ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Saturday, April 18, 2015
දුයිෂෙන් එන්නේ නෑ
ඉර හඳ හමුවුණ - පොප්ලර් පාමුල
දහසක් නෙතු වලට හොරා
දෑසින් බැඳි කව් පද
සීත සුළඟේ පාවෙලා
ගල් වෙලා හිම වගේ
චණ්ඩ මාරුතයට අසු වෙලා
විසිවෙලා කඳුළු ඉම දිහා
අල්තීනායි මතකයි මට
බලන් හිටියා නුඹ මේ පොප්ලර් පාමුළ
ඈත අතීතයක් වාගේ දැනෙන
ලඟම ලඟ දවසක
බිඳුණු හිත් ඇති දුයිෂෙන්
වැලපිලා කාලයක්
කඳුළු අහවර කරන්
තැපල් මල්ල අත දරා
වියළි හදකින් මං මුළා වෙලා
හිත් බිඳුණු දුයිෂෙන්
ආයේ එන්නේ නෑ අල්තීනායි
පොප්ලර් පාමුළ - ගිණි හීතලේ
නෙතින් නෙත හමුවෙන්න
දුයිෂෙන් එන්නේ නෑ ආයෙත් . . .
Subscribe to:
Post Comments (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන් කඳුළු බිදක් තුළ සිර කර ලන්නට හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ අප නොම හමු වේවා විදුලි මිණි පහන් සමහල් පහයන් පුරවර දන ප...

කවිය නම් අගෙයි..... ''පන්ති නැති ඉස්කෝලේ ඉදලා - ජීවිතේ ගැන ඒපා ටියුෂන්'' කියලා අලුත් ම සින්දුවක් තියෙනවා ගුරු ගීතය ගැන කියැවෙන.. හරිම අගෙයි මේක ඒක විදිහක ජීවිත කතාවක්
ReplyDeleteඒක අදයි ඇහුවේ....පට්ට මචං.
Deleteපට්ට....නියමයි...
ReplyDeleteඅලුත් පරංපරාව දුයිෂෙන්ල අල්තීනායිල අදුනන්නෙ නෑ. පවෙල් ගැන අහලවත් නෑ මෙහෙම දෙයක් දකින්නත් සතුටුයි.
ReplyDeleteමා තරුණයෙක් නම් නොවෙයි. අපේ පරපුර ගුරු ගීතය ගැන දැන සිටියා.
Delete