Thursday, April 8, 2010

කලෙකට පසු

තුන් බියම සැරිසරපු මේ රුදුරු බිම් කඩෙහි
සිනා මල් ඉතිර වූ නුඹ මතක පොකුරු පොදි
තනි කරන් පෙර දිනෙක ගියෙම් මා ඉගිලිලා
ජීවිතේ දුර ඉවුරු දකින්නට තටු සලා

මරු කතර, ගිරි කඳුර අතර තුර පියාඹා
යනෙන කල එක්වන්න පෙරුම් පිරු ඈ සිනා
තුරුළු කර දුර ගෙවා කෙම් බිමක නැවතිලා
එක්වුනා ජීවිතේ දුර යන්ට රිසි නිසා

එක්ව යන ගමන තුල ඉසිබු ලන ඇසිල්ලේ
පැරණි සුවඳක් දැනී සිත හෙමින් සසැල්ලේ
තුන් බියම සරද්දී නුඹ එබිම තනිවෙලා
එන්ට සිතුනත් ඉතින් අහිමියි නුඹ සෑමදා

Saturday, April 3, 2010

වයර් දිග ආ මිතුරියට

ඔබ ලඟින් ඉඳිමි මම
සිරුරෙන් නොව
පාඨක නමින්
නොදනිමි අප අපව
කළුද සුදු යයි කියා
ලංව අත හදවතින්
රසවින්ද පද වැල් නිසා

යතුරු ලා පරිගණක
පිවිසෙමි මම සැබෑ ලොවට
බලා හිඳී
ඈ මා එනතුරු
උණුසුම් හැඟුමන් සිත දරා

සිතේ තෙරපෙන හැඟුම්
නොනැගීම පද වැලට
මුව කමල මත ඇඳෙයි
අනේ කොතරම් අපූරුද
ලියමි මම ලිපියක්
හදවතේ හැඟුමින්
ඈ දෑස බලා

නොරටක වෙසෙන කිවිඳියව
නැවත හමුවේ පසු දිනක
වයර් දිග ආදරය
කෙලෙස එවමිද ඉතින
වයර් තුල ඉපිද එන,
වයර් තුල සැරිසරන
වයර් තුල මිය ඇදෙන
ලොවක් කුමකට ඉතින

රාජාලිය

 රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...