලා ගැන හිතලා මම එහෙම කලේ නැහැ. කවුරුහරි කේන්දර කාරයෙක් ලව්වා මේ කේන්දර දෙක ගැලපෙනව කියල කියව ගන්නයි මට වුවමනා කළේ. එද ඉඳන් අවුරුදු 16ක් තිස්සේ මම මුළු රටේම කෙන්දර කාරයෝ ගාවට අපේ කෙන්දර කොපි අරගෙන යනවා ඒවා ගැලපෙනවද බලන්න. හැම තැනින්ම කියන්නේ ගැලපෙන්නේ නැහැ කියල. සමහරු මාව එලව ගනන්වා. ඒත් මම කොහොම හරි මේක කරනවා. එදා හඳේ ගෑවිලා තිබුනේ අපේ පපුවල ඇනිච්ච කටු වලින් ආපු ලේ ද මන්ද කියලත් මට හිතෙනවා.”
"දැන් ගිහාන් කොහෙද ඉන්නෙ?" චතුර ඇසීය. "එයත් බැඳලා නැත්ද?"
"එයා කවදාවත් බඳින එකක් නැහැ. එයා එ දැන් නම රත්ගම විජිතවිමල."
"මහණ වෙලා?" මම ඇසීමි.
"හ්ම්ම්" පද්මිණි අක්කා හිස සැලීය.
“මල්ලිලා හිතන්නෙත් මට පිස්සු කියලද?"
අපි මුහුණට මුහුණ බලා ගතිමු.
"නැහැ, අපි එහෙම හිතන්නේ නැහැ. අක්කේ අපි යනවා. අපට බණ්ඩාරගමටම යන්න තියෙනවනෙ." අපි පද්මිණි අක්කාගෙන් සමු ගත්තෙමු.
"මචන් ඒක මාර කතාවක්" චතුර කතා කලේ අපි පිටකොටුවෙන් බසයට නැගි බොරලැස්ගමුවත් පසු කළ විටය."මට ඒ කතාව බොක්කට වැදුණා"
මට කළ හැකි වූයේ හිස සැලීම පමණි. මගේ හිතත් හිරි වැටී ගොස් තිබිණි.
"අපි කොහොම හරි අළුත් කේන්දරයක් හදමු". චතුර කීවේ බණ්ඩාරගමින් බැසීමෙන් පසුවය. මම ඔහුට සුබ පතා අඟුරුවාතොට බසයට නැගුනේ අන්තිම බසය ගැන වැඩි විශ්වාසයක් තැබිය නොහැකි නිසාය. නැත්නම් මට චතුරගේ ගෙදර ගොස් යන්නට ඉඩ තිබිණි. සවස් යාමයේ ගෙදර ගිය විට එදා පෝය දිනයක් බව සිහි වූයේ ගෙදර කිට්ටුව තිබු පන්සලේ බුද්ධ පූජාවට ඝන්ඨාරය ගසනු ඇසීමෙනි.
"මාමා දන්නවද? අද හඳට මොකක්ද වෙනවලු" කුඩා නිම්මි පැමින මගේ ඇඟේ එල්ලුණාය. "අපි එලියට යමු"
"අන්න බලන්න හඳේ පාට!" නිම්මි පැවසු දෙසට මම නෙත් යොමු කළෙමි.
"දෙයියෝ සාක්කි!" මට කියැවිනි. ලේ පාටින් සඳ මඬල වැසී ඇත. පුර සඳේ ආලෝකය කිසි තැනක නොවීය.
"චතුර!"

Friday, August 21, 2009
සඳ මඬල
සඳ මඬල
බලා සිටි
නුඹ මා එක්ව සවුදිය පිරූ
පතුරලා ගී නද
වපුරලා සිනා කැල්මන්
සඳ මඬල
බලා සිටි
ඇගේ අත ගෙන සිප ගත්
ඔලිඳ ගස් හෙවණේ
පෙමින් බැඳි
සඳ මඩල
බලා සිටි
වෙන්ව යනු අපි සැම
ජීවිතේ දොරටු
විවර කර ගෙන
සඳ මඩල
නැත නුඹ අද
තනිව සිටිනා
මේ යාමයේ
මගේ තනියට
බලා සිටි
නුඹ මා එක්ව සවුදිය පිරූ
පතුරලා ගී නද
වපුරලා සිනා කැල්මන්
සඳ මඬල
බලා සිටි
ඇගේ අත ගෙන සිප ගත්
ඔලිඳ ගස් හෙවණේ
පෙමින් බැඳි
සඳ මඩල
බලා සිටි
වෙන්ව යනු අපි සැම
ජීවිතේ දොරටු
විවර කර ගෙන
සඳ මඩල
නැත නුඹ අද
තනිව සිටිනා
මේ යාමයේ
මගේ තනියට
Subscribe to:
Posts (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම පියපතින් එය වසයි - යටත් වනු...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්‍රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...