Thursday, October 18, 2012

අතරමං වූ කවිය


කවක් ඇත හදවත කොණක 
පිට වනු නොහැකිව
හදවතේ ගැඹුරුම තැනක
තිබුණු එළියෙන් මග සොයා
පිටවන්නට හැදුව
නිවී ගොස් ඒ එළිය
ගණඳුරුයි හදවතම
අතරමං වෙලා ඇත
ඒ කවිය හද කොණක


මග සොයනු වෙර දරයි
මහ වැරින් තඩි බායි 
උරෝස්ථියෙන් කපාලයට 
උඩ පනිමින්
ඉතින් සොඳුර,
ගෙන සැතක් විගහින්
එළියට ගනින් ඒ කවිය
මා සමග මිය යන්ට පළමුව
දැඩි වේවි ඒ කවිය
නුඹ ළඟම හැමදාම
හදවතේ සිරව ගිය
කවට මව් නුඹ බැවින

1 comment:

  1. //දැඩි වේවි ඒ කවිය
    නුඹ ළඟම හැමදාම
    හදවතේ සිරව ගිය
    කවට මව් නුඹ බැවින//
    මේ වචන ටිකට හිත ගියා..
    ලස්සනයි..

    ReplyDelete

කවිඳිය හා කවිය

මල් මුතු දමක් සේ ගැලපෙන සුමුද වදන් පත් ඉරුවක ලියා කවියක හැඩය අරන් එළිවැට එළි සමය දෙපසින් එකට අරන් පද වැල් ගොතා ඇත රස හව් තුරුලු කරන් සක්කා ප...